එසැණ පුවත්

බොට්ස්වානා අධිකරණය සමරිසිභාවය නිර්සාපරාධීකරණය කරයි!

දකුණු අප්‍රිකාවේ බොට්ස්වානා මහ අධිකරණය අද (11) දින සමරිසිභාවය නිර්සාපරාධීකරණය කරන ලදී.

මේ අනුව, ගතවූ සතියක කාලයක් ඇතුලත සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ දෙවන රට බවට ‍බොට්ස්වානා පත්වෙයි.

බොට්ස්වානාහි අගනගරය ගැබරෝන් හි මහ අධිකරණය ඒකමතික තීන්දුවක් ලබා දෙමින් අද දින ප්‍රකාශ කර සිටියේ එරට දණ්ඩ නීති සංග්‍රහයේ 164 හා 167 වගන්ති වලට අනුව ‘අස්වාභාවික ලිංගික හැසිරීම්’ යැයි වර්ගීකරණය කර ඇති සමරිසි සබඳතා ව්‍යවස්ථා විරෝධී බවය.  

එරට දණ්ඩ නීති සංග්‍රහයේ ඉහත වගන්ති අනුව පුද්ගලයකු වසර 7 ක කාලයක් දක්වා සිරගත කිරීමේ බලය පැවතිණි.

එරට එල්එම් යන අන්වර්ත නාමයෙන් පෙනී සිටි සමරිසි පුද්ගලයකු අධිකරණය ඉදිරියේ දණ්ඩ නීති සංග්‍රහයේ ඉහත වගන්ති වලට විරුද්ධව ගොනුකළ පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් මෙම තීන්දුව ලබා දී ඇත.

බොට්ස්වානා අධිකරණය පෙත්සම් විභාග කටයුතු අතරවාරයේදී එරට ප්‍රධාන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී ප්‍රජා (LGBTIQ) මානව හිමිකම් සංවිධානය වන ලෙගාබිබෝ යනු අධිකරණයට මිතුරකු බවට පිළිගෙන ඇත.

එරට LGBTIQ ප්‍රජාව හා මානව හිමිකම් ක්‍රියාකාරීන් උසාවිය තුළ එක්රැස් වී සිටියේ ටෙෆා, ලෙබුරු හා ඩුබේ යන විනිසරුවරුන් විසින් තීන්දුව ලබා දෙන තුරුය.

ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය, සහකරුවකු සොයා ගැනීම හා ඔවුන් සමඟ එකට ජීවත් වීම හා ලිංගිකත්වය යනු මූලික මානව අයිතිවාසිකමක් බවය.

“ලිංගික දිශානතිය යනු විලාසිතා මාදිලියක් නොවේ. එය පුද්ගලයකුගේ පෞරෂත්වයේ වැදගත් අංගයකි. සියළු මිනිසුන් ස්වයංසාධකව තම ලිංගිකත්වය ප්‍රකාශ කිරීමේ අයිතිය සඳහා බැඳී පවතී,” විනිසුරු ලෙබුරු ප්‍රකාශ කොට සිටියේය.

ඒ අනුව, බොට්ස්වානා ත්‍රිපුද්ගල මහ අධිකරණය විසින් ඒකමතිකව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 164 හා 165 තුළින් වෙනස්කොට සැලකීම් හැඟවෙන බව පිළිගන්නා ලදී.

“මෙබඳු පෙත්සමකදී ජනමත විමසුම ද වැදගත්, නමුත් තීන්දුවක් ලබා දීම සඳහා එය අදාල නොවේ. මෙය මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවක් මිස මහජන නීතියට අදාල කරුණක් නොවේ,” ලෙබුරු ප්‍රකාශ කර සිටියේය.

“මහජනතාවට සමරිසි ක්‍රියා සාපරාධී කිරීමේ අවශ්‍යතාවක් නැහැ, එවන් නීතියක් පවතින්නේ කාට යහපතක් ඉටු කිරීමටද? සමරිසි සබඳතාවකින් වින්දිතයකු බිහිවන්නේ නැහැ,” ලෙබුරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ අයුරින්ම බොට්ස්වානා රාජ්‍යය 2016 දී ද LGBTIQ මානව හිමිකම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කළේය. එනම්, ලෙගාබිබෝ මානව හිමිකම් සංවිධානය සියළු LGBTIQ මානව හිමිකම් සංවිධාන රජය යටතේ ලියාපදිංචි කිරීමේ අයිතිය දිනා ගැනීමයි.

එම වර්ෂයේ අගභාගයේදී, එරට කතෝලික පල්ලියක් විවෘත කිරීමට තැත්කළ සමරිසි විරෝධී පාලකයකු වන ස්ටීවන් ඇන්ඩර්සන් ද තනතුරෙන් නෙරපා හැරීමට කටයුතු සිදුවන ලදී.

2017 වර්ෂයේ දෙසැම්බර් මසදී, බොට්ස්වානා හි සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වන ෂෙපො රිකි ගොසිතාවු තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කාන්තාවක් ලෙසට නීතිය ඉදිරියේ හඳුනා ගැනීම සම්බන්ධ නඩුවක් ජයග්‍රහණය කරන ලදී. එමෙන්ම, ඊට මාස කිහිපයකට පෙර, සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයකු වසර 10 ක නෛතික අරගලයකට පසු තම ලියකියවිලි වල තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පුරුෂ යනුවෙන් ඇතුලත් කර ගැනීමට සමත් විය.

ගතවූ සතියක කාලය තුළ, සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ දෙවන රාජ්‍යය බවට බොට්ස්වානා පත්වෙයි. මීට දින කිහිපයකට පෙර භූතානයේ ද සමරිසිභාවය නිර්සාපරාධීකරණය විය යුතු බවට එරට පාර්ලිමේන්තුව පිළිගන්නා ලදී.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

5 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

5 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

19 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

23 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago