අනාචාරය සහ සමකාමී ලිංගික හැසිරීම් දක්වන්නන් හට දරුණු ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව බෘෘනායි රාජ්‍යය මුලින්ම පැවසුවේ 2013 වසරේදී ය. එය අන්තර්ජාතික මානව හිමිකම් සුරකින්නන් සහ ශිෂ්ට ලෝකයේ මහත් විවේචනයට ලක් විය. බෙවර්ලි හිල්ස් වැනි විදේශීය ධනවතුන් පවා බෘෘනායි රාජ්‍යය සිය ආයෝජනවලින් වර්ජනය කිරීම දක්වා එය දුරදිග ගියේය.
නමුත් දැන් බෘෘනායි හි නීතිපතිවරයා විසින් කසය අතට ගෙන තිබේ. දණ්ඩනය ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
බෘෘනායි හි දණ්ඩ නීති සංග්‍රහය අතිශය සදෝෂී ය. මානව හිමිකම් උල්ලංඝනය කරන ප්‍රතිපාදන එහි අති බහුල ය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ පර්යේෂිකාවක වන රේෂල් චාවෝ-හොවාඩ් මෙසේ පවසයි. ‘‘කෘෘර, අමානුෂික, අවමන් සහගත දණ්ඩන පැනවීම මෙන්ම එමගින් ප්රකාශනයේ නිදහස හා ආගම්, විශ්වාසයන් ඇදහීමේ නිදහසත් පැහැදිලිවම සීමා කරනවා. ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන්ට එරෙහි ව වෙනස්කොට සැලකීම් එමගින් නීති සංග්‍රහයක් බවට පත් කර තිබෙනවා..“
ලංකාව මෙන්ම බෘෘනායි රජයේ නීති පොත්වල ද මරණ දණ්ඩනය ගැන සඳහන් වේ. නමුත් එය මෙතෙක් සීමා වී තිබුණේ පොතට පමණි. බෘෘනායි රාජ්‍යයේ මෙතෙක් මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත.
ලංකාවේ මෙන්ම බෘෘනායි හි ද සමරිසි සේවනය නීතියෙන් තහනම් ය. එය නීතියට අනුව අපරාධ වරදකි. බෘෘනායි දණ්ඩ නීතියට අනුව සමරිසි සේවනයේ යෙදී හසුවුවහොත් වසර 10 ක සිරදඬුවම් හිමි වේ. නමුත් අලුත් නීතියෙන් මෙයට කස පහර සහ ගල් ගසා මැරීම ද එක් කර තිබේ.
වැඩිහිටියන් අතර ස්ව කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවන් ද මේ යටතට අයත් ය.
සොරකම සඳහා අත් හෝ පාද කපා දැමීම ද අලුත් නීතිය මගින් බලාත්මක කර ඇත.
බෘෘනායි රාජ්‍යය තුළ දැනටමත් සිකුරාදා දිනවල යාඥා නොකිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි. විවාහ නොවී දරුවන් වැදීම ද සිරගත වීමට ප්‍රමාණවත් ය.
බෝනියෝ හි දූපතක් වන කුඩා බෘෘනායි රාජ්‍යයේ ජීවත් වන්නේ 430,000 ක ජනගහනයක් පමණි. එය කුඩා දූපතකි. එහි රජකම් කරන්නේ කලක් ලොව ධනවත්ම මිනිසා වශයෙන් සැලකුණු බෘෘනායි හි සුල්තාන් වරයා ය. ඔහුගේ නම හස්සානාල් බෝල්කියා (Hassanal Bolkiah) ය.ඔහු සම්ප්‍රදායික දැඩි මතධාරී මුස්ලිම් බැතිමතෙකි. ඔහුගේ දර්ශනයට අනුව රටවැසියන් සාපේක්ෂව මධ්‍යස්ථ සැප සම්පත් විඳිය යුුතුය. නමුත් ඔහු ජීවත් වන්නේ කාමර 1,788 කින් යුත් මාළිගයක ය. තෙල් සම්පතින් ආඩ්‍ය බෘෘනායි හිදී ඔහුගේ වත්කම ඩොලර් බිලියන ගණනක් යැයි සැලකේ.
නමුත් අප්‍රේල් 3 වැනිදා පටන් ක්‍රියාත්මක වන සමරිසියන්ට ගල් ගසා මරන අලුත්ම නීතිය මගින් බෘෘනායි රාජ්‍යය අපට පසක් කර දෙන්නේ කුමක්ද? බෘෘනායි රාජ්‍යය යනු ලෝක සිතියම තුළ ‘කුඩා මිනිසෙකු‘ විසින් පාලනය කරනු ලබන ‘කුඩා රටක්‘ බව ය.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…