ෆොම් පෙන් වරායෙන් මේවා අල්ලාගත්තේ, කාම්බෝජයේ පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් ඔත්තුවක් අනුව වීම ද විශේෂත්වයකි.
මේවා කාම්බෝජයට එවා තිබෙන්නේ මොසැම්බික් රාජ්‍යයේ සිට ය. කාම්බෝජයේ ෆොම්පෙන් වරාය, අප්‍රිකානු ඇතුන්ගේ දළ ජාවාරම් කිරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මෙය, ඩොලර් බිලියන ගණනක මහා ජාවාරමකි.
මෙම ඇත්දළ තිරුවානා ගල් කන්ටේනරයක් තුළ සඟවා, කන්ටේනරය කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි වරායේ අතහැර තිබූ බව ද වාර්තා වේ. එසේම මෙම ඇත්දළ තොගය, පසුගිය වසරේදී එවා තිබීමත් විශේෂත්වයකි.
මෙම බහාලුම යම්කිසි පුද්ගලයෙකුගේ නමට එවා තිබූ අතර, එම පුද්ගලයා එය භාරගැනීමට වරායට පැමිණ තිබුණේ නැත.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අසල්වැසි තායිලන්තය නීතිවිරෝධී ඇත් දළ ජාවාරම දරුණු ලෙස මර්දනය කරමින් සිටින නිසා, කාම්බෝජය වෙත ඇත් දළ ජාවාරම්කරුවන්ගේ ඇස යොමු වී ඇති බවයි. කාම්බෝජය තුළ දුර්වල නීති සහ දූෂණය අධික වීම හේතුවෙන් මෙවැනි අය නීතියේ රැහැනට හසු වන්නේ මද වශයෙනි. මේ අතර චීනය සහ වියට්නාමය තුළ, කාම්බෝජය හරහා ගෙන්වන ඇත්දළ සඳහා අති දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබේ.
කුඩා ඇත් ගහණයක් ජීවත් වන රටක් වන කාම්බෝජය, මේ අන්දමින් ඇත් දළ ජාවාරම සඳහා තෝතැන්නක් බවට පත්වීම සිදුව තිබෙන්නේ ගතවූ වසර 5 ක කාලය තුළ බව ද වාර්තා වේ.
මීට පෙර 2014 වසරේදී ද මෙවැනිම ටොන් 3 ක ඇත්දළ තොගයක් කාම්බෝජ රේගුව විසින් සොයාගැනුණි. එවර එය සඟවා තිබුණේ බෝංචි කන්ටේනරයක් තුළ ය.
මේ අතර පසුගිය වසරේදී එරටින් හමු වූ ලී කොට පිරවූ කන්ටේනරයක් පරීක්ෂා කරද්දී හෙළිවූයේ , එම ලී කොටවල ඇතුළත කුහරයක් සාදා එම කුහරය තුළ ඇත් දළ සඟවා ඇති බව ය. එම කන්ටේනරය ද අත්හැර දමා තිබූ එකකි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…