ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.
ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.
මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ට්‍රා සෙනිකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.
විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.
AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.
මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.
මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.
කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.
මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.
වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.
දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.
මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…