එසැණ පුවත්

ඉන්දියාවේ සඳ ගමන විනාඩි 56 කට පෙර නතර වේ – දෙවන චන්ද්‍රයාන්ගේ ගමනට බාධා

ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳ සිදු කරන මෙහෙයුම් සදහා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය අද (ජූලි 15) අළුයම 2.51ට මුදාහැරීමට කටයුතු යොදා තිබුණත් එම ගමන මිනිත්තු 56 කට පෙර නතර කරනු ලැබීය.

එයට හේතු වී තිබුණේ ඉන්දීය විද්‍යාඥයන් විසින් මුදාහැරීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිරීක්ෂණය කිරීමයි.

කෙසේ නමුත් අදාළ දෝෂය යථා තත්වයට පත් කිරීමෙන් පසු යානය අපේක්ෂිත ගමන බලා යාමට නියමිත බව ද වාර්තා වේ. ඒ අනුව යානය දියත් කරන දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

චන්ද්‍රයාන් 2 සඳ මතට ගොඩබෑම සාර්ථක වුවහොත්, එ් සමගම සඳ මතට පය තැබූ කලාපයේ ප්‍රථමයා බවට පත්වීමට ඉන්දියාවට හැකි වේ.

ඉන්දියාව මුලින්ම සඳ ගමනට උත්සාහ කළේ 2008 වසරේදී ය. ඒ, චන්ද්‍රයාන් 1 සමග ය. නමුත් මෙම යානය සඳෙහි මතුපිට ස්පර්ශ කිරීමට අසමත් විය.එසේ වුවත් රේඩාර් තාක්ෂණය භාවිතා කරමින් මිනිසා විසින් සඳෙහි ඇති ජලය පිළිබඳ එදා මෙදාතුර ලබාගත් ප්‍රථම සවිස්තරාත්මක වාර්තාව ගෙන ඒමට චන්ද්‍රයාන් 1 සමත් විය.

ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ බිහි වූ බලසම්පන්නම අභ්‍යවකාශ රොකට්ටුව වන්නේ චන්ද්‍රයාන් 2 ය. එසේම ඉන්දියානු අජටාකාශ ඒජන්සිය ප්‍රකාශ කරන්නේ එදා මෙදාතුර ඉන්දියාව අත ගැසූ සංකීර්ණම අභ්‍යවකාශ ව්‍යාපෘතිය ද මෙය වන බවයි.

මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව විසින් සිදු කරන දෙවන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙය වෙයි.

අද අළුයම නිසි පරිදි දියත් කළේ නම් චන්ද්‍රයාන් 2 යානය සැප්තැම්බර් 6 වන දින සඳ මතුපිටට ළඟා වීමට සැලසුම් කර තිබිණි.

මේ මගින් සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ අධ්‍යයනය මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත.

ඉන්දියානු ජනපති රාම්නාත් කෝවින්ද් මෙම චන්ද්‍රයාන් 2 යානය මුදා හැරීමේ අවස්ථාවට සහභාගී වීමට නියමිත ව සිටියේය. ඒ අනුව ඔහු මෙවැනි ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් දැක බලා ගත් තෙවන ඉන්දියානු ජනපති බවටද පත් වේ.

මේ සදහා ඉන්දියාව විසින් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1000කි.

පෙර ලිපිය මෙතැනින්

ප්‍රධාන ඡායාරූපය – ISRO

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

7 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

8 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

22 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago