ඉකුත් වසරේ එක්සත් ජනපදයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අනුගාමිකයන් මෙම වසර ජනවාරි 06 වන දින එක්සත් ජනපදයේ ජනපති ලෙස ජෝ බයිඩන් තේරී පත්වීමත් සමඟ වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැඟිල්ල වටකරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අයුරු ඔබට මතක ඇත. එය එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල දරුණු පහරක් ලෙස මෑත ඉතිහාසය තුළ සනිටුහන් වෙයි. එම සිදුවීමෙන් පුද්ගලයින් සතර දෙනෙකු ජීවිතක්ෂයට ද පත්ව තිබිණි.
මෙම මොහොතේ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු වියරු වැටී සිටි ට්‍රම්ප්වාදීන් අතර කැපී පෙනෙන එක් චරිතයක් විය. ඔහු නමින් ජේකොබ් ඇන්තනි චැන්ස්ලි වූ අතර, ඔහු තමා හඳුන්වා ගත්තේ ඛැනොන් ෂාමන් ලෙසය. සාම්ප්‍රදායික ඇමරිකානු ෂාමන්වරයකු සේ වෙස්ගෙන මුහුණ පින්තාරු කරගෙන ඇමරිකානු ධජය රැගත් මුවහත් හීයක් ද සමඟ කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදුනු මෙම ඛැනොන් ෂාමන් නම් පුද්ගලයා මහජන පීඩාව ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අනෙකුත් ට්‍රම්ප්වාදීන් අතර වඩාත් කැපී පෙණිනි.
මීට මාස කිහිපයකට ඉහත දී ඔහු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වූ අතර, එහිදී ඔහු වරදකරු බවට තීන්දු විය. බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දටම මේ වන විට ඛැනොන් ෂාමන් ට මාස 41 ක සිරදඬුවමක් නියම කර තිබේ. වාර්තා වන අන්දමට කැපිටල් හිල් ගොඩනැඟිල්ලට කඩා වැදී නොසන්සුන් ලෙස හැසිරුණු පිරිස අතර වඩාත් දීර්ඝ සිරදඬුවමක් නියමූ පුද්ගලයා ඛැනොන් ෂාමන් ය.
සිර දඬුවමට අමතරව, ඔහුට මාස 36ක අධීක්ෂණ නිදහස් කිරීමේ සිරදඬුවමක් නියම කරන ලද අතර ආපසු ගෙවීම සඳහා ඩොලර් 100 ක මුදලක් ගෙවිය යුතුය.
ට්‍රම්ප්වාදීන් අතර ඛැනොන් ෂාමන් හෙවත් චැන්ස්ලි ප්‍රසිද්ධ වීමට තවත් හේතුවක් තිබිණි. එනම්, චැන්ස්ලි යනු ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ‘රජයේ සේවය කරන සාතන් (යක්ෂයා) අදහන ළමා කාමාතුරයන් ට එරෙහිව’ රහස්‍ය යුද්ධයක් ගෙන යන ‘වීරයකු’ බවට නිර්මාණය වී ඇති මතවාදය පෝෂණය කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකි.
චැන්ස්ලි අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඇමරිකානු එෆ්බීඅයි සංවිධානය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අනෙත් ‘දේශප්‍රේමීන්’ මෙන්ම තමා ද ට්‍රම්ප් ජනපතිවරයා ගේ ඉල්ලීම මත වොෂිංටනයට පැමිණි බවයි.
චැන්ස්ලි හෙවත් ඛැනොන් ෂාමන් ගේ අධිකරණ තීන්දුව නියම වීමට පෙර මාස 11 ක පමණ කාලයක් ඔහු පොලිස් භාරයේ සිටියේය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…