ළමා වියේදී දරුවන් ගොදුරු වන බරපතළ හා සාමාන්‍ය ආසාදන තත්වයන් සහ, පසුකාලීනව ඔවුන් ලක්වන මානසික තත්වයන් පර්යේෂණයට ලක් කරමින් සිදුකළ විශාල පර්යේෂණ වාර්තාවකින් මෙම නිගමනයට එළඹී තිබේ.
පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ඩෙන්මාර්කයේ 1995 සිට 2012 දක්වා උපත ලැබූ මිලියනක ජනගහනයකි. එහිදී ඔවුන් සොයාගත්තේ, රෝහල් ගත කිරීමට තරම් ප්‍රබල ආසාදන වලට ළමාවියේදී ලක්වූවන්, පසුකාලීනව විවිධ මානසික සංකූලතාවන්ට ගොදුරු වීමේ විශාල අවකාශයක් පවතින බවයි. එවැනි අය අතරින් 84% ක් දෙනාට මානසික ආබාධ ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති අතර, එයින් හරි අඩකටම එනම් 42%කටම ඖෂධ හෝ චිකිත්සා ප්‍රතිකාර ලබාගත යුතු තත්වයක් පසුකාලීනව ඇති වී තිබේ.
එවැනි ආබාධ හෝ අශක්නුතා අතරට භින්නෝන්මාදය ( schizophrenia) සහ ඔටිසම් ද අයත් වේ. එසේම පෞරුෂ හා හැසිරීමේ ගැටළු ඇතිකරවන OCD හා ADD තත්ව ඇතිවීම සඳහා ද ළමා/බිළිඳු වියේදී ලක්වන රෝගාබාධ හේතු වන බව මේ ඇසුරෙන් වෛද්‍ය ලෝකය නිගමනය කරයි. විශේෂයෙන්ම ග්‍රස්ථිය යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන obsessive-compulsive disorder හෙවත් OCD ඇතිවීමේ වැඩි ඉඩකඩක් මේ නිසා ඇති වන බව පර්යේෂකයෝ පවසති.
‘‘මේ සියල්ලෙන්ම අපට ලබාදෙන පොදු පණිවුඩය වන්නේ ශරීරය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ආසාදන, ආසාත්මිකතා සහ මොළය අතර පවතින දැඩි හා සමීප සම්බන්ධතාවයයි‘‘ යනුවෙන් ද පර්යේෂකයෝ පවසති.
එතරම් දරුණු නොවූ ආසාදනවලට ළමා වියේදී/බිළිඳු වියේදී ලක්වූවන් මේ තත්වයට ගොදුරු වීමට ඉඩ පවතින්නේ 40% සිට 42% දක්වා අගයකිනි.
මෙම පර්යේෂණයේ සොයාගැනීම් මේ වන විට JAMA Psychiatry ජර්නලයේ පළ කර ඇත. පර්යේෂණය සිදුකර තිබෙන්නේ ඩෙන්මාර්කයේ Aarhus සරසවියේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයන් විසිනි.
ප්‍රතිකාර කළ ආසාදන තත්වයක්, ළමා වියේදී සහ යොවුන් සමයේදී මානසික සංකූලතාවයන් ඇති කරන බව හෙළි කළ ලෝකයේ පළමු විද්‍යාත්මක පර්යේෂණය ලෙසට මෙය සැලකේ.
මූලාශ්‍රය – JAMA Psychiatry
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…