ඇමරිකානු හමුදාව ඇෆග්නිස්ථානයෙන් ඉවත් වීම ආරම්භ වූ පසු චීනය තලෙයිබාන් සංවිධානය සමග නිල නොලත් සබඳතා පවත්වාගෙන ගිය බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබිණි.
කිලෝමීටර 76 ක් හෙවත් සැතපුම් 47 ක් දිගට විහිදෙන දේශසීමාවක් චීනය, ඇෆ්ගනිස්ථානය සමග බෙදා ගනියි. මේ අතරින් චීනය දැඩි වෙනස්කම්වලට ලක් කරන උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන ෂින්ජියැන්ග් පළාත ද පිහිටා තිබෙන්නේ මෙම දේශසීමාව ආශ්‍රිතව ය. උයිගුර් සුළුතරයේ නැගී සිටීමකට ඇෆ්ගනිස්ථානය උදව් කරනු ඇතැයි චීනය තුළ යම් කිසි බියක් තිබූ බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
නමුත්, පසුගිය මාසයේ ඉහළ පෙළේ තලෙයිබාන් නියෝජිත කණ්ඩායමක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ව තියැන්ජින් හිදී හමුවී තිබේ. එහිදී ඔවුන් පවසා තිබෙන්නේ ඇෆ්ගනිසථානය මිලිටරි කටයුතු සඳහා චීන භූමිය භාවිතා කිරීමේ අදහසක් නැති බව ය.
තලෙයිබානය තමන් සමග හොඳ හිත පවත්වාගෙන යාමට හිලව්ව වශයෙන්, ඇෆ්ගනිස්ථානය නැවත නගා සිටුවීමේ කටයුතුවලට සහාය ලබාදීම සහ ආර්ථික සහයෝගය ලබාදීමට චීනය එකඟ වී තිබේ.
කාබුල් අගනුවර ඇද වැටී ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් බලය තහවුුරු වීමත් සමග චීනය කියා තිබෙන්නේ,
‘‘සබඳතා තහවුරු කර ගැනීම සඳහා ලැබුණු මෙම අවස්ථාව සාදරයෙන් පිළිගන්නවා‘‘
යනුවෙනි.
ඇෆ්ගන් ජනතාවට සිය ඉරණම තීරණය කිරීමේ ස්වාධීන අයිතියක් ඇතැයි ද චීනය කියා තිබේ.
කෙසේ නමුත් මේ සියලු චීන ඩීල් පිටුපස තිබෙන්නේ සියවස් ගණනාවක් මුළුල්ලේ සේද මාවතේ කොටසක් වශයෙන් පැවති ඇෆ්ගනිස්ථානයේ භූ දේශපාලනික වැදගත්කම බව නොහරසකි. ඇෆ්ගනිස්ථානය දිනාගතහොත් චීනය කලාපීය භූ දේශපාලනය තුළ තව තවත් බලවත් වනු ඇත.
මූලාශ්‍රය – AFP
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…