මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සීනෝවාක් බයෝටෙක් හි කොවිඩ් -19 එන්නත ආනයනය කිරීමත් සමග එහි කාර්යක්ෂමතාවය පිළිබද ගැටලු මතුවන්නට පටන්ගෙන ඇත.
අවසාන අදියර සායනික අත්හදා බැලීම්වල සොයාගැනීම් සමාලෝචනය කිරීමෙන් පසුව, සීනෝවාක් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් කොරෝනා එන්නතහි ඵලදායීතාවය පිළිබඳ කලින් ඇස්තමේන්තු සංශෝධනය කිරීම සඳහා ඉන්දුනීසියාව බ්‍රසීලයට එක්ව ඇත.
අත්හදා බැලීම්වල පාර්ශවකරුවෙකු වන ඉන්දුනීසියාවේ රජයට අයත් ඖෂධ නිෂ්පාදකයකු වන බයෝ ෆාමා පසුගිය දෙසැම්බරයේ කියා සිටියේ එහි පළමු තොග මාත්‍රාව මිලියන 1.2 ක් ලබා දීමේදී කොරෝනාවැක් එන්නත 97% තරම් ඵලදායී විය.
චීන ඖෂධයේ ඉහළ කාර්යක්ෂමතා ප්‍රතිශතය පිළිබඳව ප්‍රශ්න මතු වූ විට, සීනෝවාක් සදහන් කර ඇත්තේ අත්හදා බැලීම් වලට සහභාගිවන්නන් අතර දක්නට ලැබෙන සේරම් ප්‍රතිදේහවල ධනාත්මක පරිවර්තන ප්‍රතිශතය මෙම සංඛ්‍යාවෙන් සඳහන් වන බවයි.
ජනවාරි 11 වන දින, අවදානම් සහිත කණ්ඩායම් සඳහා සිනොවාක් එන්නත හදිසි භාවිතය සඳහා නිර්දේශ වීම පිළිබදව කොළ එළියක් රජය විසින් ලබා දුන් අතර, ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධිකාරිය 65.3% ක කාර්යක්ෂමතා ප්‍රතිශතය හෙළි කළ අතර, එම ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ ස්වේච්ඡා සේවකයන් 1,620 ක් සම්බන්ධ කර ගනිමින් බන්දුං හි සිදුකළ අත්හදා බැලීම් වලට අනුවය.
ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සියේ ප්‍රධානී පෙනි ලුකිටෝ පැවසුවේ, මූලික දේශීය අත්හදා බැලීමේ දත්ත මෙන්ම බ්‍රසීලයේ සහ තුර්කියේ සිට බලධාරීන් විසින් සමාලෝචනය කිරීමෙන් පසුව හදිසි භාවිතය සඳහා සිනොවාක්හී කොරෝනාවැක් සුදුසු බව තීරණය කර ඇති බවයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය රටපුරා එන්නත් කිරීමේ මෙහෙයුමේ කොටසක් ලෙස සිනොවාක් විසින් නිපදවන ලද එන්නත මාත්‍රාවක් ලබා ගත්තේ මිනිසුන්ව තවත් ඒ වෙනුවෙන් පෙළඹවීම සඳහා ය.
පිලිපීනය, සිංගප්පූරුව, හොංකොං, මැකාවු, යුක්රේනය, බොලිවියාව ඇතුළු රටවල් සහ කලාප ගණනාවක් සීනෝවාක් සමඟ ගිවිසුම් අත්සන් කර එන්නත් මාත්‍රාවන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.
ෂැංහයි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ හුආෂාන් රෝහලේ හාවඩ් අධ්‍යාපනය ලැබූ බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හෝං වාර්තාකරුවන්ට පවසා ඇත්තේ කොරෝනාවැක්හි කාර්යක්ෂමතා අනුපාත විවිධ මහද්වීපවල අත්හදා බැලීම් වලදී විවිධ අගයන් පෙන්විය හැකි බවයි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…