කාලීන

අද දවසේ ලෝකයේ කොරෝනා සිතියම – Update – 22.03.2020

අප්‍රේල් 3 දා වන තෙක් ඉතාලිය ලොක් ඩවුන්

ඊයේ දිනය තුළ මිය ගිය ඉතාලි ජාතිකයන් ගණන ඇතැම් මාධ්‍ය වාර්තාවට අනුව 700-900 අතර ප්‍රමාණයක් වන විට ඉතාලිය අත්‍යාවශ්‍ය කටයුතු හැර සියලුම දේවල් ලොක් ඩවුන් කළ රටක් බවට පත්ව තිබේ. මෙම අවහිර කිරීම අප්‍රේල් 3 දා වන තෙක් ක්‍රියාත්මක වීමට නියමිත ය.

අගමැති ගියුසෙපෙ කොන්ටේ (Giuseppe Conte) මේ බව සඳහන් කරන්නේ ෆේස්බුක් වීඩියෝවක් මගිනි.

මැලේසියාවේ රෝගීන් 840 ක් වාර්තා වුණේ පල්ලියක යාඥා මෙහෙයකින්!

මැලේසියාවේ යාඥා මෙහෙයක් සඳහා සහභාගි වූ අතිවිශාල ජනකායක් අතරින් මැලේසියාව තුළ කොරෝනා ‘ක්ලස්ටර් ඉෆෙක්ට්‘ එක නිර්මාණය වූ බව සනාථ වේ.

මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වන රෝගීන් 1,183 අතරින් 60%ක් සුපරික්ෂාවට ලක් කෙරෙන්නේ දින 4 ක විශේෂ කාලපරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.

ඉක්වදෝර සෞඛ්‍ය ඇමති කොරෝනා නිසා ඉල්ලා අස්වෙයි.

ඉක්වදෝර සෞඛ්‍ය ඇමතිවරයා ඊයේ දිනයේ ඉල්ලා අස්වූයේ, එරට තහවුරු කර ගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වීමත් සමග ය. මරණ ගණන 7 කි.

මෙම ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු ජුවාන් කාලෝස් සෙවාලෝස් නමැති විශ්ව විද්‍යාල කථිකාචාර්යවරිය සහ වෛද්‍යවරිය සෞඛ්‍ය ඇමතිනිය ලෙස පත් කර තිබේ.

ඉක්වදෝරයේ කම්කරු අමාත්‍යවරයා ද ඉල්ලා අස්වීමට නියමිත ය.

ගාසා තීරයේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

ගාසා තීරයට කොරෝනා පැතිරී තිබේ. පළමු රෝගීන් දෙදෙනා ගැන මේ අනුව වාර්තා වේ.

ඔවුන් දෙදෙනාම පාකිස්ථානයේ සිට මෑතකදී ගාසා තීරයට පැමිණිවුන් ය.

නිරිතදිග ජපානයේ නැවතත් වසංගතය හිස ඔසවයි

ජපානයේ නිරිත දිග ප්‍ර දේශයෙන් නැවතත් පොකුරු ආචරණය නොහොත් ක්ලස්ටර් ඉෆෙක්ට් එක ඇති වී තිබේ. මෙයට මුල් වී තිබෙන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයකි.

ඔයිටා නමැති වෛද්‍ය මධ්‍යස්ථානයේ වයස විසි ගණන්වල පසුවන හෙදියක් සහ වයස පණස් ගණන්වල පසුවන හෙදියක් රෝගී වී ඇති අතර, රෝගී තත්වයට පත් වූ මුළු සංඛ්‍යාව 14 කි. කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීන් 600 දෙනෙක් මේ වන විට දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබේ.

ජපානයේ මේ වන විට කොරෝනා රෝගීන් 1055 ක් හඳුනාගෙන ඇත.

ඇමරිකානු උප ජනපති පෙන්ස් කොරෝනා පරීක්ෂාවට ලක් වෙයි.

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ඔහුගේ බිරිඳ ද සමග කොරෝනා පරීක්ෂාවට ලක් වූයේ උප ජනාධිපති කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමග ය.

කෙසේ නමුත් මේ දෙදෙනාම නෙගටිව් බව සනාථ කර තිබේ.

සිංගප්පූරුවේ කොරෝනාවලින් 80%ක් ආවේ පිටරටින්

සිංගප්පූරුවේ තහවුරු වී ඇති කොරෝනා රෝගීන් අතරින් 80%ක්ම සංචාරකයන් හේතුවෙන් ඇති වී තිබෙන බව හෙළිවීමත් සමග කෙටි කාලීන සංචාර සහ ට්‍රාන්සිට් මගීන් රටට භාර නොගැනීමට තීරණය කර තිබේ.

උතුරු කොරියාව තවමත් ‘නෑ‘ කියයි

උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව තවදුරටත් සඳහන් වුවත් ඒ ගැන පවතින්නේ බරපතළ සැකයකි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සැබවින්ම උතුරු කොරියාවට රෝගය බෝ වී ඇත්නම් එය අති දැවැන්ත විනාශයක් සිදු කරනු ඇත්තේ එහි පවතින අවම සෞඛ්‍ය පහසුකම් හේතුවෙනි.

තුර්කියේ රෝගීන් ගණන ඉහළට – මහල්ලන්ට ඇඳිරි නීතිය

තුර්කියේ කොරෝනා රෝගීන් ගණන 947 කි. ඊයේ දිනය වන විට මිය ගිය සංඛ්‍යාව 21 කි. සෞඛ්‍ය ඇමති ෆාරෙන්ටින් කෝකා ට අනුව ගතවූ පැය 24 තුළ කෝවිඩ්-19 පරීක්ෂණ 2953 ක් සිදුකර ඇත.

වයස 65 ට වැඩි අය සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට නිවසින් පිටතට යා නොහැකි සේ ඇඳිරි නීතිය පැනවීමට ද තුර්කිය සැලසුම් කරයි.

පිලිපීනයේ රෝගීන් ගණන ඉහළට

පිලිපීනයේ ඊයේ දිනය තුළ නව රෝගීන් 73 දෙනෙකු වාර්තා වන්නේ සම්පූර්ණ ගණන 380 දක්වා ඉහළ දමමිනි.

තවද ඊයේ දිනයේ තවත් 6 දෙනෙකු මරණයට පත්වූ අතර, මේ අනුව මිය ගිය මුළු සංඛ්‍යාව 25 කි.

ඉන්දියාවට පැය 14 ක ඇඳිරිනීතියක්

වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ඉන්දියාව පැය 14 ක් සදහා ඇඳිරිනීතිය පැනවීමට යයි. මෙය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත ය.

දකුණු කොරියාවෙන් නව රෝගීන් 98 දෙනෙක්

දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිල තොරතුරුවලට අනුව, ඊයේ දිනයේ නව රෝගීන් 98 දෙනෙකු වාර්තා වන්නේ, සම්පූර්ණ රෝගීන් ගණන 8897 ක් දක්වා ඉහළ දමමිනි.

වුහාන් පළාතේ සිව්වැනි දිනයටත් රෝගීන් නැහැ

නොවැම්බර් 17 වැනිදා පළමු වරට පළමු රෝගියා වාර්තා වූ චීනයේ වුහාන් පළාත සම්පූර්ණයෙන් සුවපත් වූ බවක් පෙනී යයි. පිටපිට 4 වැනි දිනයටත් ඊයේ කිසිදු රෝගියෙකු එම පළාතෙන් වාර්තා වූයේ නැත.

මේ අතර චීනය තුළ නව රෝගීන් 46 දෙනෙකු වාර්තා වන අතර, එයින් එක් අයෙකු හැර අන් සියලුම දෙනා පිටරට සිට පැමිණිවුන් ය.

ඔස්ට්‍රේලියාව සමාජයීය දුරස්ථ කම (සෝෂල් ඩිස්ටන්සින්) ගැන තදින් සිටියි

අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය හේතුවෙන් දහස් සංඛ්‍යාත දෙනා කොරෝනා අවදානම නොතකා වෙරළ තීර වෙත ඇදී යාමෙන් පසු ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, සියලු ජනපද හා පරිපාලන කලාපයන් වෙත නියෝග කර තිබෙන්නේ social distancing සම්බන්ධයෙන් දැඩි නීති පනවන ලෙස ය.

සුප්‍රකට ‘බොන්ඩි වෙරළ තීරය‘ ඇතුළු සිඩ්නි හි ප්‍රධාන වෙරළ තීර සියල්ලම පාහේ මේ වන විට තහනම් කලාප බවට පත්කර තිබේ.

අධිඅවදානම් අය ගෙදර ඉන්න – UK

කොරෝනා රෝගයට ගොදුරු වීමේ අධි අවදානමක් සහිත පුද්ගලයන් ට නිවසින් බැහැරව නොයන්නැයි NHS හෙවත් ජාතික සෞඛ්‍ය සේවය ආයාචනය කරයි.

මේ වන විට NHS විසින් මිලියන 1.5 ක් දෙනා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහිත අය ලෙස හඳුනා ගෙන තිබේ. මෙයට අවයව බද්ධ කළ අය, දරුණු ශ්වසන ආබාධ සමග ජීවත් වන්නන්, විශේෂිත පිළිකා තත්වවලට ගොදුරු වූවන් සහ විශේෂිත ඖෂධ ලබාගන්නන් අයත් වේ.

අවම වශයෙන් සති 12 ක කාලයක් සිය වෛද්‍යවරයාගේ නිරන්තර අධීක්ෂණය යටතේ නිවසේ කල්ගෙවන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දිනපතා Updates සඳහා රැඳී සිටින්න…

 

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

14 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

16 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

16 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

16 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

18 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

22 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago