ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් අද්හනම් ගේබ්‍රියේසිස් පැවසුවේ දුප්පත් රටවල් එන්නත්කරණය අතින් පසුගාමී තැනක පසුවීමේ ගැටළුවක් මතු ව ඇති බවයි.
‘බූස්ටරය‘ක් ලෙස හඳුන්වන්නේ, කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුවත්, එය ප්‍රමාණවත් නොවේ යැයි හැඟේ නම් ලබාදෙන 3 වන එන්නත් මාත්‍රාවයි.
මේ වන විට ඊශ්‍රායලය සහ ජර්මනිය මෙම බූස්ටරය ලබාදීම ආරම්භ කර ඇත. එහිදී ඊශ්‍රායලය වයස අවුරුදු 60 ට වැඩි අයට බූස්ටරය දීමට තීරණය කර ඇති අතර, ජර්මනිය ඒ සඳහා යොදා ගන්නේ ෆයිසර් සහ මොඩර්නා ය. එක්සත් රාජධානිය ද සැප්තැම්බර් මාසයේ සිට බූස්ටරයක් ලබාදීමට අදහස් කරයි.
ධනවත් රටවල මෙම ක්‍රියාව නිසා එන්නත් හිඟයක් ඇති වීමට ද ඉඩකඩ තිබෙන බව කියැවේ.
අඩු ආදායම් ලාභී රටවල් එන්නත් සැපයුමේ අඩුකම නිසා, මේ වන විට සමත් වී තිබෙන්නේ ජනගහනයෙන් සෑම 100 දෙනෙකුට මාත්‍රා 1.5 ක් වැනි අඩු අගයක් ලබාදීමට බව ද ටෙඩ්‍රොස් පෙන්වා දේ.
‘‘ඩෙල්ටා ප්‍ර භේදයෙන් සිය රටවැසියන් ආරක්ෂා කර ගැනීමට ඇති අවශ්‍යතාවය මට වැටහෙනවා. නමුත් ගෝලීය වැක්සින් සැපයුමෙන් වැඩි කොටස දැනටමත් පරිභෝජනය කර ඇති රටවල් තවදුරටත් එසේ කිරීම පිළිගත නොහැකියි‘‘ යනුවෙන් ඔහු පවසයි.
මේ අනුව අඩු ආදායම්ලාභී සහ ඉහළ ආදායම් ලාභී රටවල අතර එන්නත්කරණ පරතරය අවම කිරීම අවශ්‍ය වේ.
මේ සඳහා අවම වශයෙන් ලබන මාසය වන විට අඩු ආදායම්ලාභී රටවල් සිය ජනගහනයෙන් 10%ක්වත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කළ යුතුය. එනම් මාත්‍රා දෙකම ලබාදිය යුතුය.
මේ වන විට හයිටි සහ කොංගෝ ජනරජය වැනි රටවල කිසිම අයෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නැත.
ඒ අනුව බූස්ටරය ලබාදීමේ ක්‍රියාවලිය අවම වශයෙන් සැප්තැම්බර් මාසය දක්වා පමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.
ප්‍රධාන ඡායාරූපය – REUTERS
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…