කලා

ඩාර්ක් ෆීනික්ස් අසාර්ථකයි! ඛේදජනක එක්ස් මෙන් අවසානයේ ඛේදජනක ආර්ථික පසුබෑම!!

එය දශක දෙකක සොඳුරු පරිච්ඡේදයක අවසානය විය. අහිංසක ජීන් තවදුරටත් ජීන් නොවීය. ඈ මුළුමහත් විශ්වයකට මරු කැඳවූ ෆීනික්ස් බලවේගය විය. ගිනිජාලා දිවෙන ඇගේ දෙනෙත් ඉදිරිපිට වූයේ මරණය, සංත්‍රාසය හා විනාශය පමණි. ඈ පියාසර කරනා විට අහසේ දිස්වූයේ ගිනිජාලා විහිදෙන ෆීනික්ස් පක්ෂියකු මිස අහිංසක ජීන් ග්‍රේ නම් ගැහැණු දරුවා නොවේ.

මාර්වල් කොමික්ස් (Marvel Comics) චිත්‍ර කතා වල එන එක්ස් මෙන් (X Men), ජාන විකෘතීන් මත සුපිරි බලයන් හිමි මනුශ්‍ය කොට්ඨාශයකි. මිනිසුන් අතර ඔවුන් වෙනස් වූයේ ජාන වල වෙනසක් නිසා පමණි. එම විකෘතිය නිසා, විටක අයෙක් කාලගුණය පාලනය කරයි, විටක අයෙක් දෑසින් කිරණ විදියි, විටක වස්තූන් ගුවන මත පා කරයි, විටක බාහිර පෙනුම වෙනස් කරයි, විටක අදෘශ්‍යමානවී ගමන් කරයි, විටක කාලයට එරෙහි සුපිරි වේගයකින් ඇවිදියි.. එහෙත්.. ඔවුනට හිමි සුපිරි බලයන් පසෙක ලූ විට ඔවුනද හුස්ම ගන්නා, කන බොන, අඳින පළඳින, මනුස්සකම අගයන මිනිසුන් විය. එහෙත් අනාදිමත් කාලයක පටන් ඔවුන්ගේ ජානමය වෙනස නිසා කෙණහිලිකම් හිරිහැර හිංසනයන් සිදුවූයෙන් සීමා මායිම් ඇතිවීමත්, ප්‍රචණ්ඩත්වය ඇතිවීමත්, අවි අතට ගැනීමත්, ඇතැම් විට ත්‍රස්තවාදී ක්‍රියා සිදුවීමත් නොවැළැක්විය හැකි දෙයක් විය. මිනිසුන් හා මෙම ජාන විකෘතිකයන් අතර ගැටුම ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පවතින්නට ඇත.

එක්ස් මෙන් හොලිවුඩ් සිනමාවේ මුල්ම වරට චිත්‍රපට මාලාවක් ලෙස එළි දැක්වීම ආරම්භ වන්නේ 2000 වසරේ ය. එතැන් පටන් අද වන තුරු විසිවසරක කාලයක් මුළුල්ලේ එක්ස් මෙන් චිත්‍රපට 12ක් එළි දැක්විණ. මාර්වල් චිත්‍රකතා ආශ්‍රිත මාර්වල් සිනමැටික් යුනිවර්ස් (Marvel Cinematic Universe: MCU) නිර්මාණය වීමත් සමඟ මාර්වල් සුපිරි වීරයන් සමස්ත එක් කාලරාමුවකට නතු කරමින් චිත්‍රපට පෙළක් 2008 වර්ෂයේ සිට මේ වන තුරු එළිදැක්වූවද, එක්ස් මෙන් කතාමාලාව වෙනමම කාලරාමුවක් තුළ එළිදැක්වීමට මාර්වල් එන්ටර්ටේන්මන්ට් (Marvel Entertainment) තීරණය කර තිබිණි.

එක්ස් මෙන් චිත්‍රපට මාලාව මාර්වල් එන්ටර්ටේන්මන්ට් සමඟ එළිදැක්වූයේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox) සමාගම විසිනි. කෙසේ වෙතත්, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම ඩිස්නි (Disney) සමාගමට අනුයුක්ත කිරීමත් සමඟ, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නාමය යටතේ එළි දැක්වෙන අවසාන එක්ස් මෙන් චිත්‍රපටය ඩාර්ක් ෆීනික්ස් වේ.

ඩාර්ක් ෆීනික්ස් චිත්‍රපටය ගෙතී ඇත්තේ එක්ස් මෙන් මාර්වල් චිත්‍රකතා වල එන ඩාර්ක් ෆීනික්ස් සාගා (Dark Phoenix Saga) නම් චිත්‍ර කතාපෙළ ඇසුරිනි. මෙහි කියවෙන කාලවකවානුවේ දී එක්ස් මෙන් යනු මනුශ්‍යයන් හා විකෘතිකයන් අතර පවතින ගැටුම බොහෝ සෙයින් සමථයකට පත් කර, දෙපිරස අතර සාමය හා සහජීවනය ඇතිකළ ජාතික වීරයන්ය. ඇමරිකානු රජය හා එක්ව කටයුතු කරන එක්ස්මෙන් හට අභ්‍යවකාශ මෙහෙයුමක යෙදීමට අවස්ථාව උදාවෙයි. එම අභ්‍යවකාශ මෙහෙයුමේදී, කිසිවකුත් බලාපොරොත්තු නොවූ අනතුරකට එක්ස් මෙන් මුහුණ පායි. එක්ස් මෙන් කණ්ඩායමේ ජීන් ග්‍රේ නම් තරුණ යුවතිය හට විශ්වය තුළ වෙනත් චක්‍රාවාට, ග්‍රහලෝක, සක්වල ජීවීන් හා ඔවුන්ගේ කොලනි වලට මරු කැඳවූ ප්‍රාග් ඓතිහාසික ෆීනික්ස් නම් කොස්මික බලශක්ති ප්‍රභවය ආවේශ වීමත් සමඟ සිදුවන ‍භීතිය උපදවන හා ඛේදජනක සිදුවීම් මාලාව මෙහි විස්තර කෙරේ. ෆීනික්ස් පක්ෂියකුගේ හැඩයට සමාන හැඩයක් ගන්නා මෙම කොස්මික ධාරාව විනාශයට පත්කළ නොහැකි මාරාන්තික ශක්ති ප්‍රභවයකි. එයට සිතීමේ හා සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත. එය ආවේශ වීමට තොරාගන්නේ දූෂිත බවින් තොර, පිවිතුරු අහිංසක පුද්ගලයන්ය.

ෆීනික්ස් ප්‍රභවයේ මෙවර ගොදුර වන්නේ අහිංසක ජීන් ග්‍රේය!

ඩාර්ක් ෆීනික්ස් යනු එක්ස් මෙන් කාලරාමුවට අයත් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයයි. එමඟින් විසිවසරක ප්‍රේක්ෂක හද බැඳගත් ආදරණීය එක්ස්මෙන් කතා මාලාව අවසාන වේ. ස්ටෝර්ම්, ප්‍රොෆෙසර් එක්ස්, සයික්ලොප්ස්, ජීන්, වුල්වරින්, රෝග්, නයිට් ක්‍රෝලර්, ෂැඩෝ කැට්, මිස්ටික්, මැග්නිටෝ, ක්වික් සිල්වර්, හැවොක්, බීස්ට්… පොදු කාලරාමුව තුළ විසි වසරක් පුරා ප්‍රේක්ෂකයක් හද බැඳගත් මේ සියළු චරිත හොලිවුඩයට සමුදෙති.

සොෆී ටර්නර්, ජේම්ස් මැකවෝයි, ජෙනිෆර් ලෝරන්ස්, ජෙසිකා චැස්ටෙයින්, මයිකල් ෆාස්බෙන්ඩර්, ටයි ෂෙරිඩන්, ඇලෙක්සැන්ඩ්‍රා ෂිප්, එවෑන් පීටර්ස්, කෝඩි ස්මිත් මක්ෆී, නිකොලස් හෝල්ට් ආදී රංගන ශිල්පීන් ඩාර්ක් ෆීනික්ස් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.

කෙසේ වෙතත්, විසිවසරක එක්ස්මෙන් කාලරාමුවට සමුදෙන ඩාර්ක් ෆීනික්ස් දැඩි ආර්ථික පසුබෑමකට ලක්වී ඇත. චිත්‍රපටයේ පටිගත කිරීම්, නිර්මාණය හා සංස්කරණ කටයුතු අතර දී සිදුවූ විවිධ ගැටළු හමුවේ එළි දැක්වීම බොහෝසෙයින් පමාවිය. ඩාර්ක් ෆීනික්ස් චිත්‍රපටය එළි දැක්වීමට සැලසුම් කර තිබුණේ 2018 වර්ෂයේ අගභාගයේදී ය. එය 2019 පෙබරවාරි මසට වරක් ද, 2019 ජූනි මසට තවත් වරක ද කල් දැමීය.

චිත්‍රපටය එළිදැක්වූයේ ජූනි මස 07 වනදා ය.

වාර්තා වන අන්දමට, ඇමරිකානු ඩොලර් මිලියන 100 කට අධික අලාභයක් මෙම චිත්‍රපටය එළිදැක්වීමත් සමඟ සිදුව ඇත. එය මාර්වල් චිත්‍රපට ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ආර්ථික අලාභය ලෙස වාර්තා වේ.

චිත්‍රපටයේ ඇමරිකාව තුළ සමස්ත ආදායම ඩොලර් මිලියන 33 කි. ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 140 කි. එය පසුගිය සියළු එක්ස් මෙන් චිත්‍රපට වලට සාපේක්ෂව ඉතාමත් අඩු ආදායමකි.

චිත්‍රපටය අයිඑම්ඩීබී (IMDB: Internet Movie Data Base) 6/10 ක ලකුණු ප්‍රමාණයක් ද, රොට්න් ටොමැටෝස් (Rotten Tomatoes) හි 22% ක ලකුණු ප්‍රතිශතයක් ද ලබා ගෙන තිබේ. එක්ස්මෙන් චිත්‍රපටයක් ලබා ගත් අවම ලකුණු ප්‍රමාණයක් ලෙස එය ඉතිහාසයට එක් වෙයි.  

ඩිස්නි සමාගම පවසා සිටි ආකාරයට මාර්වල් ලෝකයේ එක්ස් මෙන් චරිත මාර්වල් සිනමැටික් යුනිවර්ස් වෙත ඇතුළු කර නව එක්ස් මෙන් චිත්‍රපට මාලාවක් එළිදැක්වීමට සැලසුම් ඇති මුත්, එය මෑත අනාගතය තුළ සිදු නොවනු ඇත.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

12 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

14 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

14 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

15 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago