Oarfish හෙවත් හබල් මාළුවා නැත්නම් අවල් මාළුවා මාළු විශේෂය පසු ගිය දින වලදී ජපානයේ මුහුදු වෙරළේ දකින්නට හැකි වීම නිසා ජපන් ජනතාව අතර සුනාමි හා භූ කම්පන බියක් ඇති වී ඇත. මුහුදු සර්පයි විශේෂයක් ලෙසද ඇතැම් රටවල මෙම සත්වයා හඳුන්වනු ලබයි.
පසු ගිය සතියේ දී උතුරු ජපානයේ වෙරළ තීරයේ මෙම හබල් මාළුවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසා ඇති අයුරු ජපන් ජනතාව දැක ඇත.
මීටරයක් පමණ දිග ඇති මෙම මාළු විශේෂය ජපන් ජාතිකයන්ගේ මිත්‍යා විශ්වාශයන්ගේ සදහන් මාළුන් විශේෂයකි. ඔවුන් යම් උවදුරක පෙර නිමිති සපයන්නන් බව ජපන් ජාතිකයන් විසිනි විශ්වාස කරනු ලබයි. ඒ නිසාම ජපන් ජාතිකයන් විසින් මෙම මාළුවා හදුන්වන්නේ මුහුදු දෙවියන්ගේ පණිවිඩකරු ලෙසිනි.
සුනාමි උවදුරට එම නම පවා ලබාදුන් ජපානයේ සුනාමිය ගැන අනතුරු අඟවන මුහුදු සර්පයා පිළිබඳ පුරා කතාවක්, ජන විශ්වාසයක් ඇසුරින් බව කියැවේ. ජපනුන් විසින් ර්යුගුනෝ සුකායි නමින් හදුන්වන මෙම හබල් මාළුවා 2011 වසරේ ඇතිවූ සුනාමි උවදුරට පෙර 2010 වසරේදී ජපන් වෙරළ පුරා දැකිය හැකි වී තිබේ. ජපන් ජාතිකයන්ට අනුව මුහුදේ හෝ ගොඩබිම ආශ්‍රිතව හටගන්නා විනාශකාරී භූකම්පන සහ ඒ හේතුවෙන් හටගන්නා මාරාන්තික සුනාමි පිළිබඳ අනතුරු ඇඟවීමේ පූර්ව වාර්තා කාටත් පෙර ලැබෙන්නේ මුහුදු පතුලේ ඇති මකර රජුගේ මාලිගය වෙතටය. එසේ වාර්තා ලද කල මකර රජු තමන්ට වන්දනාමාන කරන ගොඩබිම ජනතාවට ඒ ගැන අනතුරු ඇඟවීමේ කාර්ය පවරන්නේ ගෝල බාලයන්ටය. විශේෂයෙන්ම දිය කිඳුරන්ටය.
මේ ගෝල බාලයන් දිය කිඳුරන්ද සමඟ මාළුන් ලෙස පැමිණ වෙරළේ මියයමින්, දැල්වල පැටලෙමින් ස්වභාවික විපත්තිය ගැන අනතුර කලින් කියාපායි.ජපනුන් අතර ඇති මෙම පුරාණෝක්තිය ලෝකය පුරා විවිධ ජන කොට්ඨාසවලට අනුව විවිධ අයුරින් ඇසෙන්නට ලැබේ. එම කතාවලට අනුව මේ අන්දමට අනතුරු සංඥාව රැගෙන ගොඩබිමට එන ප්‍රධාන මාළු වර්ගයක් ලෙස අඩි 10 ක් 12 ක් දිගැති සර්පාකාර සිරුරක් සහිත හබල් මාළුවා. නැතිනම් අවල් මාළුවා (Oar fish) ගැන වැඩියෙන්ම කතාබහට ලක්ව තිබේ.
ඔවුන් සැබවින්ම ජීයක් වන්නේ ගැඹුරු මුහුදේ කිලෝමීටරයක් තරම් ගැඹුරිනි.
ඒ නිසාම ජපනුන් විශ්වාස කරන්නේ මේ වන විට ගැඹුරු මුහුදේ යම් වෙනසක් ඇති වෙමින් පවතින හේතුවෙන් මෙම සතුන් ගොඩබිමට එන බවයි.
කගොෂිමා විශ්ව විද්‍යාලයේ මත්ස්‍යවිද්‍යාව පිළිබද මහාචාර්ය හ්රොයුකි මොටොමුරා පවසන්නේ මෙම මත්සයින් ගොඩ බිම දෙසට පැමිණෙන්නේ ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය දුර්වල වීම හේතුවෙන් බවයි.
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…