ඉකුත් වසරේ මැයි එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා මහමඟ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිදුවීමට හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂොවින් වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.
මෙම ඝාතනය එරට වර්ගවාදී ගැටුම් පිළිබඳ කතිකාවත ප්‍රභල ලෙස යළි අවදි කිරීමට සමත් වූ අතර, ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව ඇමරිකානු පුරවැසියන් වීදි බසින තත්ත්වය දක්වා උත්සන්න වී තිබිණි.
හිටපු මිනියාපොලිස් පොලිස් නිලධාරී ඩෙරෙක් ෂොවින් මෙම වරද පිළිගැනීමට සූදානම් නොමැති වූ මුත්, අධිකරණය විසින් ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, ඊට චෝවින් වරදකරු බවත් ය.
ඉකුත් වසරේ මැයි මස සාප්පුවක දී ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී ගනුදෙනු කළේය යන චෝදනාව මත ජෝර්ජ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර, ඩෙරෙක් නම් හිටපු පොලිස් නිලධාරියා ජෝර්ජ් පොළවට පතිත කොට ඔහුගේ ගෙල තම පාදයෙන් සිරකර ගෙන සිටින අයුරු කැමරා කාචයේ සටහන් ව තිබිණි.
මෙහිදී ජෝර්ජ් වේදනාවෙන් තමාට හුස්ම ගැනීමට නොහැකි යැයි විලාප නඟන අන්දමත්, එය කනකට නොගෙන ඩෙරෙක් ඔහුගේ ගෙල දිගටම සිරකර ගෙන සිටින අයුරුත් එම සංවේදී වීඩියෝවේ වැඩිදුරටත් දැක්වේ.
විත්තියේ නීතීඥයින් මෙම සිදුවීම අදාළ මොහොතේ ජෝර්ජ් කලහකාරී ලෙස හැසිරීම මත ඊට ප්‍රතිචාර වශයෙන් පොලීසිය ප්‍රොටොකෝලයට අනුව ආරක්ෂාව සඳහා දැක්වූ හැසිරීමක් යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කළඳ, ඩෙරෙක් ගේ ක්‍රියාව මිනියාපොලිස් පොලිස් පටිපාටීන් ට අනුකූල නොවන බවත්, එම මොහොතේ ඩෙරෙක් දැක්වූ හැසිරීම පොලීසිය විසින් මෙවන් සිදුවීමකදී දැක්විය යුතු හැසිරීමක් නොවන බවත් අධිකරණය විසින් තීන්දු කොට තිබිණි.
තම ජීවිතය අහිමි වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ට මෙම අධිකරණ තීන්දුවෙන් යළි පණ ලබා නොදුන්නද, යුක්තිය ඉටුකිරීමේ පණිවුඩය ලොවට ලබාදීමට ඇමරිකානු අධිකරණය කටයුතු කර ඇත.
ඒ අනුව, ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ආරම්භ කළ ඇමරිකාවේ වර්ගවාදයට එරෙහි සටනේ යම් ජයග්‍රහණයන් මින් සනිටහුන් කරනු ඇත.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…