කාලීන

සිරියාවේ මහා ලේ වැගිරීමක් අත ළඟ – අසාද් නැවත ඉඩ්ලිබ් අල්ලා ගන්නට සැරසෙයි.

බෂර් අල් අසාද්ගේ හමුදාව සිරියාවේ කැරළිකරුවන්ට නතු වී තිබෙන ඉඩ්ලිබ් පළාත නැවත අල්ලා ගැනීම සඳහා ප්‍රහාරයක් දියත් කරන්නට සූදානමින් සිටියදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය දැඩි සේ අනතුරු අඟවා සිටියේ එය මහා ලේ වැගිරීමක් වනු ඇත කියා ය. Idlib: ‘If an offensive takes place, it will be a bloodbath

තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් පළාත, කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙයි. මේ වන විට එම ප්‍රහාර දියත් වන්නට ඉතා ආසස්නය. එහි සිටින මිලියන 3 ක් වන සිවිල් වැසියන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? බෂර් අල් අසාද්, කිසිදාක ඒ ජීවිතවලට වග කියූ කෙනෙකු නොවේ.

Around three million people are estimated to live in Idlib, the last remaining rebel-held province in Syria [Reuters]

‘‘අපිට යන්න තැනක් නෑ.“ යැයි අල් ජසීරා පුවත්සේවය හමුවේ මේ දුක් ගැනවිල්ල කියා සිටියේ ක්වායිස් නමැති 26 හැවිරිදි ඉඩ්ලිබ් තරුණයෙකි. ඔහු ‘සුදු හෙල්මට්‘ (White Helmets) නමැති සිවිල් ආරක්ෂක කණ්ඩායමේ ද ස්වෙච්ඡා සාමාජිකයෙකි.

දැන් දින කිහිපයක පටන් අසාද්ගේ හමුදාව ඉඩ්ලිබ් පළාත වටකරමින් සිටිති. රට නටඹුන් කළ සිවිල් යුද්ධයේ කැරළිකරුවන් අතුගා දැමීම පිණිස සිදුකරන බෂර් අල් අසාද් තබන අති භයානක සහ අවසන් පියවර මේ යැයි දැනටමත් සිව් දෙසින් අනාවැකි පළ වී තිබේ.

‘‘අසාද්ගේ හමුදාව පහර දුන් විට ඉඩ්ලිබ් හි වාතාවරණය ‘වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුණාටුවක්‘ බවට පත්වනු ඇතැයි සිරියාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත ස්ටාඨාන් දෙ මිස්තුරා පවසයි. මෙහි තිබෙන ලොකුම අවදානම වන්නේ දෙපාර්ශවය විසින්ම රසායනික අවි භාවිතා කිරීමට ඇති හැකියාවයි. එක්සත් ජාතීන්ගේ සරණාගත අර්බුදය පිළිබඳ ප්‍රධානී ෆිලිපෝ ග්‍රාන්දි පවසන්නේ ද මෙමගින් මානුෂීය ඛේදවාචකයක් සිදුවීම නියත බවයි.

බලා සිටිනවා මිස කුමක් කරන්නද?

අසාද් දිවුරමින් කියා සිටින්නේ ‘සිරියාවේ සෑම අඟලක්ම‘ කැරළිකරුවන්ගෙන් මුදා ගන්නා බව ය. ඔහුට ඒ සඳහා රුසියාවේ සහ ඉරානයේ සහාය ලැබේ. එම සහාය ද සමගින් පසුගිය වර්ෂ කිහිපය තුළ අසාද් අලෙප්පෝවේ සිට නැගෙනහිර ඝූටාව හරහා දමස්කස් ද , දේරා නගරය ද කැරළිකරුවන්ගෙන් මුදා ගැනීමට සමත් විය. දේරා (Deraa) නගරය යනු, සිරියාවේ 2011 කැළඹිල්ලේ තිඹිරි ගෙයයි. අප ඉහත කී ක්වායිස්, දේරා නගරයේ ජීවත් වී, යුද්ධය නිසා අවතැන් වී ඉඩ්ලිබ් වෙත පළා ආ සරණාගතයෙකි. දැන් තිබෙන වාතාවරණය අනුව ඔහු ‘දෙවරක් අවතැන්‘ වීමට නියමිත ය. ඔහු ඊශ්‍රායල් පාලනය සහිත ගෝලාන් හෙයිට්ස් හි සති දෙකක් කල් ගත කිරීමෙන් පසු බස් රියක නැගී සිය පවුල සමග ඉඩ්ලිබ් බලා ඒමට සමත් වූ අයෙකි.

මේ වන විට ඉඩ්ලිබ් නගරයේ ජීවත් වන සිවිල් ජනතාවගෙන් භාගයකට වඩා එනම් ලක්ෂ 15 කට අධික පිරිසක්, යුද්ධය හේතුවෙන් සිරියාවේ වෙනත් පළාත්වල සිට පළා ආ අය ය. ඉඩ්ලිබ් යනු මේ අර්ථයෙන් ගත්විට යුධබිම්වලින් පළා ආ සරණාගතයන් ‘කුණු ගොඩවල් සේ විසි කරදැමූ‘ ස්ථානයකි. ඔවුන්ගෙන් අති බහුතරය ජීවත් වන්නේ අතිශයින්ම තදබදය සහිත සරණාගත කඳවුරුවල ය.

රසායනික ප්‍රහාර ගැන බියෙන්

ක්වායිස්ගේ බිරිඳ ලබන මාසයේ නිවුන් දරුවන් බිහිකිිරීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඔහු පසුවන්නේ රසායනික ප්‍රහාර ගැන බියෙනි. ‘‘සිරියානු ආණ්ඩුව ඉඩ්ලිබ් ඉලක්ක කර රසායනික ප්‍රහාරයක් එල්ල කළ හැකියි.“ ඔහු පවසයි. ‘‘ඛාන් ෂෙයිකූන් (Khan Sheikhoun)වලදී කළා වගේ. අපිට දැනටමත් එහි අවදානම දැනෙමින් තිබෙනවා.“

2017 අප්‍රේල් මාසයේදී අල් අසාද් ඉඩ්ලිබ් අල්ලා ගැනීමට අසාර්ථක ප්‍රහාරයක් දියත් කළේය. ඛාන් ෂෙයිකූන් ද ඉඩ්ලිබ් පළාතේ පිහිටා තිබෙන නගරයකි. එයට එල්ල වූ රසායනික ප්‍රහාරයෙන් 83 දෙනෙක් මිය ගිය අතර, එයින් තුනෙන් එකක්ම යුද්ධය ගැන හයක් හතරක් නොදන්නා දරුවන් ය. එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ විමර්ශනයට අනුව 300කට අධික පිරිසක් මෙම රසායනික ප්‍රහාරයෙන් දිවි ගළවාගෙන තිබේ. එසේ එල්ල වූ සරීන් විෂවායු ප්‍රහාරය පිළිබඳ තවම විමර්ශනය කෙරේ.

මේ අතර රුසියාව අනතුරු අඟවා ඇත්තේ ඉඩ්ලිබ් අල්ලාගෙන සිටින කැරළිකරුවන්ගේ පාර්ශවයෙන් රසායනික ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ය. ඉන්පසු එහි දෝෂාරෝපණය අසාද්ගේ හමුදාව පිට පැටවීමට ඉඩ ඇති බව ද ඔවුහු කියති. රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් (Sergey Lavrov) පසුගියදා පැවසුවේ වයිට් හෙල්මට්ස් වැනි කණ්ඩායම් විසින් මෙම දෝෂාරෝපණය කලින් සිටම සූදාන්ම කරගෙන සිටින බව ය!

කසාක්ස්ථානයේ අගනුවර වන ඇස්ටානා හිදී රුසියාව සහ ඉරානය, සිරියාව සමග ඇති කරගත් ගිවිසුමකට අනුව ඉඩ්ලිබ් පළාත සැලකෙන්නේ “de-escalation zone” හෙවත් ‘යුද්ධය තීව්‍ර කිරීමට යොදා නොගන්නා කලාපයක්‘ ලෙස ය. නමුත් එසේ තිබියදී පවා තමන් ගතවූ මාස කිහිපය තුළ සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාරවලට ලක් වූ බව ඉඩ්ලිබ් වැසියෝ පවසති. දරුණු බෝම්බ ප්‍රහාරවලට ඔවුන් නතුවූ අතර, එම ගම්මානවල සිටි පවුල්වලට තිබූ එකම විසඳුම වූයේ යාබද තුර්කි දේශසීමාව කරා ඇදී යාම පමණි. ‘‘අපිට යන්න පුළුවන් ඒ පැත්තට විතරයි. අපි කොටු වෙලා.“ යැයි ඔවුහු කියති.

තුර්කියේ භූමිකාව

තුර්කියේ දැනටමත් මේ අන්දමින් පළා ගිය සිරියානු සරණාගතයෝ ලක්ෂ 10කට වඩා ජීවත් වෙති. සරණාගතයන් පාලනය කළ නොහැකි තැන, පසුගිය වසරේදී තුර්කිය එහි දේශසීමාව වසා මුද්‍රා තැබුවේය. දැන් තුර්කිය හරහා සිරියාව වෙත ගෙන යා හැක්කේ මානුෂීය ආධාර පමණි.

තුර්කිය, සිරියානු ප්‍රශ්නය විසඳීම සඳහා යම් යම් දේවල් කරමින් සිටියි. පසුගිය සතිවලදී ඔවුන් උත්සාහ කළේ අසාද් ට පක්ෂපාතී සටන්කරුවන් 70,000 ක් දෙනා ඉඩ්ලිබ් පළාත තුළින් නිර්මාණය කරන්නට ය. නමුත් ඉඩ්ලිබ් හි අණසක පතුරුවාගෙන සිටින හයේට් තහ්රීර් අල්-ෂාම් (Hay’et Tahrir al-Sham (HTS)) කැරළි බලකාය මෙම සන්ධානයට එක් වීම ප්‍රතික්ෂේප කළේය. එය එසේ වූවා නම් අසාද්ට මෙතරම් වියරු වැටෙන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. ඉඩ්ලිබ් පළාතෙන් 60% ක් පාලනය කරමින් සිටින්නේ ඔවුන් ය. අතීතයේ අල්කයිඩා සංවිධානය සමග එක්ව කටයුතු කළ මෙම ගරිල්ලන්, ත්‍රස්තවාදීන් වශයෙන් සැලකුණු පිරිසකි.

මේ අතර ඉඩ්ලිබ් පළාතෙන් කොටසක් පවතින්නේ තුර්කි පාලනය යටතේ ය. එහි ජීවත් වන 31 හැවිරිදි ෆාමසිකරුවෙක් වන මාරත් අල් නුමාන් අල් ජසීරා පුවත්සේවය සමග මෙසේ පැවසුවේ, සිවිල් වැසියන්ට සාපේක්ෂව ආරක්ෂිත තැනක් ලෙස දැනට පවතින්නේ තුර්කි පාලනයක් සහිත ප්‍රදේශය පමණක් බවයි. ‘‘අපේ අවසන් බලාපොරොත්තුව තුර්කියයි‘ යැයි ඔහු පවසයි. ‘‘අපට සහාය විය හැකි එකම කලාපිීය බලවේගය එය පමණයි. ඉදිරි සති වලදී ඔවුන් මේ මහා විනාශය වළක්වා ගන්නට යම් දෙයක් කරාවි කියා අප බලාපොරොත්තු වෙනවා.“

තුර්කි විදේශ ඇමති මෙව්ලුත් කවුසොග්ලු පසුගියදා ඇන්කාරා අගනුවරදී පැවසුවේ, ‘‘ඉඩ්ලිබ් වෙත ප්‍රහාරයක් එල්ල වීම වළක්වාගැනීම සඳහා තමන් උත්සාහ කරමින් සිටින බවයි. ප්‍රහාරයක් එල්ල වුවහොත් එය මහා විනාශයක් වනු ඇති බවත් ඔහු පැවසුවේය.

මහා පරිමාණ ප්‍රහාරයක් සිදුවීම වළක්වාගැනීම සඳහා තුර්කිය පසුගිය සති කිහිපය පුරාම රුසියාව සමග විශාල කතා බහක නියැළී සිටියි. නමුත් එහි ප්‍රතිඵලයක් තවම පැහැදිලි නැත. බොහෝ අයගේ ඉල්ලීම වී තිබෙන්නේ අසාද් විසින් ඉඩ්ලිබ් සංහාරයකට මුල පුරන්නට පෙර තුර්කියට මැදිහත් වී එහි පාලනය භාරගන්නා ලෙස ය. ඒ අනුව HTS කැරළි බලකාය වෙත ද ඔවුන් නිල වශයෙන් තමන්ට සහයෝගය ලබාදෙන්නැයි ඉල්ලීම් කර තිබේ. සිරියාවේ අෆ්රින් සහ ජාරාබ්ලුස් වැනි නගරවලට ද මීට පෙර තුර්කිය මෙවැනි මැදිහත්වීමක් සිදුකර ඇත.

Syrian opposition groups are reportedly preparing for an assault by forces loyal to the Assad government [AA]

‘‘මේ වන විට අසාද්ට විරුද්ධ කණ්ඩායම් පළාතේ බංකර තනමින්, ප්‍රහාර සඳහා උමං මාර්ග හාරමින් සිටිනවා‘‘ යැයි ඉඩ්ලිබ් නුවර වැසියෝ පවසති.

කෙසේ නමුත් ලේ වැගිරීමක් අත ළඟ ය. ජාත්‍යන්තර බලවේගයන්ට සිරියාව තුළ විශාල දෙයක් කළ නොහැකි බව මේ වන විටත් සනාථ වී ඇති හෙයින් බොහෝ අය බලාපොරොත්තු තබාගෙන සිටින්නේ කලාපීය බලවේගයක් වන තුර්කිය කෙරෙහි ය.

read:

මායා මෙහිර් – තුර්කියේදී තටු ලද සිරියානු සමනළිය

අසාද්ගේ පපුවටම වැදෙයි – බිරිඳට පිළිකාවක්

 

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

17 mins ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 hour ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

5 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

8 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

9 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

9 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

14 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago