අද (29) දින දකුණු පිලිපීනයේ මධ්‍යම මින්ඩනාඕ ප්‍රදේශයේ භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රභලත්වයක් සලකුණු කරමින් හටගත් මෙම භූකම්පනය හේතුවෙන් ප්‍රදේශයේ දේපල රැසකට අලාභහානි සිදුව ඇති අතර ජීවිත හානී ද වාර්තා වී තිබේ.
දැනට වාර්තා වන අන්දමට පුද්ගලයන් සය දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර ප්‍රදේශවාසීන් තුවාල ලබා ඇත.
එමෙන්ම ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසංධි වීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලධාරීන් විසින් වහා ප්‍රදේශවාසින් එම කලාපයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් පවසා සිටියේ පසු කම්පන මාලාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ප්‍රදේශවාසීන් හට එම කලාපයට ඇතුළු වීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දුන් බවත් ය.
පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Philippine Institute of Volcanology and Seismology: Phivolcs) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එකී භූකම්පනය උදෑසන 09.04 (0104 GMT) කොටබාටෝ හි ටුලුනන් ප්‍රදේශයේ ඊසාන ප්‍රදේශයට වන්නට සැතපුම් 16 (කි.මී. 26) ක දුරකින් හට ගෙන ඇති බවයි.
මෙම භූකම්පාව පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ උපන් ප්‍රදේශය වන ඩාවෝ නගරය ඇතුළු දිවයිනේ වඩාත් ජනාකීර්ණ නගර හා පළාත් දක්වා දෙදරුම් කෑමට හේතුවූ බවට සඳහන්.
එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ හා අවට පාසල් වසා දමා ඇති බවට ද වාර්තා වේ.
භූගෝලීය වශයෙන් බහුලව දෙදරුම් හට ගන්නේ පැසිෆික් සාගරයේ අග්නි වළල්ල (Ring of Fire) නමින් හැඳින්වෙන කලාපයේ ඇතිවන භූකම්පා බහුලව පිලිපීනයට බලපායි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…