මෙම මස 27 වන දිනට දැකිය හැකි වන 21 වස සිය වසේ දීර්තම චන්ද්‍රග්‍රහණය ගැන පුවත් සමග විවිධ කටකථා අනාවැකි පැතිරෙන්නට පටන්ගෙන ඇත. ලෝක ප්‍රසිද්ධ ආවැකි කරුවන් පවා පවසන්නේ මෙම චන්ද්‍රග්‍රණයත් සමග ලෝක විනාශය සිදු වනු ඇති බවයි. කෙසේ වෙතත් මේ සිදුවීම් සමග සඳ ගන තොරතුරු දැන ගැනීමට අපි කවුද අකමැති.

සඳ හෙවත් චන්ද්‍රයා යනු පෘථිවියේ එකම උපග්‍රහයා වන සහ කිසිදු අපහසුතාවයකින් තොරව ඉතා හොදින් නිරීක්ශණය කල හැකි අහසේ පැහැදිලිව හදුනා ගත හැකි ආකාශ වස්තුවයි

චන්ද්‍රයා මිනිසාගේ සමීපතමයාය…
විද්‍යාඥයින් ඉතා ගැඹුරින් අධ්‍යනය කර ඇති, පෘථිවිය හැරුණු කොට ඇති ආකාශ වස්තුව ලෙසටද චන්ද්‍රයා හැදින්විය හැකිය. තවද සෞරග්‍රහ මන්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තූන්ගෙන් මිනිසෙකු පා තබා ඇති එකම ආකාශ වස්තුව චන්ද්‍රයා බවද ඔබ හොදින් දනී. චන්ද්‍රයා මතට මුල් වරට මිනිසෙකු ගොඩ බැසීම සිදු වූයේ 1969 ජූලි 20 වන දින, ඇපොලෝ-11 මෙහෙයුම යටතේය. සද මතට මිනිසෙකු ගොඩ බැස්වීමේ සුවිශේෂී කර්තව්‍යය සදහාම විශේෂයෙන් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යෝධ අපොලෝ වියාපෘතිය හරහා මේ වන විට චන්ද්‍රයා මතට ගෙන ගොස් ඇති ගගනගාමීන් ගණන 12 කි. චන්ද්‍රයා මතට ගගනගාමීන් රැගෙන ගිය අවසාන ඇපොලෝ මෙහෙයුම වූයේ ඇපොලෝ-17 වන අතර සද මත වැඩිම කාලයක් මිනිසුන් රැදී සිටි මෙහෙයුම වන්නේද මෙයයි.

චන්ද්‍ර උපත…
අපගේ අසල්වැසි චන්ද්‍රයාගේ බිහිවීම හෙවත් ආරම්භය සම්බන්ධයෙන් ප්‍රධාන මත 4ක් පවතින අතර එයින් දැනට බොහෝ විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ ‘මහා ගැටුම් කල්පිතය'(Great giant impact) යන මතයයි. මෙමගින් කියවෙනුයේ අප සෞරග්‍රහ මන්ඩලය බිහිවෙමින් පැවති යුගයේ පෘථිවිය සමග ඉතා විශාල තවත් ආකාශ වස්තුවක් (අගහරු ප්‍රමාණයේ ) ගැටීමෙන්, එම සුවිසල් ගැටුම නිසා පිටත අභ්‍යවකාශයට ඇදී ගිය කොටසක් මගින් චන්ද්‍රයා නිර්මාණය වූ බවයි. මෙම මතයෙන් කියවෙන අයුරින් චන්ද්‍රයා බිහි වීම සදහා පෘථිවියේ සම්බන්ධයක් පැවතියත් චන්ද්‍රයා, පෘථිවිය මෙන් ඉතා සරුසාරව වැඩුනු ගස් කොලන් හා ජලයෙන් පිරි ආකාශ වස්තුවක් නොවන බවද සදහන් කල යුතුය. චන්ද්‍රයා සතුව පෘථිවියේ පවතිනවාක් මෙන් ඝණ වායුගෝලයක්ද නොමැත. මේ නිසා පෘථිවියේ ‍මෙන් නොව චන්ද්‍රයා යනු නිතරම උල්කාපාත වලට හසු වෙන සහ ඒවායින් තැලී පොඩි වී යන උපග්‍රහයෙකු ලෙසට දැක්විය හැකිය. මෙලෙස ගොඩනැගී ඇති විශාල ප්‍රමාණයේ ආවාට, කුඩා ප්‍රමාණයේ දුරේක්ශයකින් හෝ දෙනෙතියක්(Binocular) භාවිතයෙන් පහසුවෙන් දැක ගත හැකි වේ.

ආවාට වලට අමතරව, චන්ද්‍රයා මතුපිට දක්නට ලැබෙන අදුරු ස්ථාන මුහුදු ලෙස හදුන්වයි. මෙවා පෘථිවියේ පවතින මුහුදු නොවන අතර මෙවැනි මුහුදු නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයා බිහිවෙමින් පැවති මුල් යුගයේදී ලාවා ගැලීම් හේතුවෙන් නිර්මාණය වූ තැනිතලා බවකින් යුක්ත වන ස්ථානයි.

චන්ද්‍රයාගේ ස්වභාවය

චන්ද්‍රයා නිර්මාණය වී ඇත්තේ පෘථිවියට වඩා ඝණත්වයෙන් අඩු ද්‍රව්‍යය වලිනි. සංසන්ධනාත්මකව දැක්වුවහොත් චන්ද්‍රයාගේ ඝණත්වය පෘථිවි ඝණත්වයෙන් 0.6 ක් පමණ වේ. චන්ද්‍ර අභ්‍යන්තරද (Moon core) පෘථිවියේ මෙන් යකඩ වැනි බැර ලෝහ වලින් සෑදුණු විශාල හරයක්ද නොවේ. චන්ද්‍රයාගේ පිටත පෘෂ්ඨය(Moon crust) 60km පමණ ඝණකම් එකක් වන අතර චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේදී මෙහි ඝණත්වය තරමක් වැඩි බවද සදහන් කල යුතුය. මෙහි පිටත ස්ථරය මූලික වශයෙන් නිර්මාණය වී ඇත්තේ ඉතා සියුම් පස් වලිනි. නිතරම චන්ද්‍ර පෘෂ්ඨය මතට කඩා වැටෙන උල්කා වලින් ඇති වන බලපෑම චන්ද්‍රයා මතුපිට මේ ආකාරයෙන් නිර්මාණය වීමට හේතු වී ඇත. මෙවැනි ලක්ෂණ නිසාම විද්‍යාඥයින් මුලදී සිතුවේ සද මතුපිට තබන ලද ඕනෑම වස්තුවක් ඒ තුලට ගිලගනු ඇති බවයි. නමුත් මෙම මතය සත්‍යය නොවන බව චන්ද්‍රයා මතට මුල් වරට ගොඩ බැස්වීමට යෙදුණු රුසියානුවන්ගේ ලූනා-2 යානාව මනාවට පැහැදිලි කර දැක්වීමට යෙදුණි. යානයට කිසිදු ආකාරයක එවැනි අපහසුතාවයක් සිදු නොවූ අතර එහි බර දරා සිටීමට චන්ද්‍ර පෘෂ්ඨයට හැකි විය.

චන්ද්‍රයාගේ ගුරුත්ව බලය

පෘථිවියේ සමතුලිතතාවය නිසි ආකාරව පවත්වා ගැනීමට චන්ද්‍රයා ඉතා වැදගත් වේ. එමෙන්ම මුහුදේ උදම්(Tides) වල බලපෑමට මෙන්ම පෘථිවියේ භ්‍රමණ කාලය සදහාත් වගේම පෘථිවි භ්‍රමණ අක්ශයේ පිහිටීම සදහාත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ප්‍රභල ලෙස බලපායි. .මේ හේතූන් නිසාම පෘථිවිය සතුව උපග්‍රහයෙක් නොතිබුනහොත් කුමන ආකාරයක තත්වයක් ඇති විය හැකිද යන්න සැක සහිතයි එනම් සඳ නැති ලොව .. අඳුරු රාත්‍රිය පමණක් නොව තව තවත් අඳුරු අත්දැකීම් අපට ලක් කරයි. අප දන්නා පරිදි පෘථිවිය ලගින්ම ඇති ආකාශ වස්තුව වුවත් චන්ද්‍රයා රාත්‍රීයට ඉතා දීප්තියෙන් දිස් වන්නේ සූර්යයා ගේ ආලෝකයෙනි එනම් සඳ සූර්යා මෙන් තමා විසින්ම ආලෝකය නිපදවා නොගනී. ඒ නිසා සඳමතට රාත්‍රියට සූර්යා ගෙන් පතිත වන ආලෝකය පරාවර්ථනය වෙයි.

චන්ද්‍ර කලා..
චන්ද්‍රයා විවිධ කලා වලින් අහසේ දිස් වීමට හේතුව එය පෘථිවිය වටා සිදු කරන පරිභ්‍රමණයයි. නමුත් චන්ද්‍රයා සතු මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය පෘථිවියා සූර්යයා වටා සිදු කරන පරිභ්‍රමණයෙන් වෙනස් වන්නේ චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය බොහෝ දුරට සමාන වන බැවිණි. මෙම කාලය දින 27 1/3 කි. තවද මේ හේතුව නිසා පෘථිවියේ සිටින අපට සෑම විටම දර්ශණය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් බවද විශේෂයෙන් සදහන් කල යුතුය. චන්ද්‍රයාගේ අනෙක් අර්ධය සැම විටම පෘථිවියට පෙනෙන දිශාවට විරුද්ධව පිහිටයි.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

9 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

11 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

11 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

12 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago