ඔක්තෝබර් 1 වන දින චීන ජාතික දින සැමරුම් උත්සවය සඳහා හොංකොං නායිකා කැරී ලැම් බීජිං බලා පිටත් වීමට විරෝධය පාමින් වීදි බැසි විරෝධතාකරුවන් වෙත පොලිසිය කඳුළු ගෑස් සහ ගම්මිරිස් දියර ඉසින ලදී.
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජනතාව වීදි බැසීම නිසා හොංකොං නගරයේ කලක පටන් හට ගෙන තිබූ නොසන්සුන්කාරී වාතාවරණය පසුගිය කාලවකවානුව තුළ විවිධ අවස්ථා වල උස්පහත් වෙමින් පැවතිණි. රජයට විරෝධය පාමින් විරෝධතාකරුවන් වීදි බැස කලහකාරී අන්දමින් හැසිරීමත් එයට පොලිසිය ප්‍රතිචාර දැක්වූ ආකාරයත් සමඟ මාධ්‍ය ආවරණය පිරී ඉතිරී ගියේ ආසියාව තුළ මෙන්ම ඉන් පිටත ද සෑම ප්‍රවෘත්ති සිරස්තලයක් වෙතම හොංකොං අර්බුද පිළිබඳ පුවත් එක් කරමිනි.
හොංකොං හි ව්‍යවස්ථාදායකය වන බීජිං ප්‍රධාන සම්බන්ධතා කාර්යාලය වෙත හා පොලිසිය වෙත පෙට්‍රෝල් බෝම්බ හෙලීම, හොංකොං ගුවන්තොටුපළ අත්පත් කර ගැනීම, උමං දුම්රිය ස්ථාන විනාශ කිරීම හා වීදි වල ගිනිගොඩවල් ගැසීම වැනි විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට චීන-විරෝධීන් කටයුතු කර තිබිණි.
හොංකොං වෙතින් වාර්තා වන නවතම වාතාවරණයට අනුව නායිකා කැරී ලැම් එළඹෙන ඔක්තෝබර් 1 වන දින චීනයේ ජාතික දින සැමරුමට බීජිං බලා පිටත් වීමට නියමිත බව රජය නිවේදනය කර ඇති අතර, ඒ සමඟ කුපිත වූ විරෝධතාකරුවන් කලහකාරී අන්දමින් වීදි වල හැසිරීම නිසා පොලිසිය හා විරෝධතාකරුවන් අතර නානාවිධ ගැටුම් හටගෙන ඇත.
මෙම තත්ත්වය නිසා අද (29) දින කෝස්වේ බේ සාප්පු සංකීර්ණ වසා දැමීමටත්, මොනොරේල් දුම්රියපළවල් වල ඇතැම් සේවාවන් අත්හිටුවීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව, චීන-විරෝධී විරෝධතාකරුවන් නිව් ටෙරටොරීස් සාප්පු සංකීර්ණය අසබඩ විවිධ සටන්පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ අතර, චීන රජයට පක්ෂපාතී කණ්ඩායම් පිරිසක් ද වික්ටෝරියා පීක් අසබඩ එක්රැස් වී චීනයේ ජාතික ගීය ගායනා කරනු දක්නට ලැබිණි.
රතු කමිස වලින් සැරසී 200ක් පමණ වූ පිරිසක් ඒකරාශී වූ මෙම චීන-හිතවාදී කණ්ඩායම් චීන ජාතික ගීය ගායනා කිරීමට අමතරව “මම චීනයට ආදරෙයි!” (I love China!) යනුවෙන් හඬ නැගූහ.
කෙසේ වෙතත් හොංකොං නායිකා කැරී ලැම් එළඹෙන ඔක්තෝබර් 1 වන දින සැලසුම් කළ පරිදි බීජිං නගරය බලා පිටත් වීමට නියමිතය.
පසුගිය සතියේ පැවති විවෘත සංවාදයකින් පසුව පැය ගණනක් ගෘහස්ත ක්‍රීඩාංගනයක සිරවී සිටීමට ලැම් හට සිදුවිය. ඒ ඈ වෙත විරෝධතාකරුවන්ගේ විරෝධය එල්ල වීම නිසාවෙනි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…