පසුගිය සති අන්තයේ ගෝලීය බලශක්ති හා ආර්ථික සැපයුම් දාමයට ප්‍රභල බලපෑමක් ඇති කිරීමට සමත් වූ සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගත් යෙමනයේ ඉරාන හිතවාදීන් යැයි පැවසෙන හවුතිවරුන් විසින් ප්‍රකාශයක් නිකුත්කොට තිබේ.
මෙම හවුතිවරුන් විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ යෙමනය ඉලක්ක කරගෙන සතුරු සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර දියත් කිරීම වහා නතර කරන්නේ නම්, තම කණ්ඩායම් ද සවුදි අරාබිය ඉලක්ක කොට ගෙන මින් මත්තට මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර දියත් නොකරන බවයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් හවුති ව්‍යාපාරයේ නිලධාරියකු පසුගිය සිකුරාදා (20) දින මෙම ප්‍රකාශය සිදු කොට ඇත.
හවුති ව්‍යාපාරයේ සභානායක මහ්දි අල්-මෂත් ප්‍රකාශ කොට සිටියේ තම දේශපාලන කණ්ඩායමට මේ පිළිබඳ අදහස් දැක්වීමේ අවශ්‍යතාව පැවති බවත්, යුධමය වාතාවරණයකට මුලපිරීම තම අවශ්‍යතාව නොවන බවත් ය.
පසුගිය දින සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුව වගකිව යුත්තේ ඉරානය බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත්, එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රාජ්‍ය මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැතිව පාර්ශවයකට චෝදනා එල්ල කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දුන්හ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…