සෝනු කුමාර් චව්හාන් නමැති මේ 24 හැවිරිදි තරුණයා කම්හල් සේවකයෙක් වූ අතර, අවසන් මොහොතේ පොලිසිය ඔහුව අල්ලාගෙන රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගාල් කළේය.
අප්‍රේල් 15 වැනිදා වෙඩිම ගැනීමට නියමිත ව තිබුණත් මෝදිගේ ලොක්ඩවුන් තත්වය නිසා තමන් සේවය කරන පංජාබ් ප්‍රාන්තයේ කොටු වී සිටියේය. ඔහුගේ මනාලිය සිටියේත්, වෙඩිම ගැනීමට නියමිතව තිබුණේත් පංජාබයේ සිට කිලෝමීටර 800 ක් හෙවත් හැතැක්ම 500 ක් දුරින් පිහිටා තිබූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහරාජාග්ගුන්ජි ගමේ ය.
ඔහුට සිටියේ නල්ලමලේ මිතුරන් කල්ලියකි. ‘බඳින්න යන මිනිහාටත් මැරෙන්න යන මිනිහාටත් මොකුත් කියන්න එපා‘ යැයි කතාවක් තිබේ. මන්ද, ඒ දෙදෙනාම මොනවා කීවත් නතර කරන්නට බැරි නිසා ය. ඔහු සහ ඔහුගේ ප්‍රාණසම මිතුරන්ගේ ඒකමතික අදහස වුණේ වෙඩිමට පයින් හෝ යා යුතු බව ය. ඔහුගේ හයියට මිතුරන් තිදෙනෙක් ද පාපැදි වීර චාරිකාවට එක් වූහ.
‘‘යාළුවොත් එක්ක කතා කළාම උන් එක පයින් කැමති වුණා. තුන් දෙනෙක් එක්ක මම පිටත් වුණා..‘‘ යැයි මනාලයා පසුව කීවේය.
නමුත් ගම පෙනි පෙනී උත්තර් ප්‍රදේශ් පොලිසියේ මුරපොළකදී පාපැදි හතර නතර කෙරිණි. ඒ වන විට දිවා රෑ සතියක් ඔවුන් පාපැදි පාගා තිබිණි. ඒ වන විට වෙඩිමට තිබුණේ තවත් දින 2 කි. හැතැක්ම තිබුණේ 19 ක් පමණි.
‘‘පොලිසියේ මහත්තුරු ඒ ටික යන්න දුන්න නම් මං අද මනාලයෙක්..‘‘ යැයි සෝනු කුමාර් කියන්නේය.
ඔහු තවමත් ඇතුළේය. රෝග ලක්ෂණ පහළ නොවුණහොත් සති 2 අවසන් වන්නේ අප්‍රේල් 27 වැනිදාට ය. නමුත් මැයි 3 වැනිදා දක්වාම මෝදිගේ ලොක්ඩවුන් නියෝගය බලපැවැත්වෙන්නේය.
ඉතින් අවසානයේ පති කුලයට යැයි සිතාගෙන මේ තරුණයා දිවා රෑ සතියක් බයිසිකලය පාගා තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයකට යන්නට ය.
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…