එසැණ පුවත්

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගම – යුරෝපා සංගමයේ දැඩි විරෝධය!

මෙම නීති සම්පාදනයට මූලික අනුග්‍රහය ලබා දී තිබෙන්නේ හංගේරියාවේ දක්ෂිණාංශික සහ ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් විසිනි.

මෙම නීතිය සම්පාදනය සඳහා සමලිංගිකත්වය කෞමරකාමය හෙවත් පෙඩොෆීලියාවට සමාන කරමින් පසුබිම සකස් කරගෙන තිබේ. එමෙන්ම එල්ජීබීටීඅයිකිවු ක්‍රියාකාරීන් හට පෙරපාසල් හා පාසල් දරුවන් සමඟ මුණ ගැසීමට ද තමා ඉඩ නොතබන බවට එල්ජීබීටී-විරෝධී හංගේරියානු අග්‍රාමාත්‍ය ඕර්බන් ප්‍රකාශ කර තිබේ.

මෙම නීතිය මුල්ම වරට හඳුන්වා දී තිබෙන්නේ කෞමරකාමීන් වෙත දඬුවම් පැමිණවීමේ නීතියක් ලෙසිනි. ඒ අනුව අධිකරණය ඉදිරියේ ළමා අපයෝජන වලට වරදකරුවන් වූ පුද්ගලයින් හට දඬුවම් පැමිණවීමට ඉකුත් ජූනි මස මෙම නීතිය හඳුන්වා දී තිබේ. කෙසේවෙතත්, මෙම නීතියට ඉකුත් ජූනි 15 වන දින සංශෝධනයක් ඉදිරිපත් කරමින් යෝජනා කර තිබෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් හට සමලිංගිකත්වය පිළිඹිමු වන අන්දමේ හෝ ප්‍රවර්ධනය වන අන්දමේ කිසිවක් ප්‍රදර්ශනය නොකළ යුතු බවයි.

ඒ අනුව ලිංගික දිශානතිය හා කිසිදු විද්‍යාත්මක සබඳතාවක් නොමැති කෞමරකාමය, සමලිංගිකත්වය හා සමපාත කරමින් මෙම නීතිය ගොඩනංවා තිබේ.

හංගේරියාවේ මෙම එල්ජීබීටීඅයිකිවු විරෝධී නීතිය යුරෝපා පාර්ලිමේන්තුවේ මෙන්ම යුරෝපා සංගමය ඇතුළු කලාපීය සංවිධානයන්ගේ ඉමහත් පිළිකුලට බඳුන් වී තිබේ. එමෙන්ම මෙම නීතිය යුරෝපා සංගමයේ ප්‍රතිපත්තීන් සහ නීතීන් සෘජුව උල්ලංඝනය කිරීමක් බවද වාර්තා වේ.

ඒ අනුව හංගේරියාවේ මෙම එල්ජීබීටීඅයිකිවු විරෝධී නීතිය පරාජය කිරීමට කඩිනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට යුරෝපා පාර්ලිමේන්තුව තුළ වැඩිදෙනෙකුගේ ඡන්දයෙන් යෝජනාවක් සම්මත වී තිබේ. හංගේරියාවේ මෙම මානව විරෝධී නීතිය පරාජය කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 459 කින් සම්මත වී තිබේ. ඊට විරුද්ධව ඡන්ද 147 ක් ලැබුණු අතර, 58 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

මිනිසුන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම, මූලික අයිතිවාසිකම් සෘජුවේ උල්ලංඝනය කරන මෙම නීතිය හරහා සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්නභාවී ප්‍රජාවන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවටත්, හංගේරියාවේ දේශපාලන මර්දනයේ තවත් මුහුණුවරක් මෙමඟින් පිිළිඹිමු කරන බවටත් යුරෝපා පාර්ලිමේන්තුව අවධාරණය කරයි.

යුරෝපා සංගමයේ සාමාජික රටක් වන හංගේරියාව විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් පරාජය කිරීමට හංගේරියානු රජයට විරුද්ධව ද අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුවේ ස්ථාවරයයි.

වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් හට සමලිංගිකත්වය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම හරහා හංගේරියානු රජය පුද්ගලයින්ගේ ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුවීම සාධාරිනීකරණය කිරීමට දරුවන් ඉත්තන් බවට පත්කර ගෙන ඇති බවත්, එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් යුරෝපා සංගමයේ යුරෝපා කොමිසමේ සභාපති අර්සුලා වොන් ඩර් ලියන් මහත්මිය අවධාරණය කළාය.

මීට අමතරව, හංගේරියාවේ ලිංගික අධ්‍යාපනයට ද දැඩි තර්ජනයක් මෙමඟින් එල්ල විය හැකි බවට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතයයි.

මෙය දක්ෂිණාංශික මතධාරී හංගේරියානු අග්‍රාමාත්‍ය ඕර්බන් විසින් ගන්නා ලද පළමු එල්ජීබීටීඅයිකිවු විරෝධී ක්‍රියාමාර්ගය නොවේ. ඉකුත් 2020 දෙසැම්බර් මස සමරිසි යුවළයන් හට දරුවන් හදාවඩා ගැනීමට ඇති අයිතිය අවහිර කරමින් ඔහු නීතියක් සම්මත කළේය. එමෙන්ම ඉකුත් වසරේ මුල්භාගය තුළ පුද්ගලයකු හට තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නීත්‍යානුකූලව වෙනස්කර ගැනීම තහනම් කරමින් නීතියක් සම්මත කිරීමටද ඕර්බන් ප්‍රමුඛ හංගේරියානු රජය කටයුතු කර තිබිණි.

හංගේරියාව තුළ සමරිසි විවාහය ද නීත්‍යානුකූල ලෙස නොසැලකේ.

එපමණක් නොව, ඕර්බන් එල්ජීබීටීඅයිකිවු ප්‍රජාවන්ගෙන් ද ඔබ්බට විවිධ හේතු මත ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් හට නොයෙකුත් අන්දමේ වෙනස්කොට සැලකීම් සිදුකරන බවට චෝදනාවට ලක්වූවෙකි. විශේෂයෙන්ම සංක්‍රමණික පුද්ගලයන්ට හිමි අයිතිවාසිකම් සීමා කිරීම අතින් ඕර්බන්ට බරපතල චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම, අධිකරණය සහ ජනමාධ්‍ය දේශපාලිනීකරණය කිරීම, යුදෙව් විරෝධී මත ප්‍රවර්ධනය කිරීම, වාමාංශික මතධාරීන් මර්දනය කිරීම ආදී විවිධ කරුණු හමුවේ ඔහු යුරෝපා සංගමයේ ප්‍රභල විවේචනයට ලක්ව තිබේ.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

8 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

10 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

14 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

15 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

15 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

15 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago