අරුම පුදුම

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු

සමහර හුන්සාවරු අවුරුදු 150 ක් වුවත් ඉතාම නිදුකින් ජිවත් වෙති. ඔවුන් ගේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙකුට දන්නා කාලයක පිළිකාවක් නම් වැළඳී නැත. මේ මහා රහස කුමක්ද?

පාකිස්ථානයේ හුන්සා නිම්නයේ ජීවත් වන ගැහැණු, තරුණ වියේදී ලෝකයේ සුන්දරම කාන්තාවෝ බවට පත්වෙති.

මේ ලෝකයේ ශතවර්ෂයක් එසේත් නැතිනම් අවුරුදු 100 ක් ජීවත් වීම මහා ප්‍රාතිහාර්යයකි. නමුත් පරමායුෂ යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන වසර 120ක් දිවිගෙවීම මේ හුන්සාවරුන්ට අතිශයින්ම සාමාන්‍ය දෙයකි. මෙහි රහස කුමක්ද?

සියවසකට වැඩියෙන් ජීවත් වන අය කියන කතා

‘සතුටෙන් නිරෝගීව දිගු කලක් ජීවත් වීම“ බොහෝ ශිෂ්ටාචාරවල සිහිනයක්. නූතන මිනිසා පවා මෙහි සැඟවුණු රහස සොයාගැනීමට නොවක් උනන්දුවක් දක්වයි. නමුත්, ශතවර්ෂයක් ඉක්මවා ජීවත් වූ අයගෙන් ඔබ මේ ගැන ඇසුවොත් ඔවුන් විවිධ කතා කියනු ඇත. ඒවා නිසා ඔබ නොසන්සුන් වීමටත්, එසේම මනස තව දුරටත් අපැහැදිලි වීමටත් ඉඩ ඇති බව ද අමතක නොකරන්න….

පහත දැක්වෙන්නේ එවැනි කතා කිහිපයකි.

ඉතාලියේ එමා මොනාරෝ (Emma Morano) අවුරුදු 116 ක් ජීවත් වූවාය. ඇගේ දිගු දිවියේ රහස කුමක්දැයි ඇසූ විට ඇය කීවේ, ‘‘මම කිසිම කෙනෙකුට යටත් වෙලා ජීවත් වෙන්න කැමති නැති කෙනෙක්. මම හැමදාම ජීවත් වුණේ ඒ ප්‍රතිපත්තිය මතයි‘‘ යනුවෙනි. වයස අවුරුදු 38 දී දික්කසාද වූ ඇය මිය යන තෙක්ම නැවත විවාහ වුණේ ද නැත. ඇය පෙළුණු එකම රෝග තත්වය වූ ඇනීමියාව (රක්ත හීනතාවය) ඈ පරාජය කර ගත්තේ දිනකට අමු බිත්තර දෙකක් බැගින් පානය කිරීම බැගින් බව ද ඇය කීවාය.

දිනකට එක බැගින් කර කළ බේකන් කැබැල්ලක් අනුභව කිරීම මගින් දිගු ආයුෂ ලැබෙන බව සමහරු කියති. ගොවිපොළ ජීවිතයකට හුරුව දීර්ඝායුෂ විඳින අය කියන්නේ තමන් ස්වභාවික ආහාර පාන ගැනීම ඒ රහස බවයි.

නමුත් මේ සියලු දෙනා අතර සිටින පාකිස්ථානයේ හුන්සා ජනයා ට කියන්නට තිබෙන්නේ වෙනස්ම ආරක කතාවකි.

හුන්සා ජනතාවගේ දිගු දිවියේ ලක්ෂණ

එය කරුණු වශයෙන් වෙන් කළහොත් මෙසේ ය.

  1. හුන්සා නිම්නයේ දිවි ගෙවන්නන්ගේ සාක්ෂරතාවය 95%කි. එනම් සෑම හුන්සා වැසියෙක්ම දළ වශයෙන් අඩුම ගණනේ පාසල් ගොස් අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව ලබා ඇත.
  2. හුන්සා පළාතේ ජන වර්ග 4 ක් ජීවත් වෙති.
  3. හුන්සා ජනතාව ආගම් දෙකක් අදහති. නමුත්,
  4. ඔවුන් අතර ඉහත කී කුමන වෙනස්කම් තිබුණත් ඔවුන්ගේ ජීවන රටාව ඉතාම සරල ය.
  5. ඔවුන් ඉතාම මිත්‍රශීලී ය. අමුත්තන්ව උණුසුම් ලෙස පිළිගැනීම සිරිතක් වශයෙන් කරති.
  6. සමහර හුන්සා වැසියෙක් අවුරුදු 150 ක් පමණ ජීවත් වෙති.
  7. හුන්සා ගැහැණු වයස 65 දී ද නිරෝගී දරු උපත් බිහි කරති. එනම් වයස 65 දී පවා ඔවුන්ට මව් පදවිය ලද හැකිය.
  8. ඔවුන් කිසිම අවස්ථාවක සකස් කළ ආහාර ( processed food) කෑමට ගන්නේ නැත.
  9. ඔවුහු ඇප්‍රිකට් පළතුර නිතර නිතර බොහෝ සේ ආහාරයට ගනිති.
  10. ඔවුහු ඉර නැග එන වේලේ සිට ඉර බැස යන තෙක් කෙත්වතුවල වෙහෙස වී වැඩ කරති.

ඉහත සියලු කරුණු සම්බන්ධ කළ විට හුන්සාවරුන්ගේ දිගු ජීවිතයේ රහස මෙසේ හෙළි වේ.

  1. ජීවිතයේ කිසිම කලෙක ඉගෙන ගැනීම නතර කරන්න එපා! නිරෝගී මනසක් වර්ධනය විය යුත්තේ කුඩා කාලයේ පටන්ය. සිතීම කිසිවිටෙක නතර නොකරන්න. සිතට එකඟව ජීවත් වන්න!
  2. ජීවිතයේ පවත්වාගෙන යන සබඳතා නිරෝගී නම් ඔබ විවාහක වුවත් තනිකඩ වුවත් නිරෝගී දිගු දිවියට එහි බලපෑමක් නැත! මෙහිදී ‘නිරෝගී සබඳතාවය යන්නෙන් අදහස් වන්නේ ඔබ-ඔබ සමගම පවත්වාගෙන යන සම්බන්ධතාවය ද විය හැකිය. සැඟවුණු හැඟීම්, බිය පිළිගැනීම ආත්මාවබෝධයට යතුරකි. ඔබට අවශ්‍ය දේ සහ ඔබේ සිහින නිවැරදිව හඳුනා ගන්න. එයින් ඔබේ ලෝකය තවත් පුළුල් වේවි. හැඟීම් සඟවාගෙන දිගු කල් ජීවත් වීම නිසා තෙරක් නොපෙනෙන ආගාධයකට ඔබව ඇදවැටෙන්නටත් ඉඩ තිබෙන බව අමතක කරන්න එපා.
  3. ආතතියෙන් වැළකෙන්න! ඔව්, ලෝකයේ ලොකුම නිහඬ ඝාතකයා වන්නේ ආතතියයි. ජීවන බලවේගය සිඳ දමන නූතන ම ඝාතකයා වන්නේ ද ආතතියයි. වෙහෙස වී වැඩ කිරීම පුරුද්දක් බවට නූතන සමාජය තුළ පත්ව තිබෙන නිසා ආතතිය ‘පුරුද්දකට‘ යාම සිදු වේ. නමුත් සොබාදහමට සම්බන්ධව, ආතතිය අවම ජීවිතයක් ගත කරන්නේ නම් පමණක් ඔබට දීර්ඝායුෂ ලැබේවි.
  4. කාබනික ආහාර, ස්වභාවික ආහාර හැකි තාක් පරිභෝජනය කරන්න. හැකියාවක් තිබේ නම් ඔබම ඒවා වවාගන්න. අද මෙය නිතර දෙවේලේ ඇසෙන මන්තරයක් බවට පත්ව තිබුණත් එසේ කරන අය ඉතාම අඩු බව ඔබ අප හොඳින්ම දන්නවා.හුන්සා වැසියන් කෑමට ගන්නේ තමන්ම වවන දේ පමණයි. ඔවුන් ‘පිළිකාව‘ යන වචනය පවා දන්නේ නැහැ. ඔවුන් ඔබ අප හැම කෙනෙකුටම වඩා ජීවිතය කුමක්දැයි දැනගෙන එය රසවිඳ මිය යනවා. තමන්ගේ මුනුපුරන්ගේ දරුවන් පවා කෙළිදෙළෙන් සෙල්ලම් කරන ආකාරය ඔවුන් ජීවිත කාලය තුළදී දකිනවා. එනිසා මීළඟ වතාවේ ක්ෂණික කෑම හෝ කෙටි කෑම ගැන සිතක් පහළ වන විට හුන්සා වැසියන් සිතෙන් මවා ගන්න.
  5. කායික ක්‍රියාකාරකම්වලින් පළා යන්න එපා. කොයි තරම් අසීරු වුණත් ඒවායේ යෙදෙන්න.හුන්සා වැසියන් දිවා කාලයම ගත කරන්නේ කෙත් වතුවල බර වැඩ සමගයි!
මේ කුඩා හුන්සා දැරිය ළමා වියේ පටන්ම දිගු ජීවිතයේ රහස දැන සිටින්නීය. | Pinterest

  Hunza People Never Get Sick, Don’t Get Cancer and Live up to 120 years — Here’s Why නමැති මේ ලිපිය මුල් වරට Its All About I යන කෘතියේ පළ වූවකි.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

4 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

18 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

22 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago