කාලීන

‘‘මාව මැරෙන්න යනව අම්මේ.. මට සමාවෙන්න..“- මළසිරුරු 39 ක් සමග හමුවූ එසෙක්ස් කන්ටේනරයේ නාටකය දිග හැරෙයි

‘I’m sorry, Mom, I’m dying’- ‘‘මට සමාවෙන්න අම්මෙ.. මාව මැරෙන්න යනවා‘‘ එම ටෙක්ස්ට් මැසේජය යවා තිබුණේ ෆාම් තායි ට්‍රා මයි (Pham Thi Tra My) නමැති 26 හැවිරිදි වියට්නාම් තරුණියක විසින් ඇගේ මව් වෙත ය. එය ඇගෙන් ලද අවසන් පණිවුඩය විය. විශ්වාස කෙරෙන්නේ ඇය, පසුගිය සතියේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවූ මළ සිරුරු තිස් නවයක් පිරුණු ලොරි කන්ටේනරයේ සිටින්නට ඇති බව ය.

Sky News

එම මැසේජය එවා තිබූ දිනය සුවිශේෂී ය. එම කන්ටේනරය බෙල්ජියමේ සිට එක්සත් රාජධානිය බලා නැව් මගින් ගෙන එනු ලැබුවේ එදින හෙවත් අඟහරුවාදා රාත්‍රියේ ය. එහි ඇතුළත ඉතා දැඩි ශීතලකින් යුක්ත වූ බව සොයාගෙන ඇත.

මුලින් වාර්තා වූයේ මිය ගිය 39 දෙනාම චීන ජාතිකයන් වූ බව නමුත්, බලධාරීන් මේ වන විට පවසන්නේ වෙනත් ජාතීන්ට අයත් අය සිටි බව සොයාගැනෙමින් තිබෙන බවයි. මේ වියට්නාම් තරුණියගේ කතාන්දරය හෙළි වන්නේ ද ඒ අනුව ය.

මේ සමගම ලබන බදාදා මිනී මැරුම් චෝදනා මත කන්ටේනර් රථයේ රියැදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, මිනිස් ජාවාරම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් තුන්වැන්නෙක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. රියැදුරා මෙන්ම ඔහු ද උතුරු අයර්ලන්ත ජාතිකයෙකි. මළ මිනී පිරුණු කන්ටේනරය හමුවු දා රාත්‍රියේම ලොරියේ අවසාන හිමිකරු වශයෙන් සැලකෙන 38 හැවිරිදි අඹුසැමි යුවළක් අත්ඩංගුවට ගත් අතර, ඔවුන් පවසා තිබෙන්නේ මෙයට මාස 13කට පෙර සිය වාහනය සොරාගෙන ඇති බවයි.

සිහිනය – එංගලන්තය

වියට්නාම් තරුණිය එංගලන්තයට පැමිණීමට අදහස් කළ බව ඇගේ පවුලේ අය සම්බන්ධ කර ගත් වියට්නාම් මානව හිමිකම් සංවිධානයක් වන Human Rights Space මේ වන විට තහවුරු කර තිබේ. මේ අතර ඇගේ සහෝදරයා බීබීසී පුවත්සේවය අමතා පැවසුවේ ඇයව එංගලන්තයට යැවීම සඳහා පවුලේ අය විසින් පවුම් 31,000 ක මුදලක් කිහිප දෙනෙකුට ගෙවා ඇති බව සහ, අවසාන වශයෙන් ඇය බෙල්ජියමේ සිටි බව තහවුරු වී තිබූ බව ය. ‘‘මට සමාවෙන්න අම්මෙ.. මම පිටරට යන ක්‍රමය සාර්ථක වෙන්නෙ නෑ. අම්මෙ, මම ඔයාට ගොඩක් ආදරෙයි.. මට හුස්ම ගන්න බැරි නිසා මාව මැරෙන්න යනවා..,“ යනාදී වශයෙන් සඳහන් ඇගේ අවසාන ටෙක්ස්ට් මැසේජයේ ස්ක්‍රීන් ෂොට්ස් ද මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වේ. එය එවා තිබුණේ වියට්නාම් වේලාවෙන් අළුයම 4.28 ට හෙවත් බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10.28ට ය.

ඇයට උවමනා වී තිබුණේ එංගලන්තයට පැමිණ නිය අලංකරණ රූපලාවන්‍යාගාරයක රැකියාවක් කරන්නට ය. ඒ වෙනුවට වියට්නාමයේ හා ටින් පළාතේ න්ග්හෙන් හි පිහිටා තිබූ ඇගේ නිවසේ අල්තාරයක් මත දැන් ඇගේ ඡායාරූපයක් අබියස සුවඳ දුම් දල්වා තිබේ. පවුලේ එකම දියණිය වූයේ ඇයයි. ඇගේ ඡායාව අබියස ඇගේ මව, පියා සහ සහෝදරයෝ දෙදෙන වැළපෙති.

මිය ගිය අය අතර මේ තරුණිය සිටින බව මේ වනවිට 100%ක් නිල වශයෙන් ප්‍රකාශ වී නැතත්, එකී ටෙක්ස්ට් මැසේජවල සඳහන් වේලාව සහ එම සිදුවීමේ සිද්ධිමය කාරණා අතිශය සමාන බව දැන් පෙනී යමින් තිබේ.

මළ සිරුරු පිරුණු කන්ටේනරය ග්‍රේස් හි කාර්මික උද්‍යානයකින් සොයා ගැනෙන්නේ එයට පැය 3 කට පසුව ය.

යුරෝපා සිහිනය

මේ අතර බ්‍රිතාන්‍යයේ විප්‍රවාසී ව සිටින වියට්නාම් ජාතිකයන් පිළිබඳ පවත්වාගෙන යන VietHome නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ වියට්නාම් ජාතිකයන් 10 දෙනෙක් පමණ මෙම කන්ටේනරය තුළ සිටියේ යැයි බියක් මතුව තිබෙන බවයි. මේ අතර, වියට්නාම් පවුල් 6 ක් මේ සිදුවීම සම්බන්ධයෙන් බියට පත්ව සිටින බව BBC වෙබ් අඩවිය සඳහන් කරයි. 19 හැවිරිදි වියට්නාම් තරුණියකගේ සහෝදරයෙක් කියා තිබෙන්නේ ඇය අඟහරුවාදා උදෑසන තමන්ට කතා කළ බවයි. බෙල්ජියමෙන් තමන් කන්ටේනරකට නගින බව පවසා ඇති ඇය, ඉන් අනතුරුව දුරකථනය අක්‍රිය කර තිබෙන්නේ තමන්ව බලධාරීන් විසින් සොයාගනිතැයි බිය නිසා ය.

මේ වියට්නාම් තරුණියගේ පියාට අද ඉතිරි වී ඇත්තේ ඇගේ සුන්දර ඡායාරූප එකතුවක් සහ වේදනාකාරී මතකයක් පමණි. | Sky News

මෙම වාර්තාවල එකිනෙකට නොගැළපෙන ස්වභාවයක් පැවතියද, එක් කාරණයක් සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟ විය හැකිය.

එනම් මේ අවාසනාවන්ත ජීවිත සියල්ලම පවුම් දස දහස් ගණනක් මිනිස් ජාවාරම්කරුවන් හට සිය ‘යුරෝපා සිහිනය‘ වෙනුවෙන් ගෙවා ඇති බවයි. ඉන්පසු අවසානයේ අධිශීතකරණයකට සම කළ හැකි වැසුණු කන්ටේනරයක් තුළ හුස්ම ගත නොහැකිව සහ අධික ශීතලෙන් මිය ගිය බවයි.

මේ නූතන මිනිස් ජාවාරම හා වහල් සේවයට ගොදුරු වූ වියට්නාම් ජාතිකයන් අවම වශයෙන් 702 දෙනෙකු එංගලන්තය තුළ සිටින බවට පසුගිය වසරේදී ගණනය කරනු ලැබීය. බ්‍රිතාන්‍යය තුළ සිටින, මේ තත්වයට ගොදුරු වූ වැඩිම වින්දියන් පිරිසක් පැමිණි රට සේ සැලකෙන්නේ ඇල්බේනියාවයි.

සෙල්සියස් අංශක සෘණ 25 (-25C) ක්!

මෙම කන්ටේනරය මුද්‍රා කළ අධිශීත කළ කන්ටේනරයක් (sealed refrigerated trailer) වන අතර, එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 25 (-25C) තරම් අගයක් විය හැකිය. 2004 වසරේදී චීන ජාතිකයන් 23 දෙනෙක් මෙයට සමාන ආකාරයකින් මියයාම පිළිබඳ නඩුවේ නීතීඥයා සඳහන් කළේ මෙවැනි මිනිස් ජාවාරම් බොහෝ විට සිදුකරන්නේ අපරාධ කල්ලි විසින් බවයි. මෙම අපරාධ කල්ලි ‘Snakehead‘ හෙවත් ‘සර්ප ඔළුවන්‘ ලෙස හඳුන්වයි. ඒ සඳහා අධික මුදලක් අය කරන බවද ඔහු පැහැදිලි කරයි. මේ අතර මෙම කන්ටේනරය එක්සත් රාජධානියට පැටවූ බෙල්ජියමේ සීස්බෘෘග් වරායේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ බෙල්ජියම් දේශසීමාවේදී මේ අන්දමින් කන්ටේනරයකට මිනිසුන් ගොඩවීම සිදුවූයේ යැයි විශ්වාස කළ නොහැකි බව ය.

කෙසේ නමුත් අවසානයේ සීස්බෘෘග් වරායේ සිට එක්සත් රාජධානියේ පර්ෆීට් වරායට මිනිසුන් 39 දෙනා සහිත කන්ටේනරය පැමිණි අතර, හොලිහෙඩ් හරහා උතුරු අයර්ලන්තයේ නෝර්ත් වේල්ස් හි සිට ලොරිය පැමිණියේ කන්ටේනරය ගෙන යන්නට ය. ඒ, බදාදා අළුයම 12.30ට ය. ලොරිය කන්ටේනරය ද පටවාගෙන අළුයම 1.05ට වරායෙන් පිටත් වූ අතර, ග්‍රේස් හි වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයෙන් පොලිසියට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ අළුයම 1.40ට ය. ඒ මළසිරුරු සොයාගැනීමෙන් පසුව ය. මෙම දුරකථන ඇමතුම ලබාදුන්නේ කා විසින් ද යන්න පොලිස් විමර්ශකයන් විසින් තවම හෙළි කර නැත.

තවද මේ තත්වය අනුව පර්ෆීට් වරායේදී ලොරියට පටවා ගත්තේ මළ මිනී පිරුණු කන්ටේනරයක් ද යන්න පවා ඉදිරියේදී විසඳිය යුතු ව තිබෙන අබිරහසකි.

මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ එක් පසෙකින් පැවැත්වෙයි. මිය ගිය අයගේ අනන්‍යතාවයන් ඒ අනුව හෙළි වනු ඇත. මේ අතර, තවත් පසෙකින් චූදිතයන්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කෙරෙයි. අවසානයේ මේ මහා අපරාධයේ වගඋත්තරකරුවන් කවුදැයි නුදුරේදීම හෙළි වනු ඇත. නමුත් ඉසුරු සොයා එංගලන්තයට පණ පිටින් හෝ පණ සුන්ව පැමිණි ඒ අසරණයන්ගේ සිහිනවලට නැවත කිසිදා පණ ලැබෙන්නේ නැත. නූතන ලෝකයේ ඉසුරු සොයා විදෙස්ගත වන ඛේදනීය සැණකෙළියේ තවත් එක් ඛේදනීය පරිචේඡේදයක් දිග හැරෙන්නේ එසේ ය.

පෙර ලිපිය – එක්සත් රාජධානියේ කන්ටේනරයක් තුළ විදේශිකයන් 39 දෙනෙකුගේ මළසිරුරු

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

15 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

17 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

17 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

18 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago