එසැණ පුවත්

වෙඩි උණ්ඩයට හිස නොනැමූ ඉම්රාන් යළි සටනට!

ලෝකයේ දේශපාලන පිටිය නොයෙක් අවස්ථාවන්වලදී විවිධ අයුරින් වෙනස්වීම්වලට ලක් වනු ලබන්නේ ඒ ඒ රටවල පවතින ආර්ථික කරුණු හේතුවෙනි. මේ හා සමගාමිව රටවල අභ්‍යන්තරයේ පවතින ගැටුම් හා විවිධ අර්බුද මූලික කර ගනිමින් ඒ වටා ගොඩනැඟෙන ජනරාශීන්ද හේතුවෙන් දේශපාලන ක්‍රියාවලිය වෙනත්ම ගමන්මඟක් ගත් අවස්ථාවන් නැතුවානොවේ. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු වන විට දේශපාලන පිටියේ වර්ණවත්වීම් මෙන්ම වැඩිවශයෙන් කතාබහට ලක් වන අවස්ථාද අපමණය. එය පොදුවේ ගත්කල වෙන් වෙන් වශයෙන් රට රටවලට මෙන්ම ලෝක දේශපාලනය භූමිය තුළද දක්නට ලැබෙන කරුණකි. ලෝක දේශපාලන සම්බන්ධයෙන් මාධ්‍යයන් කතා කරනා විට වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ ජනප්‍රිය චරිතයක් මූලික කරගනිමින් සිදු වන දේශපාලන සිදුවීම්ය. නොයෙක් විට එය පියාපත් ලැබ ඉගිළෙන පක්ෂියකුටත් වඩා වේගයෙන් එතරම්ම ලෝකයේ අවධානය යොමුව තිබෙන බැවිනි.

මේ ආකාරයට එක් ක්ෂේත්‍රයක සිට එහි අතිශය ජනප්‍රිය වීමෙන් පසු දේශපාලන භූමියටද පැමිණ එහිද තම ජනප්‍රියතාව බිඳ නොගත් චරිතයක් වන්නේ ඉම්රාන් ඛාන්ය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු දේශපාලනයට පැමිණ අවසානයේදී ගොස් ඔහු හිඳගන්නේ අගමැති පුටුවේය. එහෙත් පසුව ඔහුට ඉන් බැසයන්නට සිදු වූයේ දූෂණ චෝදනා එල්ලවීමත් සමඟ විශ්වාසභංගයෙන් ලද පරාජයත් සමඟිනි. එය ඒ ආකාරයෙන් සිදු වුවද නැවතත් ඉම්රාන් ඛාන් යළිත් කරළියට පැමිණ තිබේ. එය වඩාත් මාධ්‍ය මඟින් ඉස්මතු කර පෙන්වන්නේ තවමත් ඔහුගේ ජනප්‍රියතාව බිඳනොවැටී ඇති බව පෙන්වීමට ඕනාවටත් වඩා සාධක ඔහුගේ රැලි සඳහා ජනතාව සහභාගි වීමේ ප්‍රවණතාවත් සමඟයි.

ඔහුගේ ජනප්‍රියතාව තවමත් පාකිස්ථානය තුළ අඩු වී නොමැති බව පෙන්වීමට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය මස විශාල ජනකායක් මධ්‍යයේ ඔහු සහභාගිවූ රැලියකදී වෙඩි තැබීමය. ඉන් ඉම්රාන්ට දැඩිව ශාරීරික අලාභහානියක් සිදු නොවූ නමුත් මින් පෙර තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් නොවුණු ඔහුට ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සිදු විය. එහෙත් මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඍජුව කිහිප දෙනකුට චෝදනා එල්ලකරන ලද අතර, විශේෂත්වය වන්නේ එරට අගමැතිවරයාට ද ඔහු ඇඟිල්ල දිගුකිරීමයි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන රනා සනාවුල්ලා ද ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව පවසමින් ඇඟිල්ල දිගු කිරීමයි.

වෙඩි වැදීමෙන් පසු පළමු රැලිය

පසුගිය අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයකින් ඉම්රාන් ඛාන් පරාජයට පත් වීමත් සමඟ නොවැම්බර් මස මුලදී පැවති රැලියකදී ඔහු වෙඩි ප්‍රහාරයකට ලක් විය. එම වෙඩි ප්‍රහාරය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවෙන් ඉම්රාන් ඛාන් නෙරපා හැරීමෙන් පසු සිදු වූ දේශපාලන කැලඹිලි ගණනාවක නවතම පෙරළිය විය. එම ඝාතන තැත ව්‍යර්ථ වීමෙන් පසු ඉම්රාන් තමාගේ පළමු දේශපාලන රැස්වීම පැවැත්වූයේ රාවල්පින්ඩිහිදීය.

කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ අවසන් සෙනසුරාදා ඉම්රාන් ඛාන් නියෝජනය කරනා PTI පක්ෂය විශාල රැලියක් සංවිධාන කර පැවැතියේ ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම හදිසි මැතිවරණයක් කැඳවන ලෙස බලපෑම් කරමිනි. මෙම රැලියේදී පෙර නොවූ ලෙසින් ඉම්රාන් තම ජීවිතය පිළිබඳ කල්පනා කළ බවක් පෙනෙන්නට වූයේ පෙර මහජන රැලිවලට වඩා වෙනස් ස්වභාවයකින් රාවල්පින්ඩි රැලිය අමතන්නට වීමත් සමඟිනි. ඔහු මහජනයා අමතන ලද්දේ වෙඩි නොවදින වීදුරු පුවරුවක් පසුපස සිටය. ඔහුගේ අනුගාමිකයන් දහස් ගණනක් මෙම රැලිය සඳහා සම්බන්ධව සිටි අතර, නගර දැඩි මුරකාවල් සහිතව ආරක්ෂක අංශයන්ගෙන් සන්නද්ධ කර තිබුණි.

මේ අවස්ථාව වන විට ජංගම දුරකතන සංඥා ඇනහිට තිබුණු අතර, විශේෂත්වය වන්නේ ඉම්රාන්ගේ අනුගාමිකයන්ට ඔහුගේ කතාවට සවන් දෙන්නට සිදු වූයේ මීටර් සිය ගණනක් එපිටින් සිට වීමය. කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කරනු ලබන්නේ හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ස්නයිපවරුන් කිහිප ස්ථානයක රඳවා තබා ඇතිබවත්, දහදාහක පමණ පිරිසක් උත්සවය වෙනුවෙන් යොදවා ඇති බවත්ය.

මේ අතර ඉම්රාන්ට හානි කළ හැකි කණ්ඩායම් කිහිපයක් මඟින් රැලියට තර්ජන එල්ල කරනා කණ්ඩායම් සම්බන්ධයෙන් ද ආරක්ෂක අංශ ලැයිස්තු ගත කර තිබිණි. ඒ අතර පාකිස්ථානයේ තලේබාන් සහ අල්කයිඩා සංවිධාන නම් කර තිබිණි. රැලිය පැවැති සෙනසුරාදා දින ඔහුගේ ආධාරකරුවන් පෙළපාළි යාම නවතාලීම් සඳහා රාවල්පින්ඩි නගරයේ ආරක්ෂාව තරකර තිබූ අතර, ආරක්ෂක භටයන් දහස් ගණනක් යොදවා මාර්ග අවහිර කරමින් ආරක්ෂක භටයින් වළල්ලක් ආකාරයෙන් යොදවා තිබිණි.

විරෝධතා පාගමන අවසන්

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ PTI පක්ෂය සංවිධානය කර තිබු ඉස්ලාමාබාද් වෙත ගමන් කරන විරෝධතා පාගමන නවතා දැමීමට මේ මොහොත වන විට ඉම්රාන් අදහස් කර සිටී. මේ පාගමන ඔවුන් ආරම්භ කිරීමට අදහස් කරනු ලැබුවේ පාලනාධිකාරිය සන්නද්ධ වූ රටක සිටින ජනතාව ආර්ථික අර්බුදයක පොරබදිමින් සිටින විට දේශපාලන කැලඹීම් වඩාත් සිදු වන බැවිනි. මේ සියලු දේට තර්ජන එල්ල කරමින් ඉස්ලාමාබාද් වෙත ගමන් කරනු ලබන විරෝධතා පාගමන අවසන් වීමට තිබිණි. සංවිධාන කරන ලද පාගමනේ උච්චතම දිනය වූයේ පසුගිය සෙනසුරාදා දිනයයි. එහෙත් ආධාරකරුවන් පිරිසක් අමතා ඔහු ප්‍රකාශ කර සිටියේ ඉස්ලාමාබාද් වෙත ගමන් කරන පාගමන නොයෑමට තීරණය කළ බවත්, එයට හේතුව වන්නේ මේ නිසා කලකෝලාහල ඇති වුව හොත් එම විනාශය සිදු වන්නේද පාකිස්ථානයට වීම බවයි.

මේ වන විට පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම මැතිවරණයක් ඉල්ලා සිදු කරනු ලබන සටන වේගවත් කිරීම සඳහා ගන්නා උත්සාහයක් ලෙසින් සියලුම පළාත් සභාවලින් ඉවත්වීම පිළිබඳ ඉම්රාන් මේ වන විට PTI පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටී. එහෙත් ඔවුන් මේ වන විට ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඇති අතර, පළාත් දෙකක සහ පරිපාලන ඒකක දෙකක තම බලය රඳවාගෙන සිටී. කෙසේ වුවද ඉම්රාන් තම ඝාතන තැත සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වෙත චෝදනා එල්ල කරන ලද අතර, ඒ සමඟම තවත් විශේෂිත වූ පුද්ගලයන් දෙදෙනකුද නම්කර තිබිණි. ඒ අගමැති තනතුර හොබවන ෂෙබාස් ෂරීෆ් සහ ඝාතනය සැලසුම් කළා යැයි සඳහන් වන හමුදා නිලධාරියකුය.

අවසන් රැලියේදී ප්‍රකාශයක්

ඉම්රාන් ඛාන් පසුගිය සෙනසුරාදා රාවල්පින්ඩිහිදී පැවැති රැලියේදී විශේෂිත වූ ප්‍රකාශයක් කිරීමට සමත්විය. එනම් රට වෙනුවෙන් තම අවසන් ලේ බිංදුව තෙක් සටන් කරනා බවයි. වැඩිදුරටත් ඔහු පවසන්නේ ඔහු තමාගේ ජීවිතයටත් වඩා පාකිස්ථානය පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත්, මේ හේතුවෙන් තම අවසන් ලේ බිඳුව තෙක් රට වෙනුවෙන් සටන් කරනා බවය.

ඔහු විශ්වාසභංග යෝජනාව පැරදීමත් සමඟ මාස කිහිපයකින් අනතුරුව ඔහුගේ අනුගාමිකයන් විසින් රැලි සංවිධානය කිරීමෙන් පසු එරට රජය විසින් ප්‍රකාශ කරනු ලැබූවේ ඔහුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉල්ලා ජයග්‍රහනය කළද පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් නොමැති බවයි. එයට හේතු ලෙසින් ඔවුන් සඳහන් කරනු ලැබුවේ පසුගිය මැතිවරණ වෙනුවෙන් ඔහු විදේශ රටවලින් මුදල් ලබාගෙන ඇති බව පවසමිනි. මේ කරුණු කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් මේ මෙහොත වන විට සිටින්නේ විශාල ජනතා කැමැත්තක් සමඟින් ජයග්‍රාහී රැලි අමතමිනි. ඔහුගේ ගමන් මඟ නැවතීමට ඉම්රාන් ඝාතන තැතක් ක්‍රියාත්මක කළද එය ව්‍යර්ථ වීමම ඔහු වටා යළි ජනතා ප්‍රසාදය වැඩි වීමක් පෙන්නුම් කෙරිණි.

කෙසේ වුවද වීදුරු පුවරුව පිටුපස සිට ජනතාව ඇමතූ ඉම්රාන් වේදිකාවට ගොස් අවසාන වශයෙන් ජනතාවට පැවසුවේ ‘මම මරණය දුටු බවයි’.

රෂිකා හෙන්නායක

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

12 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

14 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

14 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

15 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

16 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

20 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago