ඉන්දියාවේ උතුරු පන්ජාබයේ අම්රිත්සාර්හි ජොඩා ෆටාක් ප්‍රදේශයේදී ඊයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 61දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 72කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. අනතුර සිදු වූයේ 300කට අධික පිරිසක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිමින් දුසෙරා නමැති හින්දු උත්සවයෙහි සැමරුම්වල නියැලෙමින් සිටියදීය.
ජලන්ධාර් සිට අම්රිත්සාර් දක්වා ගමන් ගන්නා අධිවේගී දුම්රියක්, පිරිස ගමන් ගත් දුම්රිය මාර්ගයේ ම ගමන් ගනිමින් තිබී ඇත. දුම්රිය, පිරිස ආසන්නයට පැමිණෙන තුරුම පිරිසෙහි වැඩිදෙනෙකු ඒ බවක් දැන සිට නැත. විශාල වශයෙන් රතිඥ්ඥා පත්තු කරමින් සිටි නිසා දුම්රියේ හඬ කිසිවකුට ඇසී නැති බව සඳහන් වේ. දුම්රිය එන බැව් කිසිවකුගේ අවධානයට ලක් නොවන්නට තවදුරටත් බලපා තිබෙන්නේ, පිරිස ඒ අවස්ථාව වනවිට රාවණා ආකෘතියකට ද ගිනි තබමින් සිටි නිසයි. ගිනිගෙන දැවෙන රාවණා ආකෘතිය තමන්ගේ සිරුරුවලට කඩා වැටෙතැයි කියන බියෙන් එහි සිටි පිරිස් නොසන්සුන්ව දුම්රිය මඟ දිගට එහෙ මෙහෙ යමින් එමින් සිටි බව සඳහන් වේ. තවත් පිරිසක් ජංගම දුරකතන මඟින් මේ සියලු දේ වීඩියෝ කරමින් සිටි බව සිද්ධිය ඇසින් දුටු අය පවසති. එකනෙහිම මතු වූ දුම්රිය පිරිස යට කරගෙන ඉදිරියට ඇදුනු බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
තුවාල ලැබූවන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර කඩිනමින් සහ නොමිලයේ ලබා දෙන්නට පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය අමරින්දර් සිං උපදෙස් ලබා දී ඇත. මේ අතර ප්‍රාන්ත තුළ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. අද – සෙනසුරාදා දිනයේදී එහි පාසල් සහ කාර්යාල වසා දමා ඇතැයි රොයිටර් වාර්තාවක් පෙන්වා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදී, විපතට පත් අයගේ පවුල්වලට සිය කණගාටුව පළ කර ඇත.
විශාල ආකෘති ගිනිතබා විනාශ කිරීම අන්තරාදායක බැවින් ඒ සඳහා අවසරය ලබා ගත යතු බව ඉන්දීය නීතියෙහි සඳහන් වේ. මෙම උත්සවයේදී ඒ සඳහා අවසරයක් ලබාගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
දුසෙරා නමැති හින්දු උත්සවය පැවැත් වෙන්නේ රාමාගේ ජයග්රහණයන් ස්මරණය සඳහායි. ශීර්ෂ දහයක් සහිත අමනුෂ්‍ය රජ කෙනෙකු හැටියට සැලකෙන රාවණාගේ ආකෘති ගිනි තබා විනාශ කිරීම මේ උත්සවය තුළ සිදු කෙරෙන්නකි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…