ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි විසින් අපහාස නඩුවකට තමා වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා කළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP)මන්ත්‍රීවරයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් කොංග්‍රස් පක්ෂ නායකයා මැතිවරණ වේදිකාවකදී මෝදි යන වාසගම සහිත පලාගිය ඉන්දීය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගැන සඳහන් කරමින් කරන ලද ප්‍රකාශයකින් මෝදි යන අයගේ වාසගමට අපහාස කිරීමක් ලෙස මෙම නඩුව ගොනු කර ඇත. මෙමඟින් රහුල් ගාන්ධි වරදකරු වන්නේ නම් 2024 මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට ඔහුට අවස්ථාව අහිමිවනු ඇති අතර සූරත් නගරයේ දිස්ත්‍රික් අධිකරණය විසින් පනවන ලද වසර දෙකක සිර දඬුවමක් ද නියම වනු ඇත.
රාහුල් ගාන්ධි නීතියෙන් වරදකරු වීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.
ඉන්දීය නීතියට අනුව ඕනෑම වරදකට වරදකරු වී වසර දෙකකට නොඅඩු සිරදඬුවම් නියම වූ අයෙකුට මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විය නොහැක. ඒ අනුව අධිකරණයක් විසින් ඔහුගේ වරදකරුවීම සහ වසර දෙකක සිරදඬුවම අවලංගු කරන්නේ නම් ඉදිරි වසර අට සඳහා මැතිවරණයට ඉදිරිපත් විය හැකිය.
කොන්ග්‍රස් නායකයෙකු සහ නීතීඥයෙකු වන නයිෂාද් දේසායි මාධය වෙත ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගුජරාට් මහාධිකරණයට ඉදිරිපත් කරන බවත් අධිකරණය යුක්තිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු ඇතැයි විශ්වාස කරන බවයි.
1947 නිදහසින් පසු දශක ගණනාවක් ඉන්දීය දේශපාලනයේ ආධිපත්‍යය දැරූ පවුලක කීර්ති නාමයට හානි කිරීමට භාරතීය ජනතා පක්ෂය විසින් චෝදනා කිරීම මෝදි විරෝධීන් දැඩිලෙස හෙළාදැක තිබේ.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…