ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නායක එම්. කරුණානිධි 94 හැවිරිදි ය. රුධිර පීඩනය ආශ්‍රිත ගැටළු හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට ද මීට පෙර කියැවුණු නමුත් ඔහුගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින් පවසා තිබෙන්නේ පියාගේ තත්වයේ මද සුවයක් දැකගත හැකි බවයි. කටකතා වලට නොරැවටෙන ලෙසට ද ඔහු DMK පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දියානු පුවත්සේවා වාර්තා කරන්නේ පක්ෂ ආධාරකරුවන් පසුගිය දින කිහිපය පුරාම කරුණානිධිගේ මන්දිරය අසල කඳවුරු බැඳගෙන සිය නායකයාට ඉක්මන් සුවය පතමින් කල් ගත කළ බවයි.
මේ අතර අද අළුයම කරුණානිධි ව හදිසියේ රෝහල්ගත කර තිබෙන්නේ ස්ටාලින්ගේ නිවේදනයෙන් මද වේලාවකට පසුව බව ද වාර්තා වේ.
එම්. කරුණානිධි, තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරයා වශයෙන් 5 වතාවක් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ දමිල වාර්ගික අර්බුදය ඔහුගේ ප්‍රියතම මාතෘකාවක් විය. දැනට වසරක පමණ කාලයක පටන් රෝගී තත්ව හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ දැක ගත හැකි වන්නේ කලාතුරකිනි.
කරුණානිධි 30 වසරක සිනමා ජීවිතය හේතුවෙන් ද ඉන්දියාව තුළ අතිශයින් ජනප්‍රිය චරිතයකි. එසේම දකුණු ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තයෙක් වන සිවාජි ගනේෂන්ගේ අති ජනප්‍රිය වූ ‘පරශක්ති‘ චිත්‍රපටයේ තිර රචකයා වන්නේ ද කරුණානිධි ය. දමිල සිනමාවේ ත්‍රිමූර්තියේ තවත් සාමාජිකයෙක් වන MGR හට කීර්තිය ගෙන දුන් ‘මන්ත්‍රීකුමාරි‘ චිත්‍රපටය ද ඔහුගේ රචනයකි.
70 වසරකට අධික දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක සිය ආසනය පරාජය නොවූ දේශපාලකයා වශයෙන් ද ඉන්දීය දේශපාලනය තුළ ඔහු වාර්තාවක් තබා තිබේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…