කාලීන

පැයකට යුවතියන් 4 දෙනෙක් දූෂණය කෙරෙන ‘නිර්භයා‘ගේ ඉන්දියාව

මේ සියල්ලෙන්ම පසු අද වන විට ඉන්දියාව කෙබඳු ද? ඉන්දියාව කාන්තාවන් හට කොතරම් දුරකට ආරක්ෂිත දේශයක්ද?

ලෝකයේ කාන්තාවන්ට අනාරක්ෂිතම රට බවට අංක 1 ට තවමත් පත්ව තිබෙන්නේ ඉන්දියාවයි.

ඇමරිකාව පසුවන්නේ 10 වන තැන ය.

ඉන්දියාවේ අහඹු ලෙස තෝරාගත් දැරියන් හෝ යුවතියන්ගෙන් ඔවුන් සිය ජීවිතයේ කෙදිනක හෝ මුහුණ පා ඇති ලිංගික අඩන්තේට්ටම් හෝ බලහත්කාරකම් ගැන ඇසුවහොත් ඔවුන් කුමන ආකාරයේ පිළිතුරු ලබාදේවිද?

‘‘මම ඔය කියන බොහෝ අඩන්තේට්ම්වලට මුහුණපාල තිබෙනවා. බලපෑම් කරමින් පසුපස ඒමේ පටන්, අනවශ්‍ය ලෙස ශරීරය ස්පර්ශ කිරීම, නොදන්නා දුරකථන ඇමතුම් හරහා එන අනිසි බලපෑම් යන මේ හැම දෙයක්ම මම අත්විඳලා තිබෙනවා“ එසේ පවසන්නේ තවම සිය ජීවිතයේ 18 වැනි අවුරුද්දට පා තබා නැති ඉන්දියානු යුවතියකි.

‘‘මා පසුපස ආ තරුණයෙක් මා සමගම බසයට නැංගා.. බස් රියේ සෙනඟ පිරිලා.. ඒක තමන්ගේ වාසියට ගත් මේ පුද්ගලයා මගේ ශරීරයේ අනවශ්‍ය ආකාරයෙන් ඇතිල්ලෙන්නට පටන් ගත්තා.. මම විරෝධය පෑවාම ඔහු කළේ මුළු බස් රියටම ඇහෙන්නට කෑ ගසා බැනීමයි..“ යැයි තවත් ඉන්දීය යුවතියක් පවසයි.

‘මේ වගේ දේවල් මට ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් සිද්ධ වෙලා තියෙනවා..“

‘‘පස්සෙන් එනවා.. බලෙන් ශරීරය ස්පර්ශ කරනවා.. ශරීරයේ ඇතැම් ස්ථාන අනවශ්‍ය ලෙස මිරිකන්නට උත්සාහ කරනවා… ඉදිරියට පැමිණ කලිසමේ සිප් එක ගළවනවා..“ එසේ කියන්නේ 40 හැවිරිදි ඉන්දීය කාන්තාවකි.

Janta Ka Reporter

කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම ඉන්දියාවේ ජාතික න්‍යායපත්‍රයේ අංක එකට පැමිණිය යුතු යැයි පවසන්නෝ බොහොමයකි. නිර්භයාගේ සිදුවීමෙන් පසුවත්, එනම් 2007 සහ 2016 අතර කාලයේ ද ඉන්දියාව තුළ ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන අපරාධ 83% කින් ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ සෑම පැයකදීම ස්ත්‍රී දූෂණ සිද්ධි 4 ක් වාර්තා වේ. මේ තත්වය පවතින්නේ, වාර්තා ගත නොවූ අපරාධ රාශියක් අතරවාරයේ බව ද අමතක නොකළ යුතුය.

ඉන්දියාවේ ‘සෙක්සිසම්‘ යනු එදිනෙදා ජීවිතයේ ඉපදුණු දා පටන් ගැහැණු ළමයා මුහුණ දෙන සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වෙමින් තිබේ. එයට විරෝධය පාන්නන්ට වඩා එය එදිනදො ජීවිතයේ කොටසක් ලෙස භාරගන්නා අය දිනෙන් දින වැඩි වේ. පුරුෂ මූලික කුලදෙටු සමාජය තුළ ඉන්දියානු කාන්තාව තවමත් සැලකෙන්නේ දෙවැනි පන්තියේ පුරවැසියා ලෙස ය. ඉන්දීය පුරුෂයන් තුළ ගැහැණුන් සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇතිකිරීම අසීරු කටයුත්තක් වී තිබෙන්නේ ද මේ නිසා ය.

Indian Wedding Site

කලෙක ස්ත්‍රීන් දේවත්වයට පත්කර වැඳුම් පිඳුම් කළ රටක්, දේවතාවියන්ට පහන් පත්තු කළ රටක්, ස්ත්‍රීන් වනාහි දුටු විට කෙළසා දැමිය යුතු සත්වයෙක්ය යන මානසිකත්වයට පත් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු සමාජ විද්‍යාත්මක කාරණාවකි. නිර්භයාලා තව සිය ගණනක් බිහි වී, දූෂකයන් හමුවේ කෙළෙසී, යුක්තිය ඉල්ලමින් මියැදුණද ඉන්දියාව තවමත් වෙනස් වන ලකුණක් හෝ නැත.

කියවන්න.
දිල්ලි බස් රථයක් තුළ සිදුවූ සමූහ දූෂණයේ වැරදිකරුවන් එල්ලා මැරීමේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

34 mins ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

13 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

13 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago