රුසියානු කෝටිපති 65 හැවිරිදි පාවෙල් ඇන්ටොව්ගේ මිය ගිය සිරුර ඔඩිෂා ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික්කයේ සුඛෝපභෝගී රයාගඩා හෝටලයක තටාකයක තිබී ඉන්දීය පොලීසිය විසින් සොයා ගැනීමත් සමඟ, ඒ පිළිබඳ ඉන්දීය පොලීසිය විමර්ශන කටයුතු අරඹා තිබේ.
මේ වන විට පොලීසිය විසින් ආරක්ෂක කැමරා පද්ධතීන් පරික්ෂා කරමින්, හෝටල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරමින්, සිය විමර්ශන කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් තිබේ.
ඇන්ටොව් 2018 සිට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වූ අතර, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ එක්සත් රුසියානු පක්ෂය නියෝජනය කළේය. ඔහු දේශපාලඥයෙකුට අමතරව කෝටිපති ව්‍යාපාරිකයෙකු ද විය.
දේශපාලනයට පිවිසීමට පෙර ඔහු Vladimirsky Standart සමාගම ආරම්භ කළේය. 2019 දී, Forbes සඟරාවේ රුසියානු සංස්කරණය මගින් ඔහු රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරින් ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගත කරන ලදී. ඔහු යුක්රේනයේ රුසියාවේ “විශේෂ මිලිටරි මෙහෙයුමට” සහාය දෙන ලදි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් රුසියාවේදී ව්ලැඩිමීර් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජ්‍ය ප්‍රධානී වියචෙස්ලාව් කාර්තුකින් විසින් ටෙලිග්‍රාම් හි සඳහන් කර තිබුණේ අපගේ සගයා, සාර්ථක ව්යවසායකයෙකු සහ දානපතියෙකු වූ Pavel Genrihovich Antov අභාවප්රාප්ත වූ බවත්, ඒ සම්බන්ධයෙන් එක්සත් රුසියානු කන්ඩායමේ නියෝජිතයින් වෙනුවෙන්, මම පවුලේ අයට සහ මිතුරන්ට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්ය.
පාවෙල් ඇන්ටොව් තවත් රුසියානු ජාතිකයන් තිදෙනෙකු සමඟ නිවාඩුවක් ගත කිරීමට ඉන්දියාවට පැමිණ ඇති අතර ඉන් ව්ලැඩිමීර් බිඩෙනොව් ඔඩීෂා හි දකුණු දිස්ත්‍රික්කයේ රයාගඩා හි එම හෝටලයේදීම හෘදයාබාධයකට ලක්ව සිහිසුන්ව සිටියදී දින දෙකකට පසු සොයාගෙන තිබේ. එමෙන්ම අනෙක් සගයා වන බිඩෙනොව් ද අධක ලෙස මත්පැන් පානය කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම මරණයන් සම්බන්ධයෙන් හැකි සෑම කොණයකින්ම සත්‍ය හෙළි කිරීමට උත්සහ කරන බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී රාජේෂ් පණ්ඩිත් AFP ප්‍රවෘත්ති ඒජන්සියට වාර්තා කර තිබිණ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…