ඉන්දුනීසියාව 2030 වන විට වන විනාශය අවසන් කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමේ කොන්දේසි විවේචනය කර ඇති අතර, සිය රටට ඊට අවනත නොවිය හැකි බවට ඔවුන් සඳහන් කරයි.
එරට පරිසර අමාත්‍ය Siti Nurbaya Bakar මහත්මිය පැවසුවේ බලධාරීන්ට “අපට කළ නොහැකි දේ පොරොන්දු විය නොහැකි” බවයි.2030 වන විට වන විනාශය ශුන්‍ය කිරීමට ඉන්දුනීසියාවට බල කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරිය පැවසුවාය.සිය රටේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ වනාන්තර ගිවිසුමට අත්සන් තැබුවද, ඉන්දුනීසියාවේ ප්‍රමුඛතාවය සංවර්ධනය බව ඇය පැවසුවාය.ලෝක නායකයින් 100 කට වැඩි පිරිසක් එකඟ වූ මෙම එකඟතාවය, පසුගිය සඳුදා Glasgow හි COP26 දේශගුණ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.
ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරිය සඳහන් කළේ සිය රටේ අතිවිශාල ස්වභාවික සම්පත් එහි ජනතාවගේ යහපත සඳහා භාවිතා කළ යුතු බවයි.එසේම නව මාර්ග ඇති කිරීම සඳහා වනාන්තර කපා හැරීමේ අවශ්‍යතාවය ඇය සඳහන් කර තිබේ.ඉන්දුනීසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මහේන්ද්‍ර සිරේගාර් පැවසුවේ මෙම එකඟතාවය ප්‍රතිඵල රහිත නොමඟ යවන සුලු තත්වයක් බවයි.
මෑත වසරවල ලොව වන විනාශයේ කැපී පෙනෙන අඩුවීමක් තිබියදීත්, ඉන්දුනීසියාවේ විශාල වනාන්තර තවමත් සිමා කාරී වෙමින් පවති. Global Forest Watch වෙබ් අඩවියට අනුව, 2001 දී ඉන්දුනීසියාවේ ප්‍රාථමික වනාන්තර හෙක්ටයාර් මිලියන 94 කට ආසන්න ප්‍රමාණයක් පැවති අතර, එය නිවර්තන වනාන්තර ලෙස හඳුනාගෙන තිබිණි.නමුත් ඒවා මෑත ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇති අතර, නැවත වර්ධනය වී නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…