එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා මෙම සතියේ මැදපෙරදිග නිල සංචාරයක නිරත වන අරත, එහිදී ඊශ්‍රායලය, සවුදි අරාබිය ඇතුළු විවිධ රටවල නායකයන් හමුවීමට සූදානමින් පසුවන බව වාර්තා වෙයි.
මේ අතර, ඉරානයේ කුද් යුධ නායකවරයකු වන කසීම් සොලෙයිමානි මීට වසර දෙකකට පෙර ඝාතනය කිරීමට ඇමරිකානු හමුදා භට කටයුතු කිරීම හමුවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බවට ඇමරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයේ හිටපු හෝ වර්තමාන ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බව හා මෙම ඝාතනය සිදුකිරීමට අදාළ ප්‍රහාර දියත් කිරීමට ඇති සම්භාවිතාව “ඉහළ මට්ටමක” ඇති බව උක්ත ඇමරිකානු බුද්ධි අංශ විසින් තහවුරු කළ බව යාහූ වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ පිළිබඳව එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මධ්‍යස්ථානයෙන් (US National Counterterrorism Center) සහ ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන් (Secret Service) කළ විමසීමකදී ඊට ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
2020 වර්ෂයේදී ඉරාන කුද් යුධ (Islamic Revolutionary Guard Corps) නායක කසීම් සොලෙයිමානි ඝාතනය කරනු ලැබුවේ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇමරිකානු හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයක් අතරතුරදී ය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…