ඇමරිකාවේ වොෂිංටන් ඩීසී හි පිහිටා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය අද (ඔක්තෝබර් 30) දින පටන් වසා තබන බව එම කාර්යාලය නිවේදනය කොට තිබේ.
ඒ අනුව වොෂිංටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාල සේවාවන් කිසිවක් අද දින පටන් ක්‍රියා නොකරන අතර, තානාපති කාර්යාල හෝ කොන්සියුලර් පරිශ්‍රයට ඇතුළු වීමද තහනම් බවට එම නිවේදනයේ දැක්වේ.
මෙයට හේතුව වශයෙන් එම තානාපති කාර්යාලය සඳහන් කළේ, මුදල් අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් විසින් එකඟවූ සහ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමට ඊශ්‍රායල මුදල් අමාත්‍යංශය අත්තනෝමතික අන්දමින් ක්‍රියා කර ඇති බවත්, ඒ තුළින් දශක ගණනාවක් පුරා පැවති අන්‍යොන්‍ය අවබෝධය බිඳ දමමින් ඒක පාර්ශ්විකව කටයුතු කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවත් ය.
තානාපතිවරුන්ට ගෙවන ලද වියදම් දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති මෙම ආරවුල සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ හමුදා අනුයුක්ත කිරීම නිසා ලොව පුරා සියලුම ඊශ්‍රායල තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල මෙසේ වසා දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“2019 ජුලි 21 වන දින මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් එකඟ වූ සහ අත්සන් කරන ලද අවබෝධය උල්ලංඝනය කිරීමට සහ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රොටෝකෝල වෙනස් කරන ඒක පාර්ශවීය ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය ගත් තීරණය හේතුවෙන් අප තානාපති කාර්යාලය වසා දැමීමට අපට සිදුවී ඇත.” එම නිවේදනයේ දැක්වේ.
මෙලෙස ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල වසා දැමීම තුළින් විදේශයන් හි සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයන් හට හානිකර විය හැකිය. එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර හෝ හදිසි වෛද්‍ය උපකාර අවශ්‍ය වන අවස්ථාවන් හීදී කොන්සියුලර් සහාය අත්‍යවශ්‍ය වේ.
මේ වන විට ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාල 69ක් ද කොන්සියුලර් කාර්යාල 23ක් ද ක්‍රියාත්මක වේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…