කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් සිදුව ඇති බලපෑම පාලනය සඳහා ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට දැඩි නීති පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
ඊයේ දිනයේදී පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 800ට ආසන්න වී (793) තිබූ අතර වැඩිම මරණ ගණනක් වාර්තා වූ දිනය ලෙසත් ඉතාලියේ ඊයේ දිනය කොරෝනා දින පොතට එක්ව තිබුණි.
මෙම තත්ත්වය සමඟ ඉතා දැඩි අවධානමක පසුවන ඉතාලියේ මෙම වෛරසය හේතුවෙන් සමස්ත මරණ 4825ක් වාර්තා වී තිබෙන අතර ලොම්බාර්ඩි කලාපෙන් පමණක් මරණ 3095ක් වාර්තා වී ඇත.
ඒ අනුව ඉතාලියේ දැඩි අවධානම් කලාපය ලෙස ලොම්බාර්ඩි දක්වා තිබෙන හෙයින් මෙම ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති දැඩි කිරීමට රජයට සිදුව තිබේ.
ඉතාලියානුවන්ට මෙම කොටු කර තැබීම දරාගත නොහැකි මානසික වදයක් වුවත් එය මේ මොහොතේ අත්‍යාවශ්‍යම කාරණයක් බවට පත්ව ඇති බවයි සිය ජනතාවට එරට රජය අවධාරණය කරමින් සිටින්නේ.
සිය දේශයත් ගෝලීය ප්‍රජාවත් ගැන තවදුරටත් අවධානය දැඩි කරමින් අත්‍යාවශ්‍ය සැපයුම් පමණක් හැර සෙසු සියල්ල සේවා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය උපදෙස් දී තිබේ.
රෝහල් සහ ප්‍රවාහන සේවා හැර සෙසු ඉදිකිරීම් ඇතුළු මෙතෙක් පවත්වා ගෙන ගිය සියලුම එළිමහන් වෙළෙඳ පොළවල් ද දැන් අත්හිටුවා ඇත.
පසුගිය 08 වැනිදා සිට ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට අගුළු දමා තිබුණ අතර ඊයේ දිනයේදී එරට අගමැතිවරයා නියෝග කර තිබුණේ ලොම්බාර්ඩි කලාපයේ පමණක් නොව සමස්ත ඉතාලියේම අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල අත්හිටුවන ලෙසයි.
කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා මොනවද යන්න හෝ ඔහු සඳහන් කර නොමැති අතර එපමණටම ඉතාලිය ව්‍යාකූල වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් අගමැතිවරයා කියා තිබුණේ කොරෝනා බලපෑම නිසා රටේ මෙහෙයුම් මන්දගාමී කිරීමට සිදුව ඇතත් සහමුලින්ම නවතා නොදමන බවයි.
ඉතාලිය මුහුණ දී සිටින ඉතා දුෂ්කර අවස්ථාව මෙය වන බවත් නව රෝගීන් හා මරණ අඛණ්ඩව වාර්තා වෙමින් පවතින බවත් අගමැතිවරයා එහිදී පවසා තිබුණි.
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එරට වෛද්‍යවරු 17 දෙනෙකුද මිය ගිය ගොඩට එකතු වී තිබෙන බවත් තවත් සෞඛ්‍ය සේවකයන් 3000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන බව සඳහන්.
මෙම තත්ත්වය හමුවේ වෛරසය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීම සඳහා රජය ජනතාවට ලබා දෙන උපදෙස් සහමුලින්ම අනුගමනය කළ යුතුව ඇති අතර ඊට ජනතාව සාමූහිකව සහය වීම යුතු බවයි ඉතාලි රජය මොහොතින් මොහොත අවධාරණය කරමින් සිටින්නේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…