Categories: Uncategorized

සෞදි මාධ්‍යවේදියෙක් තානාපති කාර්යාලයේදී අතුරුදහන්!

සෞදි අරාබි ජාතික පනස් නව හැවිරිදි මාධ්‍යවේදී ජමාල්, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය වෙත පසුගිය අඟහරුවාදා පස්වරුවේදී පිවිසියේ සිය දික්කසාදයට අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීම සඳහායි. ඔහු කොන්සල් කාර්යාලයට පැමිණ තිබෙන්නේ සිය තුර්කි ජාතික පෙම්වතිය – හටිසේ සමඟිනි.

අතුරුදන් වූ මාධ්‍යවේදියාගේ පෙම්වතිය | EPA

කොන්සල් කාර්යාලය තුළට පිවිසීමට පළමුව තම ජංගම දුරකතන දෙක එම කාර්යාලය වෙත භාර දෙන්නට ඔහුට නියම කර තිබේ. ජංගම දුරකතන කාර්යාලයට භාරදෙනු වෙනුවට ඒවා ඔහු සිය පෙම්වතිය අතට දී ඇත. ජමාල්ට කොන්සල් කාර්යාලයට පිවිසෙන්නට අවසරය ලැබුණත් හටිසේට ඊට අවසරය ලැබී නැත. මේ නිසා සිය පෙම්වතියට ජමාල් අවසන් වරට පවසා තිබෙන්නේ තමන් ආපසු නොපැමිණියහොත් ඒ බැව් තුර්කි ජනාධිපති රෙසෙප් තයප් එර්ඩොගන්ගේ උපදෙශක්වරයාට දැනුම් දෙන ලෙසයි.

සෞදි අරාබි කොන්සල් කාර්යාලය | AFP

තුර්කි වේලාවෙන් අඟහරුවාදා පස්වරු 1 සිට බදාදා අලුයම වනතුරු හටිසේ, කොන්සල් කාර්යාලය ඉදිරිපිට සිටියත් ජමාල් එම කාර්යාලයෙන් බැහැරට නොපිවිසි බව සඳහන් වේ. සෞදි කොන්සල් කාර්යාලයට පිවිසි එම අවස්ථාවේ සිට ජමාල්ට කුමක් වීද යන්න ගැන මේ වනතුරුත් සඳහනක් නැත.

ජමාල් ඛෂෝගී මාධ්‍යවේදියකු ලෙස පළමුවෙන්ම සේවය කළේ සිය මව් රට වන සෞදි අරාබියෙහි ය. එරට අල් – වටන් පුවත්පතෙහි කතුවරයා හැටියට ඔහු වරක් කටයුතු කළ බව සඳහන් වේ. පසුව සෞදි ටීවී නිවුස් නාලිකාවෙහි මාධ්‍යවේදියෙක් ලෙස ඔහු සේවය කළේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ එම ආරම්භක අවධියේදී ඔහු සෞදි රජ පවුලට ඉතා සමීපව සහ පක්ෂපාතිව ක්‍රියා කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සෞදි අරාබි රජයේ ඉහළම පෙළේ නිළධාරීන්ගේ උපදේශයෙකු හැටියටත් ඔහු ක්‍රියා කර ඇත. මේ කාලයේදී ජමාල්ගේ සමීපතම මිතුරන් රැසක් සෞදි බලධාරීන්ගේ අත්අඩංගුවට පත් විණ. අල් හයාත් පුවත් පතට ඔහු ලියූ තීරු ලිපියක් නවතා දමන්නට සෞදි රජය ක්‍රියාකර තිබුණේ ද එවකය. ට්විටර් පණිවුඩ මඟින් සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් ජමාල්ට සෞදි බලධාරීන් ඒ කාලයේදී අවවාද කර තිබිණ. මේ අවහිරතා නිසා ජමාල් සෞදි අරාබිය හැර දා ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නට තීරණය කළේය.

ඇමෙරිකාවට පැමිණීමෙන් පසු හෙතෙම වොෂින්ටන් පෝස්ට්හි සේවය කිරීම ඇරඹුවේය. අරාබි කලාපයේත් බටහිරත් ප්‍රකට රූපවාහිනි නාලිකා කිහිපයක ඔහු සේවය කළ බව සඳහන් වේ. ඒවායෙහි සේවය කරමින් ඔහු සිය නිදහස් අදහස් ලෝකයට දුන්ණේය. සෞදි අරාබි පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සහ මානවවාදී නොවන ප්‍රතිපත්ති විවේචනය කරමින් හෙතෙම වාර්තාකරණයෙහි නියැලෙන්නට විණ.

ජමාල්ගේ අතුරුදහන්වීම සැලවීමත් සමඟම තුර්කියේ විදේශ කටයුතු අමත්‍යංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේය. තුර්කියේ සෞදි අරාබි කොන්සල්වරයාගෙන් ඒ පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් ලබාගත් බව සඳහන් වේ. එහිදී කොන්සල්වරයා, තුර්කියේ නියෝජ්‍යය විදේශ අමාත්‍ය යවුස් සෙලීම් කිරන්ට පවසා තිබෙන්නේ ජමාල් කොතැනක සිටිනවාදැයි කියා තමන් නොදන්නා බවකි. ගැටලුව ඉතා ඉක්මනින් විසඳෙනු ඇති බව කොන්සලවරයා දන්වා ඇත.

මේ අතර සෞදි අරාබි කොන්සල් කාර්යාලයේ නිළධාරියකු මාධ්‍යට කියා තිබුණේ ජමාල් සිය කාර්යය නිම කරගෙන කාර්යාලයෙන් ඉතා ඉක්මනට පිටව ගිය බවකි. ජමාල් කොන්සල් කාර්යාලයේ හෝ සෞදි අත්අඩංගුවේ හෝ පසු නොවන බවත් එම නිළධාරියා පවසා තිබිණ. තුර්කි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක ඊබ්‍රහිම් කලින් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා තිබිණ.

“… සෞදි පුරවැසියකු කියන එකී පුද්ගලයා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ ඉන්නවා කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. …” යනුවෙන් ඔහු පවසා තිබිණ.

තුර්කි – අරාබි මාධ්‍ය සංගමයේ ප්‍රධානියා මේ සිද්ධිය සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වා තිබිණ. එහිදී ඔහු කියා තිබුණේ, කොන්සල් කාර්යාලයේ කැමරාවල අඩංගු දර්ශන පරික්ෂා කර බලන්නට තුර්කි පොලිසියට ඉඩක් ලැබුණු බවකි. ජමාල්, කොන්සල් කාර්යාලයෙන් බැහැරට ඇවිදගෙන යන දර්ශන කිසිවක් එහි අඩංගුව නොතිබුණු බව සනාත වූයේයැයි කියා එම සංගම් ප්‍රධානියා පවසා ඇත. එහෙත් රාජතාන්ත්‍රිකයන්ට අයත් මෝටර් රථ කොන්සල් කාර්යාලය තුළට එන අන්දමත් එයින් නික්ම යන අන්දමත් දර්ශනවල තිබී ඇත.

ජමාල් ඛෂෝගී අතුරුදහන් වීම පිළිබඳ ගැටලුව තුර්කිය සහ සෞදි අරාබිය අතර පවත්නා නොහොඳ නෝක්කාඩුව තව දුරටත් වර්ධනය වන්නට හේතුවක් වනු ඇති බව විචාරකයෝ පවසති. තුර්කිය සහ සෞදි අරාබිය මේ වනවිටත් ක්‍රියාකරමින් සිටින්නේ එකිනෙකෙකුට ප්‍රතිවිරුද්ධ මත දරණ පිල් දෙකක ය.

Share

Recent Posts

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 hour ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

3 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

8 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago