අරුම පුදුම

මී කතුර – නව නිපැයුම් පිටුපස ඇති රසවත් ඉතිහාස කතාන්දර

මේ බ්‍රිතාන්‍ය ජාතිකයා එය සොයාගත් මුල් කාලයේ ඒක විප්ලවීය සොයාගැනීමක් විදිහට ලෝක ප්‍රසිද්ධ වුණා. මී උගුලකින් මේ තරම් ලෝක ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම පුළුවන්. විශේෂයෙන්ම ලෝකය පුරාම මහාමාරිය රෝගය වසංගතයක් වගේ පැතිරෙන්න පටන් අරන් තිබුණු නිසා…

History Today

ඒ දවස්වල මහාමාරිය රෝගයට කිව්වෙ, ‘කාල මරණය‘ (බ්ලැක් ඩෙත්) කියලයි. ඒක මානව ශිෂ්ටාචාරය මුහුණ දුන් අති භයානක වසංගතයක්. මිනිසා මිහිපිටින් අතුගෑවිලා දමාවි කියන බය පවා මේ නිසා ඇති වී තිබුණා. යුරෝපයේ 14 වන සියවසේදී මිනිසුන් මිලියන 75 ඉඳන් මිලියන 200 දක්වා පිරිසක් මේ නිසා මරු වැළඳගත් බවට වාර්තා තිබෙනවා. එදා ඉඳන් සියවස් 4 ක් ගතවුණත්, මහාමාරියට ලෝකයේ තිබෙන බය අඩුවෙලා තිබුණෙ නෑ.

Revolvy

එදා හෙන්රි ජේම්ස් ඇට්කින්සන් තමන්ගෙ සොයාගැනීමට කිව්වෙ, ‘ලිට්ල් නිපර්‘ කියලයි. ඒකෙ තේරුම ‘පුංචි කපන කතුර‘. කාල මරණය, එහෙමත් නැතිනම් මහාමාරිය ඇතුළු මීයන්ගෙන් බෝවෙන සකලවිධ රෝග නිවාරණය කරගන්න එය උදව් වේවි කියා විශ්වාස කෙරුණා.

ලෝකයේ පළමු සාර්ථක මී උගුල වුණේ ජේම්ස් හෙන්රි ඇට්කින්සන්ගේ නව නිපැයුම. ඒක අමානුෂිකයි කියා කෙනෙකුට පෙනෙන්න පුළුවන්. නමුත් මී වසංගතය අත් දැක තියෙන කිසිම කෙනෙක් එහෙම කියන එකක් නෑ.

පුදුමෙකට වගේ, එදා හෙන්රි ජේම්ස් ඇට්කින්සන් හැදුව මී උගුල සහ, අද දකින්නට ලැබෙන මී උගුල් අතර ලොකු වෙනසක් නෑ. පැතලි ලෑල්ල, කම්බි දමා කිටි කිටියේ බැඳ තැබූ මී උගුල වගේ මේ හැම දෙයක්ම එදා වගේම තමයි. නමුත් ඉතාම සුවිශේෂී තාක්ෂණයක් ඇට්කින්සන්ගේ මී උගුලේ තිබුණා.

ඒ තමයි, තත්පරයකින් තිස් අටෙන් එකකදී මී උගුල වැසී යාම. මේක අදටත් සැලකෙන්නේ වාර්තාවක් විදිහටයි.

වැඩි කලක් ගත වුණේ නෑ. ඇට්කින්සන්ගෙ මී උගුල බ්‍රිතාන්‍ය වෙළඳපොළ ආක්‍රමණය කළා. එදා ජාත්‍යන්තර වෙළඳපොළෙන් 60%ක ආධිපත්‍යයක් පැතිරුවේත් ඇට්කින්සන්ගේ ලිට්ල් නිපල් මී උගුලයි.

1913 අවුරුද්දෙදි ඇට්කින්සන් තමන්ගෙ පේටන්ට් බලපත්‍රය ප්‍රොක්ටර් කියන සමාගමට පවුම් දහසකට විකුණුවා. ඒ කාලයේ හැටියට ඒක ඉතාම හොඳ ගනුදෙනුවක්. කොහොම වුණත් එදා ඉඳන් ලිට්ල් නිපර් බිහිවෙන්නේ ප්‍රොක්ටර් සමාගමේ නිෂ්පාදනයක් විදිහටයි. මේ නිසා සමාගමේ කීර්ති නාමය හිතාගන්නටත් බැරි විදිහට ඉහළ ගියා. ඔවුන් ඉතාම හොඳින් එය මාකට් කළා. අවසානයේ සමාගම් මූලස්ථානයේ, මී උගුල්, එහෙමත් නැතිනම් මී කතුරු ආකෘති 150 ක් තිබෙන කෞතුකාගාරයක් පවා ගොඩ නැංවුවා.

ජේම්ස් හෙන්රි ඇට්කින්සන්

කොහොම වුණත් සරල තාක්ෂණයකින් යුතු මී උගුල සාර්ථක විදිහට නිර්මාණය කළ එකම තැනැත්තා ඇට්කින්සන් විතරක් නෙවෙයි. ඇමරිකානුවෙකු වන, පෙනිසිල්වේනියාවේ ජෝන් මස්ට්, ලිට්ල් නිපල්ට සමාන වෙනත් ආකෘතියක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නට සමත් වුණා.

මේ අතරේ සත්තුන්ට, ඒ කියන්නේ මීයන්ට පවා ආදරය කරන අයගේ නොමඳ සැනසිල්ලට හේතු වෙමින්, පණ පිටින් මීයන් අල්ලන මී උගුලකුත් නිර්මාණය වුණා. ඒකෙ නව නිපැයුම්කරුවා වුණේ ඔස්ටින් නෙස්. ඒ, 1924 අවුරුද්දෙදි. සතුරා ජීව ග්‍රහයෙන් අල්ලා ගන්නවාට අමතරව, පළමු මීයා ඉවත් කිරීමට කලින් තවත් මීයන් ආවොත් උන්ව අල්ලා ගන්නටත්, ඒ කියන්නෙ මීයන් එක වරකදී කිහිප දෙනෙක් අල්ලාගන්නටත් මෙහි තාක්ෂණයක් තිබුණා.

එදා මෙදාතුර කාලය ඇතුළත මී උගුල්, එහෙමත් නැතිනම් මී කතුරු වර්ග 4400 ක් සඳහා පේටන්ට් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. නමුත් මුදල් ඉපයීමට තරම් වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙන්නෙ එයින් අතළොස්සකට විතරයි. ඒ අතරිනුත් යුරෝපාකරයේ තවමත් මුල් තැන තිබෙන්නේ ඇට්කින්සන්ගේ ‘ලිට්ල් නිපල්‘.

පෙර ලිපිය- වීදුරුවක් කුඩු වූ විට කුඩු නොවන වීදුරුවක් සොයාගත් බෙනඩික්ටස්

Share

Recent Posts

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 hour ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

13 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

17 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

19 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

19 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

20 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

23 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

24 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago