කාලීන

බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය මේ ලියන්නේ මරණ වරෙන්තුවක්ද?

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ හිටපු පෙම්වතිය යන නාමය බටහිර ලෝකය තුළ බෙහෙවින් ආන්දෝලනාත්මක වන්නේ එය වෘත්තීය විෂමාචාරයන් සමග බද්ධ වී තිබේදැයි දේශපාලනඥයන්ගේ වගවීම පිළිබඳ සංවේදී ජනතාව සැලකිලිමත් වන නිසා ය. එනිසා මෙය හුදෙක් ලංකාව වැනි රටක තළු මරමින් රස විඳ කෙටි කලකින් අමතක කර දමන ‘ගොසිප්‘ නිව්ස් එකකට වඩා වැඩි යමකි.

මුලින්ම ඩේලි මේල් පුවත්පතට ඇමරිකාවේ කෙන්ටකි ජනපදයේ සිට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව හෙළි කර තිබේ. ඇය මේ සම්බන්ධය පිළිගන්නා පළමු අවස්ථාව මෙයයි.

එයට අනුව බොරිස් ජොන්සන් සමග වසර 4 ක් තිස්සේ හෙළි නොකළ සම්බන්ධයක් ඇයට තිබී ඇත. ඇය බොරිස් ජොන්සන් හට සිය මහල් නිවාසයේදී ‘ටෙක් ටියුටෝරියල්ස්‘ කියා දී ඇත. බොරිස් ජොන්සන් 10 වතාවක් පමණ එහි ගොස් ඇත.

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා බවට පත් වන්නේ 2019 වසරේදී ය. දික්කසාද වූ පුරුෂයෙකු වන බොරිස් ජොන්සන් 2018 වසරේ පටන් බොරිස්කේරි සයිමන්ස් නමැති කාන්තාව හඳුන්වන්නේ සිය ජීවන සහකාරිය ලෙස ය. ඇය පසුගියදා බොරිස්ගේ පුතෙකුට ද උපත ලබා දී ඇත. මේ සබඳතාවය පැවතී ඇත්තේ බොරිස් ජොන්සන් ලන්ඩන් නගරාධිපතිවරයා වශයෙන් සිටියදී ය. මේ අනුව ජෙනිෆර් ඇකියුරිගේ ප්‍රකාශ නිසා බ්‍රිතාන්‍ය දේශපාලන ලෝකය ගිනි වැදීම පුදුමයක් නොවේ.

තනතුර පාවිච්චි කර වාසි ලබාදුන්නාද?

ඔහු ලන්ඩන් නගරාධිපතිවරයා වශයෙන් සිටියදී මෙම ව්‍යාපාරික කාන්තාවට විශේෂ ප්‍රතිලාභයක් ලබාදීම සඳහා සිය තනතුර පාවිච්චි කළාද?

මීට පෙර ද මේ සබඳතාවය ගැන ගැටළු මතු වී තිබූ අතර, බොරිස් ජොන්සන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිත ව තිබිණි. ඒ, ජනතා මුදලින් පවුම් දහස් ගණනක් ඇයට ගෙවූ බවටත්, විදේශ වෙළඳ සංචාරයකට ඇයව එක් කර ගත් බවටත් 2019 වසරේදී නැගී තිබූ චෝදනා හේතුවෙනි.

ලන්ඩන් නගරාධිපතිවරයාට හිමිව තිබූ London and Partners (L&P) නමැති අලෙවි ප්‍රචාරණ ඒජන්සිය හරහා මෙම ගෙවීම් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබිණි.

An “electrifying” encounter

ජොන්සන් ස්ත්‍රී ලෝලයෙකු බවට හඟවන ප්‍රකාශ ද ඇගේ සම්මුඛ සාකච්ඡාවේ තිබේ. නමුත් ඇය ඔහුට ආදරය කළාද යන්න විමසූ විට ඇය පවසා ඇත්තේ තමන් ඔහුව ‘ඉතාම සැලකිල්ලෙන් යුතුව බලාගත් බව‘ සහ, ආදරය යන වචනය කිසිවිටෙකත් පාවිව්චි නොකළ බවයි.

2011 වසරේදී බොරිස් ජොන්සන්ව මුල් වරට මුණ ගැසුණු විට ඇතිවූ හැඟීම ඇය විසින් විස්තර කරන්නේ “electrifying” encounter ලෙස ය.

ඇය බොරිස් ජොන්සන් සමග නිව්යෝක් නුවරට සහ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ද ගොස් තිබේ. නමුත් ඒ සංචාර සඳහා ඇගේ සහභාගිත්වය අදාළ තෝරාගැනීමේ ක්‍රමවේද සම්පූර්ණ කර තිබුණේ නැත.

මේ අතර එදා බොරිස් ජොන්සන් සහ ඇකියුරි අතර සබඳතාවය නිසා හටගත් අවුල ගැන පිටු 119 ක වාර්තාවක් සකස් කළ ලන්ඩන් පොලිසියට සම්බන්ධ ස්වාධීන ආයතනයක් වන IOPC දැන් නැවතත් වැඩ කටයුතු ආරම්භ කිරීමේ සූදානමක් තිබේ.එහි අධ්‍යක්ෂ මයිකල් ලොක්වුඩ් ලන්ඩන් ගාඩියන් පුවත්පත සමග පැවසුවේ, ‘‘අනුග්‍රාහක මුදල් ලබාදීම හෝ වාණිජ සංචාර වලදී බොරිස් ජොන්සන් බලපෑම් කළ බවට සාක්ෂි නැතත්, ඒ පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔහු බලපෑම් කළ බවට සාධක තිබෙනවා..‘‘ යනුවෙනි.

බොරිස් ජොන්සන් කිසිදු විටෙක ප්‍රසිද්ධියේ මෙම සම්බන්ධතාවය පිළිගෙන නැතත්, එවැනි සම්බන්ධයක් නැති බව ද පිළිගෙන නැතැයි IOPC ප්‍රධානියා තවදුරටත් නිරීක්ෂණය කරයි.

මේ අතර ජෙනිෆර් ආකුරි පවසා තිබෙන්නේ බොරිස් ජොන්සන් සමග පැවති සම්බන්ධයෙන් තමන්ට මූල්‍ය ලාභයක් අත් නොවූ බවයි.

කෝවිඩ්-19 හේතුවෙන් පනවා ඇති සමාජ සීමාකරණ නීති ඉවත් කළ පසුව නැවතත් ලන්ඩන් නුවර බලා යාමටත් ඇය බලාපොරොත්තු වන්නීය.

කෙසේ නමුත් මේ සබඳතාවය ඔස්සේ ඉදිරියේදී හෙළිවන තොරතුරු අනුව බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් අතීතයේදී Greater London assembly’s code of conduct හෙවත් ලන්ඩන් නගර සභාවේ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත්, ඔහුගේ දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නායකත්වය ද ප්‍රශ්නගත වනු ඇත්තේ ඔහුගේ දේශපාලන ජීවිතයට මරණ වරෙන්තුවක් ලියමිනි.

බ්‍රිතාන්‍යය හෝ එහි වැසියන් ලංකාව හෝ එහි වැසියන් මෙන් නොව, නීතියේ ආධිපත්‍යය පිළිබඳ දැඩි සේ සැලකිලිමත් වන අය නිසාම, මෙය හුදෙක් ලංකාවේ දේශපාලකයෙකුගේ ‘අනියම් හුටපටයක්‘ ලෙස බැහැර කළ ‍නොහැකි යැයි අප කලින් සඳහන් කළේ එනිසා ය.

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

4 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago