අද (13) දින 92 වැනි ඔස්කාර් නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේදී මේ බව නිවේදනය කෙරිණි.
ජෝකර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජොආකින් ෆීනික්ස් (Joaquin Phoenix) හොඳම නළුවා සඳහා නාම යෝජනා ලබද්දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ටොඩ් ෆිලිප්ස් ද නාම යෝජනා දිනා ගත්තේය.
psychological thriller ෂානරයට අයත් ‘ජෝකර්‘ හි සම පිටපත් රචනය සහ තිර පිටපත ස්කොට් සිල්වර් ගෙනි. එහි කතා වස්තුව අපූරු ය. සදාකාලික හුදෙකලාවකින් පෙළෙන අසාර්ථක හාස්‍ය ශිල්පියෙකු වන ආතර් ෆ්ලෙක්, ගෝතම් නගරයේ වීදි දිගේ ඇවිද යයි. දිවාකාලයේදී කවටයෙකු සේ සැරිසරන ඔහු, අවට ලෝකයේ කොටසක් බවට පත් වන්නට උත්සාහ කරයි. නමුත් සමාජය විසින් නොසලකා හැරීම සහ හිංසා කිරීමේ වාඩුව පියවා ගන්නට ෆ්ලෙක් අලුත් ක්‍රමයක් සොයා ගනියි. ‘ජෝකර්‘ නමැති සාපරාධී මනස නිර්මාණය වන්නේ උමතුව හා හුදෙකලාව අතර දෝලනය වන චිත්ත වේගයන්ගෙනි. ඩොලර් මිලියන 55-70 ක් අතර මුදලක් ආයෝජනය කළ නිපදවූ මේ චිත්‍රපටය වාර්තාගත ඩොලර් බිලියන 1.063 ක ආදායමක් සමග ගෝල්ඩන් ලයන් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද දිනාගෙන තිබේ.
ඔස්කාර් උළෙලේ 87 වැනි වතාවට මෙවරද හොඳම අධ්‍යක්ෂණය සඳහා නාම යෝජනා දිනාගෙන තිබෙන්නේ පිරිමි අධ්‍යක්ෂවරුන් විසිනි. මේ අනුව පසුගිය වසරේ කාන්තා අධ්‍යක්ෂවරියන් විසින් හොඳම අධ්‍යක්ෂණය සඳහා නාම යෝජනා දිනාගනිමින් තැබූ ඓතිහාසික වාර්තාව නැවතත් සුපුරුදු පරිදිම අහෝසි වී තිබේ.
මාටින් ස්කෝසීස්ගේ “The Irishman,” ක්වෙන්ටෙයින් ටැරන්ටිනෝගේ 1960 දශකයේ ලොසැන්ජලීස් වෘත්තාන්තය – “Once Upon a Time … in Hollywood” සහ සෑම් මෙන්ඩෙස්ගේ පළමු ලෝක යුද්ධය අළලා නිර්මාණය වූ “1917” යන චිත්‍රපට 3 ද නාම යෝජනා 10 බැගින් දිනාගැනීමට සමත් විය.
හොඳම නළුවා සඳහා නාම යෝජනා දිනාගත් අය අයතර, ‘වන්ස් අ පෝන ටයිම් ඉන් හොලිවුඩ්‘ හි ලියනාඩෝ ඩි කැප්රියෝ ද වේ. එම චිත්‍රපටයේම රංගනයෙන් එක් වන බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවා ලෙසද, හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ටැරන්ටිනෝ ද නාම යෝජනා දිනා ගත්හ.
ආසියානු-ඇමරිකානු නිළිය අව්ක්වාෆිනාට නාම යෝජනා නොලැබේ.
මෙවර බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි පරිදි, ‘ද ෆෙයාවෙල්‘ චිත්‍රපටයේ කැපී පෙනෙන රංගන දායකත්වයක් ලබාදුන් ආසියානු ඇමරිකානු සම්භවයකින් යුත් නිළිය අව්ක්වාෆිනා හට මෙවර උළෙලේදී නාමයෝජනා ලැබී නොමැති වීම විචාරකයන්ගේ අවධානය දිනාගෙන තිබේ.
2020 ඇකඩමි සම්මාන උළෙල ඇමරිකාවේ ලොසැන්ජලීස් හි ඩොල්බි තියටර් හි පැවැත්වීමට නියමිත ය.
Cover Photo : Comic Book
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…