හොංකොං හි මතුව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමඟ අද (07) දින එම නගරයේ ගුවන්විදුලි රූපවාහිනී නිවේදන කටයුතු හා සම්බන්ධ මාධ්‍යවේදියකුට එල්ල කළ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබ රෝහල් ගත කොට තිබේ.
හොංකොං නගරයේ දියත් වී ඇති විරෝධතා හා නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වාර්තා කිරීමට පිවිසි මෙම මාධ්‍යවේදියා වෙත එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය නිසා ඔහුගේ හිස සහ ගෙල ප්‍රදේශය පිලිස්සීමට ලක්වී ඇත.
එමෙන්ම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයටද සුළු තුවාල ඇතිවූ බවත් මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බවත් හොංකොං ප්‍රධාන ගුවන්විදුලි හා රූපවාහිනී සේවය වන RTHK වාර්තා කළේය.
කෙසේවෙතත්, තුවාල ලැබූ මාධ්‍යවේදියා ගේ නම් සඳහන් කිරීම එම පුවත් සේවය ප්‍රතික්ෂේප කර සිටියේය.
අදාල සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් රොයිටර් පුවත් සේවයට දන්වා සිටියේ මෙම මාධ්‍යවේදියා විරෝධතා සිදුවූ කලාපයට යාමත් සමඟ විරෝධතා වල නියලුණු එක් පුද්ගලයකු විසින් ඔහු වෙත පෙට්‍රෝල් බෝම්බයක් එල්ල කළ බවයි.
මේ අතර RTHK පුවත් සේවයේ මාධ්‍යප්‍රකාශක පවසා සිටියේ අදාල මාධ්‍යවේදියා අනතුර සිදුවූ මොහොතේ හෙල්මටයක් පැළඳ සිටි නිසා බරපතල හානි සිදු නොවූ බවයි.
මාස ගණනක් පුරාවට හොංකොං නගරයේ දියත් වූ විරෝධතා දාමයේ පසුගිය සති අන්තයේ ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය අතරතුර මෙම සිදුවීම හට ගෙන ඇත. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර, විරෝධතාකරුවෝ දිගින් දිගටම ගඩොල් සහ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර පොලිසිය වෙත එල්ල කළහ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…