එහිදී නජීබ් මිකාටි නමැති ලෙබනනයේ ධනවත්ම මිනිසා අගමැතිවරයා වශයෙන් පත් කර තිබේ.
නව කැබිනට් මණ්ඩලය ද මෙයට සමගාමීව පත් කෙරිණි.
විචාරකයන්ට අනුව, පුරා වසරකට අධික කාලයක් පැවති දේශපාලන අංශභාග තත්වය, මේ අනුව නිමාවනු ඇති.
නව ආණ්ඩුව පත් වන්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ලෙබනනනය මතභේදාත්මක ගැටළු ගණනාවකට මුහුණ දී සිටියදී ය. මුදල් ඒකකයේ අගය කඩා වැටීම, විරැකියාව සහ අති ඉහළ උද්ධමනය, විදුලිය, ඉන්ධන හා ඖෂධ හිඟය වැනි ගැටලු ගණනාවක් මේ වන විට ඇති ව තිබේ.
පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් ලෙබනන් ජාතිකයන් පුරා වසර දෙකකට අධික කාලයක් උද්ඝෝෂණ කරමින් සිටියහ. අවසානයේ 2020 අගෝස්තු 4 වැනිදා බීරූට් තොටුපොළේ දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදුවී දින කිහිපයකට පසුව ලෙබනන් අගමැති හසොන් දායිබ් ඉල්ලා අස්විය. ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් පුපුරා යාම නිසා මෙම අනතුරේදී පුද්ගලයන් 203 දෙනෙක් මරණයට පත් වූ අතර, සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනකි. මෙවැනි ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක් ලෙබනන් වරායේ තිබෙන බව බලධාරීන් නොදැන සිටි බවට ද වාර්තා විය.
කෙසේ නමුත් වසර 2 ක් තිස්සේ අපේක්ෂා කළ වෙනස, ලෙබනනයේ නව ආණ්ඩුවෙන් ද ලැබෙනු ඇතැයි සිතීම ප්‍රායෝගිකව දුෂ්කර ය.
නව අගමැති නජීබ් මිකාටි, මීට පෙර ද 1998 සිට 2003 අතර කාලය තුළ දෙවරක් ලෙබනනයේ ඇමති ධුර හොබවා තිබේ. ටෙලිකොම් ව්‍යාපාර ගණනාවක හිමිකරු වන ඔහු, ලෙබනනයේ පමණක් නොව සිරියාවේ ද ටෙලිකොම් ව්‍යාපෘති සිදුකර තිබේ.
ප්‍රධාන ඡායාරූපය – REUTERS
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…