බෙහෝ ක්‍රීඩාවන් මෙන්ම ඒ ඒ ක්‍රීඩාවන්ගේ ජාත්‍යන්තර සංගම් සහ සම්මේලන ද මේ මොහොතේ සමරිසි සබඳතා මැජික් ලෙස නොසළකන අතර එය මිනිසුන්ගේ ස්වභාවික කැමත්ත මත සිඳුවන සහ එසේ සිදුවීමට අවහිර නොකළ යුතු බව සිතන තැනෙක පවතියි.නමුත් කටාරය යනු සමලිංගික සබඳතා මරණ දඩුවමට ලක් කළ යුතු වරදක් බව සිතන රටකි.ඒ තත්ත්වය මත ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානය එරට පැවත්වීමේදී ඇතැම් පාපන්දු සංවිධාන සහ රටවල ජාතික බලධාරීන් එරටේ දි පරිස්සම් සහගත ලෙස හැසිරෙන සේ සමරිසි ප්‍රජාවට කරන බලපෑම සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල බරපතල විවේචනයට ලක් ව ඇත.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර් විසින් එංගලන්තයේ සහ වේල්සයේ සිට පැමිණෙන රසිකයින්ට පැවසුවේ “සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී රටක් වන බැවින් සත්කාරක ජාතියට ගරු කරන්න”යනුවෙන්ය. “මේවා මුස්ලිම් රටවල්, අපට වෙනස් සංස්කෘතික සංස්කෘතික ලක්ෂන තියෙන තැන්. ඔබ රටකට ආගන්තුකයෙකු වන විට සත්කාරක ජාතියේ සංස්කෘතියට ගරු කිරීම වැදගත්” යනුවෙන්ද ලේකම්වරයා පවසා ඇත.
මේ තත්ත්වය නිසා සමරිසි අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සංවිධාන එයට සිය විරෝධය පළ කරන්නට පටන්ගෙන ඇත.ඔවුන් පෙන්වා දෙන්නේ මිනිසුන්ගේ ස්වාධීනත්වයට ගරු නොකරන රටක් හැටියට කටාරයට මේ තරගාවලිය සංවිධානය කරන්න දීම වැරදි බවය.එවැනි රටකට ලෝකයට වාරණ නීති පනවමින් කීර්තිය සහ ධනය උපයා ගන්නට නොදිය යුතු බව ද ඔවුන්ගේ අදහස වී ඇත.ලොව පුරා විවිධ පුද්ගලයින් සහ සංවිධාන මේ සම්බන්ධයෙන් කටාරයට විරෝධය පළ කරන්නට පෙළ ගැසෙමින් සිටිනු දකින්නට ඇත.ඒ අනුව කටාර් හී ම සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නෙක් සේ ප්‍රකට පීටර් ටැට්චෙල් හුදෙකලා විරෝධයක නිරත වී ඇත.එහිදී ඔහුව අත් අඩංගුවවට ගත් බවත් වඡ හිංසා කළ බවත් පැවසුවද කටාරය එය ප්‍රතික්ෂේප කර ඇත.කෙසේ හෝ ඊයේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලිසිය භාරට ගත් පීටර් ව සුළු වේලාවකට පසුව නිදහස් කර ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ පීටර් ටැට්චෙල් විරෝධය දැක් වූ අයුරුයි.මෙහි ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින LGBT ප්‍රජා වෙනුවෙන් සහය දක්වන අවස්ථාවකි.ඔහු ඊට කැමැත්ත පළ කරමින් දේදුණු වර්ණ අත් පටියක් පැළඳ ක්‍රීඩා කරන අයුරු දැකිය හැකි අතර සමහර ක්‍රීඩකයින් තමන්ගේ පාවහන් ලේස පවා එම සහය දැක්වීම වෙනුවෙන් දේදුණු වර්ණ ගන්වා ඇත.හැරී මේ ආකාරයට සිය සහය පළ කරන්නේ ඔක්තෝම්බර් 9 සිට 19 දා පැවති LGBTQ+ හිමිකම් සහ වාර්ෂික රේන්බෝ ලේස් ව්‍යාපාරය සඳහාය.
RM
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…