ලොව යන අත

ඇගේ නම – ආචාර්ය මරිජුවානා පෙප්සි!

ඇගේ නම මරිජුවානා පෙප්සි. හරි නම් ඇය කළ යුතුව තිබුණේ යමක් කමක් තේරෙන වයසේදීම තමන්ගේ නම වෙනස්කර ගැනීමයි. නමුත් ඇය එසේ කළේ නැහැ. ඒ වෙනුවට වෙනත් දෙයක් කළා.

තමන්ගේ නම නිසාම දහසක් වධ වේදනා, හිරිහැරවලට සමාජයෙන් මුහුණ දුන් ඇය,  PhD උපාධිය සාර්ථකව නිම කර ආචාර්යවරියක් බවට පත් වුණා.

මේ ඇගේ කතාව.

මරිජුවානා පෙප්සි වැන්ඩික් ගේ ළමා කාලය ගැන ඇගෙන් ඇහුවොත්, ළමයින්ගේ හා සමස්ත සමාජයේ උසුළු විසුළු වලට තමන් ලක් වූ හැටි ගැන ඇර වෙනත් මතකයක් ඇයට නැහැ.. ‘‘ඕකත් නමක්ද?“ ‘‘ඔයගෙ නම මරිජුවානාද පෙප්සිද?“ ලෝකයේ ප්‍රකටම මත්ද්‍රව්‍යයක් සහ ලෝකයේ ප්‍රකටම බීම වර්ගයක සන්නාමයක් ඇගේ නමට තැබූ දෙමාපියන්වත් ඇයට මේ තරම් ප්‍රශ්නවලට නම නිසාම මුහුණ දෙන්න සිද්ද වෙයි කියා හිතන්න නැතිව ඇති. ‘‘ඔය නම නිසා නුඹට කවදහරි ලෝකයේ ඉහළටම යන්න පුළුවනි.‘‘ ඇගේ කළු ජාතික මව ඇය කුඩා කාලයෙදි කිව්වේ උජාරුවෙන්. නමුත් ඒ නම නිසාම ඇය කී වතාවක් සිත රිදවාගෙන හඬන්නට ඇතිද?

කොහොම වුණත් මරිජුවානා පෙප්සි තීරණයක් ගත්තා. අද වන විට වයස අවුරුදු 46 ක ආචාර්යවරියක් වන ඇය, තමන්ගේ පර්යේෂණයේ ආචාර්ය උපාධි නිබන්ධනයට තෝරාගත් මාතෘකාව අපූරු එකක්. ඒ මාතෘකාව වුණේ ‘‘කළු ජාතිකයන්ගේ නම් සහ, ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔවුන්ගේ අධ්‍යාපනයට එයින් ඇති වන බලපෑම‘‘

මරිජුවානා පෙප්සි, ඇගේ නම මැගී (බ්‍රැන්ඩි) ජොන්සන්

තමන්ට තියෙන නමේ මොකක් හරි ප්‍රශ්නයක් තිබෙන බව මරිජුවානා පෙප්සිට මුලින්ම තේරුණේ වයස අවුරුදු 9 දියි. ඇය පාසල් ගියේ විස්කොන්සින් පළාතෙ. ලමයි විතරක් නෙවෙයි, ගුරුවරු වුණත් නිතර නිතර ඇගෙන් නම මොකක්ද කියල අහන්න පටන් ගත්තා. නමක් එක සැරයක් කිව්වම මතක තියාගන්න පුළුවන්. හැමදාම, එකම කෙනා, ඇගෙන් නම අහන්නෙ ඒකෙන් නරුම විනෝදයක් ලබාගන්න බව ඇය තේරුම් ගත්තා. සමහර වෙලාවට ගුරුවරු ඇයට මෙහෙම කියනවා. ‘‘ඔයාගෙ නම කියන්න පැටියෝ…!‘‘ ‘‘මරිජුවානා විතරක් තිබ්බ නම් තව කමක් නෑ. ඒකට පෙප්සි කියලත් එකතු වුණාම…!“

‘‘ඉස්කෝලෙ අය ඇහුව අපි ඔයාට මේරි කියන්නද කියලා..“ තවත් මතකයක් ආචාර්ය මරිජුවාන පෙප්සි ආවර්ජනය කරනවා. ඇයට පාසලේ පැවැත්වුණු ස්පලෙිං බී තරගයෙන් සහතිකයක් ලැබුණා. ඇය එය ගිහින් ඇගේ අම්මාට දුන් විට අම්මා සහතිකය අල්ලා වහලයේ ගෑවෙන්න විසි කළා. සතුටින් නෙවෙයි, තරහෙන්. ඒකෙ ඇගේ නම ලියල තිබුණෙ ‘මේරි ජැක්සන්‘ කියලයි.

ඇය පවසන අන්දටම මේ නම නිසා ඇතැම් අවස්ථාවල පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ අනුකම්පාව සහ ආදරය ඇයට ලැබුණා. නමුත් උසස් පාසලට ඇතුල් වුණාම තත්වය වෙනස් වුණා. ඇය ගැටවරයන්ගේ විතරක් නෙවෙයි, තරුණියන්ගේත් උසුළුවිසුළු වලට ලක්වුණා.

ඇය ඒ අසාධාරණයට විරුද්ධව කොහොම හරි ලෝකයේ ඉස්සරහට යන බව හිතුවා. අන්තිමට පසුගිය මාසයේ විස්කොන්සින් ප්‍රාන්තයේ Cardinal Stritch සරසවියෙන් ඇය ආචාර්ය උපාධිය ලැබුවා. ඇගේ නිබන්ධනයේ මාතෘකාව වුණේ “Black names in white classrooms- teacher behaviours and student perceptions”.

MARIJUANA PEPSI VANDYCK

ඇය ඇකඩමීය විදිහට මේ ගැටළුවේ වෙනත් මානයන් කෙරෙහිත් යොමු වුණා. උදාහරණයක් විදිහට ඇගේ නම නිසා ඇයට විඳින්නට සිදුවන හිරිහැර ඇය හොදින්ම දැන සිටියා. නමුත් ඇගේ නම ඇසෙන විට සෙස්සන්ටත් යම් බලපෑමක් සිදුවන බව ඇය සිතන්නට පටන් ගත්තා. ඒ බලපෑම කුමක්දැයි විග්‍රහ කර ගත යුතුයි.

ඇය වෘත්තියෙන් ගුරුවරියක්. පාසලට ගිය පළමු දිනයේදී ඇය තමන්ගේ පාසලේ සිසු සිසුවියන්ගේ නම් ලැයිස්තුව ලබා ගත්තා. ඒ නම් ලැයිස්තුව දෙස බැලීමෙන් ඇයට කළු ජාතිකයන් කවුදැයි කියන්නට පුළුවන් කම ලැබෙනවා. ඒ ගැන යමක් ලිවිය යුතු යැයි ඇය සිතුවා.

ආචාර්ය මරිජුවානා පෙප්සි විවාහකයි. ඇය ඉලිනොයි ජනපදයේ සිය සැමියා සහ පුතුන් සමග ජීවත් වෙනවා. පාසල් සිසුන්ට උපකාර වන පාඨමාලා සකස් කිරීමේ ද ඇය නිරත වනවා.

‘‘අපි මනුෂ්‍යයන්. මුල් වතාවට අපට නමක් ඇසෙන විට අපි ඒ ඇසුරින් යම් යම් මතයන් උත්පාදනය කර ගන්නවා. විනිශ්චයන්ට එළඹෙනවා. එයින් අප තුළ වෙනසක් ඇති වෙනවා.“

කෙනෙකුට ලැබෙන නම, දෙමාපියන් හෝ වැඩිහිටියන් විසින් ලබාදෙන නම මිස ඒ කෙනාගේ කැමැත්ත ඇතිව ලැබෙන නමක් නෙවෙයි. කොහොම වුණත් ඇගේ මව කී එක අනාවැකියක් හරි ගියා. ආචාර්ය මරිජුවානා පෙප්සි, මේ වන විට මේ නම සහ මේ නමෙන් මිදෙන්නට ඇය කළ අරගලය නිසාම ලෝක ප්‍රසිද්ධයි. ඇතේතෙන්ම එය නමෙන් මිදීමක් නෙවෙයි, තමන්ව තමන් ලෙස පිළිගැනීමක්.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

13 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

15 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

16 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

16 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago