ලොව යන අත

ආර්තවය හැදුණු ගෑණුන්ට කුස්සියටවත් එන්න දුන්නෙ නෑ! කේරළ මහ ඇමති කියයි.

ආර්තවය පවතින කාලයේදී කාන්තාවන්ට නිවසේ මුළුතැන්ගෙය තහනම් කලාපයක් කළ කාලයක් ද ඉන්දියාවේ තිබුණු බව කේරළ මහ ඇමතිවරයා වන පියනරායි විජයන් (Pinarayi Vijayan) සිහිපත් කළා. සබ්රිමාලා පුදබිමේ තිබුණු ඔසප් ස්කෑන් යන්ත්‍රය ඉවත් කරමින්, ස්ත්‍රීන්ට පුද බිමට ඇතුළත් වීමට තිබූ බාධකය ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට තමන් අභියෝග කරන්නේ නැති බවත් ඔහු කිව්වා.

Livemint

‘‘ඉස්සර කාලෙ ආර්තවය හැදුණු කාන්තාවන්ට අපි කුස්සියටවත් එන්න දුන්නෙ නෑ. ඔවුන්ව ඒ කාලයට ගෙදරිනුත් යැව්වා… ඒ ඔවුන් අපිරිසිදු බව සලකමින්. නමුත් අවුරුදු ගණනක් ඇතුළත තත්වය වෙනස් වෙලා. සමාජයේ විවිධ කොටස් ඒ වගේ වැරදි සම්ප්‍රදායන්ට විරුද්ධව විප්ලව කරනවා.,“

කොහොම වුණත් බැතිමතුන්ගේ ඇදහීම් සහ විශ්වාස ආරක්ෂා කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත් කේරළ මහඇමතිවරයා නැවත නැවතත් කියා සිටියා. සබ්රිමාලා කෝවිලේ සහ පන්ඩලම් පැලස් හි නියෝජිතයන් මේ සාකච්ඡාවලට ආවේ නැහැ. ඔවුන් ඒ ගැන සාකච්ඡා කිරීමටවත් කැමති නැති ගානයි.

භාරතීය ජනතා පක්ෂය කියන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකයත්වය දරන පක්ෂය. බීජේපී හෙවත් භාරතීය ජනතා පක්ෂය මේ වගේ දේවල්වලදී දිව දෙකේ කතා කියන බව කේරළ මහඇමතිගේ අදහසයි.

කේරළ මහඇමතිවරයා ප්‍රගතිගාමී විදිහට එහෙම කිව්වත් කේරළයේ සමස්ත දේශපාලන චිත්‍රය කියන්නේ වෙන මතයක්. කේරළයේ හොඳ වෙලාවට තිබෙන්නේ LDF ආණ්ඩුවක් මිසක් බීජේපී ආණ්ඩුවක් නෙවෙයි. නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට කඩිනම් වුණා කියා, භාරතීය ජනතා පක්ෂය මේ වන විටත් කේරළ මහඇමතිවරයාට චෝදනා කරමින් සිටිනවා.

The Hindu

ගෑණුන්ට සබ්රිමාලා පුද බිමට ඇතුල් වෙන්න ඉඩ දුන්නොත් අපේ ක්‍රියාකාරීන් සිය දිවි නසා ගන්නවා – කේරළ ශිව සේනා පක්ෂය මේ අතර පැවසුවා.

භාරතීය ජනතා පක්ෂයත් කේරළය තුළ මේ තීන්දුවට එරෙහිව විරෝධතා පවත්වන්නට පටන් අරන්. නමුත් 2016 වසරේ බොම්බේ මහාධිකරණය විසින් ලබාදුන්, ශානි ෂින්ගපූර් ගමේ කෝවිලට ගැහැණුන්ට ඇතුල් වීමේ අවසරය සහිත නියෝගය, එදා භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ බවත් කේරළ මහඇමතිවරයා මෙහිදී සිහිපත් කළා. (ෂානි සින්ගපූර් ගමේ කතාව මෙතැනින් කියවන්න..)

ඉන්දියාවේ ඇදහීමේ නිදහස කියන දේ ජෙන්ඩර් කියන රාමුව ඇතුළෙ විවිධ විදිහට අර්ථකථනය වෙනවා. ඒ නිසාම, ඇදහීමේ නිදහස ගැහැණුන්ට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය සමාජ ගත වී තිබෙනවා. ඉන්දියාවේ දෙවියන් වැඩ සිටිනවා යැයි කියන බොහෝ පුද බිම් තවමත් ගැහැණුන්ට තහනම් කලාප. කේරළයේ සබ්රිමාලා කෝවිලේ ඔසප් ස්කෑන් යන්ත්‍රය ගැන කතාව අලුත්ම තත්වය වුණත්, ඉහත කී අන්දමට 2016 බොම්බේ මහාධිකරණ තීන්දුව වගේම, තවත් අවස්ථා ගණනාවකදී කාන්තාවන් තමන්ගේ සංස්කෘතික හෝ ආගමික නිදහස, ස්ත්‍රී පුරුෂ බෙදීම නිසා අහිමි නොකළ යුතු බව කියමින් අරගල කළා.

ඒ වගේ අයිතිවාසිකම් දිනාගැනීම්වලට තවමත් සාමාන්‍ය ඉන්දීය සමාජයේ ලැබෙන්නේ පසුගාමී පිළිගැනීමක්. ශිවසේනා පක්ෂය, භාරතීය ජනතා පක්ෂය වැනි ඉන්දීය දේශපාලනයේ ප්‍රබල බලවේග තවත් සටන්කරන්නේ ගතානුගතිකත්වය ආරක්ෂාකර ගැනීමේ අරමුණින්.

ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තත්වය වෙනස්. උදාහරණයක් විදිහට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දර්ගා කෝවිලට (හජි අලි දර්ගා) සෑම කාන්තාවකටම වයස් භේදයකින් තොරව ඇතුල් වෙන්නට පුළුවන්. නමුත් මේ නිදහස කේරළයේ ගැහැණුන්ට නැහැ.

පසුගිය සතිය පුරාව සබ්රිමාලා කෝවිලට ඔසප් හැදුණු ගැහැණුන්ටත් ඇතුළු විය හැකි බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාවට නැංවීමට එරෙහිව රට පුරාම උද්ඝෝෂණ ගණනාවක් දැක ගන්නට ලැබුණා.

මේ උද්ඝෝෂණවල දැකගත හැකි වුණු තත්වයක් වුණේ, කාන්තාවන්ම මේ උද්ඝෝෂණවලට සහභාගි වී සිටීම.

ඒ වගේම ජාතික අයියප්පා බැතිමතුන්ගේ සංගමයේ සභාපති ශීලජා විජයන් කියා සිටියා, අයියප්පා දෙවියන් (Lord Ayyappa) ඇදහීම සඳහා කාන්තාවන් සම්බන්ධයෙන් පැවතුණු වයස් සීමාව ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත්කිරීමට සූදානම් වන බවත්. එම පෙත්සමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ, අයියප්පා දෙවියන්ගේ මිලියන ගණනක් වන බැතිමතුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණු බව ඔප්පු කරන්නටයි!. මේ ලෝකයේ සිටින ලොකුම නීතිවිද්වතාට වුණත් ජනතාවගේ විශ්වාසයන්ට අභියෝග කරන්න බැහැ කියා ඔහු පැවසුවා.

ඔවුන් කියන මේ අයියප්පා දේවාලය පිහිටා තිබෙන්නේ සබ්රිමාලාව තුළයි. ඒ නිසා, දැන් පෙනෙන්නට තිබෙන හැටියට, සබ්රිමාලාවේ කතාව තවත් දුරදිග යන්නට නියමිතයි. ඉන්දියාවේ පුරුෂ මූලික සමාජය තවමත් කාන්තාවන්ගේ ආර්තවය කියන ජීව විද්‍යාත්මක කතාව, කිල්ලක් විදිහට සලකමින් ගැහැණුන් නිසා ‘දේව උදහසට‘ ලක් වන්නට බයයි. සබ්රිමාලා නඩු තීන්දුවට එරෙහිව පාරට බසින සියලු පිරිමින්, ඒ නිසා පසුගාමී පුරුෂෝත්තමයන් විදිහට හැඳින්වීමේ කිසිම වරදක් නැහැ.

පෙර ලිපිය

සබරිමාලා කෝවිලේ ‘ඔසප් ස්කෑන්‘ අවලංගුයි.- අගවිනිසුරු දීපක් මිස්රාගෙන් අවසන් මොහොතේදී තවත් ශ්‍රේෂ්ඨ තීන්දුවක්

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

9 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

13 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

21 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

22 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago