ඔහු සමග අතිනත ගත්තේ රුසියාවේ හිටපු මොස්කව් රූ රැජිනක වන ඔක්සානා වෙවොදිනා (Oksana Voevodina) ය.
මේ පිළිබඳ මැලේසියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නැතත්, ඔවුන්ගේ අති උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවයේ ඡායාරූප සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය පුරා මහත් වේගයෙන් සංසරණය වේ.
බොහෝ වාර්තාවලට අනුව මෙම විවාහය වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදුකෙරුණු ‘රහසිගත‘ විවාහයකි. එය රුසියාවේ ප්‍රභූන් ජීවත් වන මොස්කව් හි බාවිකා නමැති කුඩා ගමේදී සිදුවූ බව රුසියානු පුවත් සේවා සනාථ කරයි.
විවාහෝත්සවයේ ඡායාරූප පමණක් නොව එයට අදාළ වීඩියෝ ක්ලිපයක් ද ෆේස්බුක් හි මේ වන විට දැකගත හැක.
විවාහෝත්සවය පවත්වා ඇත්තේ රුසියානු සහ මුස්ලිම් සම්ප්රදායන්ගේ සංකලනයක් ලෙස ය. එහිදී මත්පැන් රහිත හලාල් ක්‍රමයට ආහාර පිළිගන්වා ඇති බව රුසියාවේ මුස්ලිම් පුවත් සේවාවක් වන ඉස්ලාම් නිව්ස් පවසයි.
මේ අතර රුසියානු රූමතිය සම්ප්‍රදායික මැලේ හිජාබයෙන් සැරසී සිටින අන්දම ද දැකගන්නට ලැබේ.
මීට පෙර මැලේ රජ පවුලකට අයත් රූමතියක හා විවාහ වී සිටි පස්වන මුහම්මද් රජු මේ විවාහය සඳහා වසර අග වන තෙක් සිය රාජකාරිවලින් නිල වශයෙන් නිවාඩු ගෙන ඇති බව ද වාර්තා වේ. පෙර විවාහයෙන් 2008 වසරේදී දික්කසාද වූ පස්වැනි මුහම්මද්, ප්රියම්බිකාවක රහිතව පදවි ප්‍රාප්ත වූ, මැලේසියානු ඉතිහාසයේ පළමු රජු බවට 2016 දී පත්විය.
මේ අතර මෙම මොස්කව් රූමතිය වැඩි කල එළියක් නොමැති පවුලකින් පැවතගෙන එන්නියක බව ද වාර්තා වේ. දකුණු දිග රුසියාවේ අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දියණියක වන ඇය, 2015 වසරේදී මොස්කව් හි පැවති රූ රැජින තරගයකට සහභාගි වන්නේ අහම්බයකිනි. එනම්, ඇගේ මිතුරියක වෙනුවෙන් ඇයට තරග බිමට පිවිසීමට සිදුව තිබිණි.
මේ අතර, මෙම විවාහය නිසා ඇය ඉස්ලාම් ආගමට හැරුණු බවට ද පුවත් පළ වේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…