අරුම පුදුම

පිටසක්වළින් ආ බව කියන ‘ආටා‘ මමියේ අබිරහස විවාදාත්මකයි

ඒ අනුව “ආටා” (Ata Mummy) මමියෙහි ජාන පිළිබඳව විද්‍යාඥයන් කළ පර්යේෂණ සාධාරණීකරණය කළ නොහැකි බවත්, පර්යේෂණ ආචාර ධර්මානුකූල නොවන බවත් පැවසේ. “ආටා” පිළිබඳ නවතම අනාවරණය කරගැනීම සඳහා චිලී රාජ්‍යයේ, නවසීලන්තයේ සහ තවත් රාජ්‍ය ගණනාවක විද්‍යාඥයෝ එක්ව සිටිති. නවතම සොයාගැනීම් පිළිබඳව අදහස් දක්වන නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ජෛව පුරා විද්‍යාඥ මහාචාර්ය සියන් හල්ක්‍රෝ පවසන්නේ මෙවැන්නකි.

“…ආටා ගැන ජානමය විශ්ලේෂණයක් කරන්න ඕනෑම යැයි කියා විද්‍යාත්මක තර්කනයක් නැහැ. මමියේ අස්ථි සාමාන්‍ය අන්දමින්ම තිබෙනවා. හඳුනාගෙන තිබෙන ජාන විකෘතිතා අහඹු ලෙස සිදු වූ ඒවා. එලෙස හඳුනාගත් එකම එක ජාන විකෘතියක්වත් බරපතල අස්ථි රෝග සමඟ සම්බන්ධ වෙන්නෙත් නැහැ. …” යැයි කියා හෙතෙම පවසයි.

Youtube/ Cirus Documentry

ආටා සම්බන්ධයෙන් මේ විග්‍රහ කිරීම එල්ල වන්නේ පසුගිය මාර්තුවේදී “ජීනෝම් රිසර්ච්” ජර්නලයෙහි පළ වී තිබුණු පර්යේෂණ පත්‍රිකාවේ අඩංගු කරුණුවලට එරෙහිවය.

ආටා මමිය සොයා ගැනුණේ ඇටකාමා කාන්තාරයේ චිලියට අයත් පෙදෙසකිනි. වර්ග කිලෝමීටර දහස් ගණනක සරියක් පුරා පැතිර ඇති දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරය ලොව ඇති වියළිම ස්ථානයක් සේ සැලකෙයි. මේ කාන්තාරයේ ඇතැම් තැන් මිනිස් අවශ්‍යතා සඳහා භාවිතයට ගැනුනද වැඩිමනත් ප්‍රදේශයක් පවතින්නේ ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමෙනි. ඇටකාමා කාන්තාරයේ ඇතැම් පෙදෙස්වලට පිටසක්වල ජීවින්ගේ බලපෑම් එල්ලව ඇතැයි කියැවෙන මතයකුත් පතලව තිබේ. ඇටකාමා කාන්තාරයෙන් මතු වන ගූඪ ගුප්ත ස්වරූපය නිසාම එහි සිදුවන සමහරක් දෑ නූතන විද්‍යාවෙන් පවා විස්තර කළ නොහැකියැයි තවත් සමහරු පවසති. සාමාන්‍යය ජනයා අතර පවතින මේ කතාව 2003 වසරේදී සැබෑවක් බවට පත්වූයේ අත්භූත සහ අරුම පුදුම පෙනුමකින් යුත් මෘත දේහයක් මිනිසුන් අතට පත්වීමත් සමඟයි.

Ata Mummy| Sirius Disclosure

අඟල් හයක් (සෙන්ටිමීටර 15ක්) පමණ දිගැති මේ මෘත දේහය හමුවුණේ ඇටකාමා කාන්තාරයට ආසන්න චිලියෙහි පාළුවට ගිය ලා නොරියා නගරයෙනි. ලා නොරියා නගරය අත්හැර දමන ලද පතල්වලින් ගහනය. ඒවා, නයිට්රේට් බහුල පතල් බව සඳහන් වේ. මමියක් හැටියට සැලකුණු මෘතදේහය “ආටා” වශයෙන් පසුව නම් කෙරිණ. දේහය සොයා ගන්නා අවස්ථාවේදී එය සුදු රෙදි කඩක ඔතා දම් පැහැ පීත්ත පටියකින් ගැට ගසා තිබුණේය. අටකාමා කාන්තාරයට පිටසක්වල ජීවින්ගෙන් බලපෑමක් ඇතැයි කියන විශ්වාසය ඇටා මමිය හමුවීමත් සමඟම මිනිසුන් අතර තදින් කිඳා බැස ගත්තේය. අත්භූත මමිය පිළිබඳ පර්යේෂණ ආරම්භ වූයේ එය සොයා ගැනීමෙන් දස වසරකට පමණ පසුවයි. පර්යේෂණයට නායකත්වය දුන්නේ ඇමෙරිකාවේ කැලිෆෝර්නියා, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලවල විද්වතුන් පිරිසකි. ඇටා පිළිබඳව මේ පර්යේෂණ ආරම්භ වනවිට එය ස්පාඥ්ඥ ජාතිකයකු අතටත්, එතැනින් ඇමෙරිකා විද්‍යාඥයන් පිරිසක් අතටත් පත්ව තිබිණ. ඇටා මමිය එසේ රටින් රටට රැගෙන යෑම පමණක් නොව චිලියෙන් බැහැර කිරීමත් නිත්‍යානුකූලව සිදු නොවූ බවට තර්කයක් දැන් ගොඩනැඟී ඇත. එමෙන්ම පළමුව සිදු කෙරුණු පර්යේෂණ කිසිවක් නොසිදුවිය යුතුව තිබුණේ යැයි කියාත් මතයක් ඇති වී තිබේ.

කැලිෆෝර්නියා, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලවල විද්වතුන් සිය පර්යේෂණයේදී වැඩි අවධානයක් යොමුකර තිබුණේ ඇටා මමියෙහි ජාන වෙතය. ඔවුන් කියා සිටියේ ඇටා මමිය මෙයට වසර 40කට ඉහතදී ජීවත්වුණු ගැහැණු ළමයෙකුගේ දේහයක්යැයි කියාය. ඒ බව විද්‍යාඥයන් තහවුරු කරගෙන තිබුණේ ඇටාගේ අස්ථිවලිනි. ඇටා අවුරුදු 6ත් 8ත් අතර වයසක පසු වූ දැරියකට අයත් බැව් විද්‍යාඥයෝ විටෙක විශ්වාස කළහ. මේ මතය පරයා නවතම කරුණු ඉදිරිපත් කරන විද්‍යාඥයන් පවසන්නේ යනු මිමියක් බවට පත්වුණු සති පහළොවක් පමණ වයසැති ගබ්සා කළලයකැයි කියාය.

මනුෂ්‍යයකුට පර්ශු (ඉළ ඇට) යුගළ 12ක් තිබිය යුතු වුවත් ඇටාගේ දේහයේ තිබෙන්නේ පර්ශු යුගල 10ක් පමණෙකැයි කියා පළමුව පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයෝ සමූහය කියා සිටියහ. ඇටා සම්බන්ධයෙන් දැනට සොයා බැලීම් කරන විද්වතුන් කියන්නේ, කළලයේ වයසට අනුරූප පර්ශු යුගළ සංඛ්‍යාව ආටා මමියෙහි පවතින බවකි. ඒ අනුව කළලයේ පර්ශු යුගල 10ක් තිබීම පුදුමයට කාරණයක් ද නොවේ.

Sirius Disclosure

විද්‍යාඥයන් එදා සිටම මවිතයට පත් වූයේ, ආටා ගේ හිසෙහි හැඩය නිසයි. මමියේ හිස දිගුවූත් කේතු ආකාරවූත් ස්වරූපයකින් යුක්තය. දැනට කෙරෙන පර්යේෂණවලින් තහවුරු වන්නේ නිසි වයසට පළමුව මවගේ ගර්භාෂයෙන් බැහැර වන කළලයක හිසෙහි එවැනි හැඩයක් දැකිය හැකි බවකි. එනිසා එය ද සාමාන්‍ය තත්ත්වයකි.

නූතන විද්‍යාවෙන් පවා අනාවරණය කර නොගත් සංකීර්ණ දේහයක් ඇටාට උරුම තිබූ බැව් කලින් පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ මතය විණ. එවැන්නක් මනුෂ්‍ය දුවකට උරුම වුණේ ජාන විකෘති රාශියක් නිසා බව ඒ විද්‍යාඥයෝ පිරිස පෙන්වා දුන්හ. ඇටාගේ අස්ථි පද්ධතිය ආශ්‍රිතව විකෘති 64ක් තිබුණු බවත් ඔවුහු තහවුරුව කළෝය. මේ විකෘති 64 හටගෙන තිබෙන්නේ ජාන 7ක් මුල් කරගෙන බව ඔවුන්ගේ නිගමනය වී තිබිණ. ආවේණිය හා බද්ධ එකී විකෘතිතා නිසා ඇටාගේ දේහය අඟුටු මිටි ස්වරූපයකට පත්ව තිබෙන්නට ඇතැයි කියාත් ඒ පළමු විද්වත්හු පිරිස තීරණය කර තිබුණහ. එමෙන්ම අස්ථිවල ස්වරූපය සහ වර්ධනය ආශ්‍රිත ගැටළු රාශියකුත් පැවැති බවට සාක්ෂි ඇතැයි කියා ඔවුහූ පෙන්වා දුන්නෝය. ඇටා අඟුටු මිටි තත්ත්වයට පත් කරන්නටත් ඇගේ දේහයේ පර්ශු සංඛ්‍යාව අඩු කිරීමටත් විකෘති 64න් 10ක්ම හේතු වී ඇති බව සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා සන්චිතා භාට්ටාචාර්ය එවර පෙන්වා දුන්නාය. ඇටා පිළිබඳ නවතම සොයා බැලීම්වලට අනුව මේ කිසිවක් සත්‍ය නොවේ. ඇටාගේ අස්ථි සහ වයස ගැන තීරණය කරන්නට පර්යේෂිකා සන්චිතා භාට්ටාචාර්ය සහ පිරිස භාවිත කර ඇති පර්යේෂණාත්මක ක්‍රමවේදයන් පවා නිවැරදි නොවන බව වත්මන් පර්යේෂණ කණ්ඩායම පවසති.

YouTube

ආටා ගේ විකෘති ස්වරූපය දුටු පමණින්ම මව, ඇටාව කාන්තාරයේ පාළු තැනකට විසිකර දැම්මද? එහෙමත් නැත්නම් ඇයගේ දේහය සංරක්ෂණය කර තබා කාට හෝ විකුණා දැමුවා ද? යන්න ගැන සැකයක් කලින් පැවැතියේය. ඇටා ගැන දැනට කෙරෙන පර්යේෂණවලින් හෙළි වන කරුණු අනුව මේ කාරණා ද හුදෙක් හිතළු පමණි. නවතම කරුණු අනුව ඇටා යනු ගබ්සා වුණු කළලයක කොටස්ය. එසේ නම් තමන්ට ගබ්සා වුණු කළලය අම්මා, කිසිදු වග විභාගයක් නැතිවම විසි කර දැම්මද? යන ප්‍රශ්නය පැන නැඟේ.

ආටා අවුරුදු හතළිහකට පමණ පෙර ගබ්සා වුණු කළලයක් නම් ඒ කළලය දරා සිටි අම්මා අදටත් ජීවතුන් අතර සිටිනවා විය හැකිය. අම්මා නොසිටියත් ආටාගේ ඥාතීන් කවරකු හෝ ජීවත්ව සිටින බව නම් විශ්වාසය. කොහොම වුණත් ඇටාට ඥාතිත්වයක් දක්වන ඒ කවරකු හෝ සොයා ගැනීම මේ කවර විද්වතුන් කණ්ඩායමකටවත් පහසු නොවනු ඇත.

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

13 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

16 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

17 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

1 day ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

1 day ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

3 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

3 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

3 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

3 days ago