කපිතාන් අවුල්ඩ් උපතින් වහල් ස්වාමියෙකු නොවීය. දුප්පත් මිනිසෙකු ව සිටි ඔහු තම සියලු වහලුන්ගේ භුක්තිය ලැබුවේ විවාහයෙනි. සියලු මිනිසුන් අතරින් මේ ආකාරයට පසුකාලීන ව වහල් ස්වාමියන් වූ මිනිසුන් අන්තිම තුච්ඡයන් ය. ඔහු කෘර විය. නමුත් බියසුලු ද විය. ඔහු අණ දුන්නේ ස්ථිරසාර බවකින් තොරව ය. සිය නියෝගයන් ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් අවස්ථාවලදී ඔහු බිඳී ගියේය. අස්ථිර විය.‍

ෆ්‍රෙඞ්රික්ගේ ස්වාමියා සහ ඔහු අතර වෙනස්කම් ගණනාවක් විය. ඔහු සොයාගත්තේ ෆ්‍රෙඞ්රික් සිය අරමුණ සඳහා නොසීහෙන බවයි. ෆ්‍රෙඞ්රික්ගේ නාගරික ජීවිතය ඔහු ට ඉතාම විනාශකාරී ලෙස බලපා ඇතැයි නව ස්වාමියා කීවේය. එය විසින් ෆ්‍රෙඞ්රික්ගේ ජීවිතයේ සෑම හොඳ අරමුණක් ම විනාශ කර තිබෙන අතර ඔහු ව සෑම නරක දෙයක් සඳහා ම සුදුස්සෙක් කර තිබේ.

wiredprague.tk

ෆ්‍රෙඞ්රික්ගේ ලොකු ම වරදවලින් එකක් වූයේ ඔහුගේ අශ්වයාට පැන යන්නට ඉඩ දීමයි. එම අශ්වයා ශාන්ත මිෂෙල්ස් හි සිට සැතපුම් පහක් පමණ ඈත පිහිටි ඔහුගේ බාප්පා ගේ ගොවිපොළ වෙත පැන යන අතර එවිට ෆ්‍රෙඞ්රික් හට අසු ලුහුබඳිමින් ඒ වෙත යන්නට සිදුවෙයි. මෙයාකාරයේ නොසැලකිලිමත් කම හෝ සැලකිලිමත් කමක් සඳහා ෆ්‍රෙඞ්රික් සතු හේතුව වූයේ, එහි ගිය හැම විටෙකම ඔහුට යම්කිසි දෙයක් කෑමට ලැබීමයි. ඔහුගේ ස්වාමියාගේ බාප්පා වූ විලියම් හැමිල්ටන් වහල් ස්වාමියා සිය වහලුන්ට ඇති තරම් කන්නට දුන්නේය. කෙතරම් හනික ආපසු ආ යුතු වූ නමුත් ෆ්‍රෙඞ්රික් කිසිදු විටෙක කුසගින්නෙන් යුතු ව එම ගොවිපොළෙන් පිට වී ආවේ නැත. තෝමස් ස්වාමියා විස්තර විභාග වශයෙන් කියූ පරිදි, ඔහුට තවදුරටත් මේ සඳහා ඉඩ දිය නොහැක. ෆ්‍රෙඞ්රික් ඔහු සමග මාස නවයක් ජීවත් ව තිබූ අතර මේ කාලය තුළ අවස්ථා කිහිපයකදීම, හොඳ හේතුවක් නොමැති ව ෆ්‍රෙඞ්රික් හට දරුණු ලෙස කසයෙන් තැලුවේය.

1833 ජනවාරි 1 වැනිදා ෆ්‍රෙඞ්රික්, කොවේ මහතා සමග ජීවත් වීම සඳහා ගියේය. කොවේ මහතා ස්වාමියාගේ මිතුරෙකු වූ අතර, වහලුන් වහල් ස්වාමියන්ගෙන් වෙන් කරන්නෙකු ලෙස ප්‍රකට වූවෙකි. සිය අලුත් රැකියාව ගම්බද ළමයෙකු විසල් නගරයක ට ගියාක් මෙන් නොගැළපෙන බවකින් යුතු විය. ඔහු එම නව නිවසේ ජීවත්වූ නමුත් සතියක්

ගත වන්නටත් පෙර කොවේ මහතා ෆ්‍රෙඞ්රික් හට ඉතා දරුණු ලෙස කස පහර දුන්නේය. එයින් ෆ්‍රෙඞ්රික්ගේ පිට කැපී ගියේ ලේ විශාල ප්‍රමාණයක් ගලා ගොස්, ඔහුගේ කුඩා ඇඟිල්ල තරම් විශාල මස් වැදැල්ලක් පිටෙන් මතු කරමිනි. මේ ගැටලුවේ වැඩි විස්තර පහත පරිදි ය. ජනවාරි මාසයේ ඉතාම ශීතල දවස්වලින් එකක කොවේ මහතා ෆ්‍රෙඞ්රික් ව දර තොගයක් ගෙන ඒම සඳහා කැලයට යැව්වේය. නුපුරුදු ගවයන් රංචුවක් ද ඔහු ෆ්‍රෙඞ්රික් හට දුන්නේය. මදක් හීලෑ ගොනුන් කවුරුන්ද සහ හීලෑ නැති ගොනුන් කවුරුන්ද යන්න ඔහු ෆ්‍රෙඞ්රික් හට කීවේය. ඉන්පසු විශාල කඹයක් ගෙන එය ගොනුන්ගේ අං වටා එතූ ඔහු, එහි අනෙක් කොණ ෆ්‍රෙඞ්රික් අතට දී කීවේ, ගොනුන් දිවයන්නට පටන්ගතහොත් ඔහු ඉතා තදින් කඹය අල්ලාගෙන සිටිය යුතු වන බවයි. ෆ්‍රෙඞ්රික් මෙයට පෙර කිසිදා ගොන් කරත්තයක් එළවා නොතිබූ අතර, ඇත්ත වශයෙන්ම එය ඔහුට ඉතාම නුහුරු විය. කෙසේ නමුත් කැලයේ අද්දරට වන තෙක් මද අපහසුතාවයකින් යුතු ව ගොන් කරත්තය ගෙන ඒමට ෆ්‍රෙඞ්රික් සමත් වුවද, වනයේ මදක් දුර යන විට ගොනුන් බියපත් වූයෙන්, ඇළ වී තිබූ කරත්තය ගස් අතරින් ඇදගෙන යමින්- අතිශයන් ම කුලප්පු වී දඟලන්නට පටන් ගත්හ. ගස්වල වැදී සිය මොළය එළියට විසිවෙනු ඇතැයි ෆ්‍රෙඞ්රික් සෑම මොහොතකම අපේක්ෂා කළේය. මෙයාකාරයෙන් සැලකිය යුතු දුරක් දිවයාමෙන් පසුව ගොනුන් කරත්තය පෙරළාගත්තේ ගසක හිරවී තිබූ කරත්තය වැරෙන් ඇදීම නිසා ය. එයින් සිදුවූයේ ගොනුන් ගන කැලෑ රොදකට විසි වී යාමයි. ෆ්‍රෙඞ්රික් මරණයෙන් ගැළවුණේ කෙසේදැයි දෙවියෝ පමණක් දනිති. මේ අවස්ථාවේදී ෆ්‍රෙඞ්රික් ගන කැලයක තනි වී සිටියේය. දැඩි සේ වෙහෙස වීමෙන් පසුව කරත්තය කෙළින් අතට හරවා ගැනීමට ඔහු සමත් විය. සී සී කඩ ගොස් සිටි ගොනුන් ද නැවතත් කරත්තයට ඈඳා බඳින ලදී. ඉන්පසු ගෙදර යන්නට පටන් ගත්තේය. මේ වන විට දවසින් භාගයක් ම ගෙවී ගොස් ය.

Constitutional Rights Foundation

ආපසු ගිය ඔහු සිදුවූයේ කුමක්ද යන්නත් එය සිදුවූයේ කෙසේද යන්නත් කොවේ මහතා හට කීය. කොවේ මහතා නියෝග කළේ වහාම නැවත කැලයට යන ලෙසය. ෆ්‍රෙඞ්රික් එසේ කළ විට ඔහු ද පසුපසින් පැමිණ, කරත්තය නතර කරන්නැයි කීය. දැන් ඔහු, නොසැලකිලිමත් කමට සහ සිය ගේට්ටු ගොනුන් විසින් බිඳ දැමීම සඳහා පාඩම ෆ්‍රෙඞ්රික් හට උගන්වනු ඇත. ඉන්පසු විශාල ලාටු ගසක් වෙත ගිය ඔහු, සිය පොරොවෙන් විශාල අතු තුනක් කපා දමා ඒවා සිය පෑන් පිහියෙන් ඉතා පිළිවෙළට සූරා දැමීමෙන් අනතුරුව, ඇඳුම්

ගළවා දමන්නැයි ෆ්‍රෙඞ්රික් හට නියෝග කළේය. ෆ්‍රෙඞ්රික් එයට ප්‍රතිචාර නොදැක්වූ අතර ඇඳුම් නොගළවා සිටියේය. කොවේ නැවතත් එම නියෝගයම කළේය. ෆ්‍රෙඞ්රික් තවදුරටත් එය නෑසුණා සේ ඇඳුම් උනා නොදමා සිටියේය. මේ නිසා කොටියෙකුගේ බිහිසුණු කමෙන් යුතුව ෆ්‍රෙඞ්රික් මතට කඩා පිනූ ඔහු, රිකිලි කෝටු තුන කැඩෙන තෙක් ම ෆ්‍රෙඞ්රික් ව මස්කෝටු කළේ, එයින් බොහෝ කලක් යන තෙක් නොමැකෙන කැළැල් ලකුණු ඇති කරමිනි. මේ මස්කෝටු කිරීම, ඒ හා සමාන වරද සම්බන්ධයෙන් ලබාදුන් එවැනි දඬුවම් මාලාවක පළමුවැන්න විය.

ෆ්‍රෙඞ්රික්, කොවේ මහතා සමග එක් අවුරුද්දක් ජීවත් විය. ඒ වසරේ පළමු මාස හය තුළ ඒ ආකාරයට මස්කෝටු නොකර හෝ කස පහර නොදී එක් සතියක් හෝ ගත වූයේ නැත. මේ පහරදීම්වලට කොවේ දැක්වූ නිදහසට කරුණ වූයේ ෆ්‍රෙඞ්රික්ගේ නොගැළපෙන නුහුරු කමයි.

කොවේ මහතා වහලුන් ට ඇති තරම් කන්නට දුන් නමුත් කෑම ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් වේලාව නුදුන්නේය. කෑම ගැනීම සඳහා ඔවුන්ට නිතරම ලැබුණේ මිනිත්තු පහකට අඩු කාලයකි.

7 වන කොටසින් හමුවෙමු.

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

10 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

14 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

22 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

23 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 days ago