රුමේනියානු අගනුවර වන බුකාරෙස්ට්හි ඊයේ(29)දිනයේදී විවිධ රටවල් නියෝජනය කරන නේටෝ ඇමතිවරු අමතමින්, නේටෝහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රුසියාවට චෝදනා කර ඇත්තේ “ශීත කාලය,රුසියාව විසින් යුද අවියක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන” බවටයි.
රුසියාව යුධ පිටියේදී දිගින් දිගටම අසාර්ථක වෙමින් පවතින බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දැන් සිවිල් ඉලක්කවලට, නගරවලට පහර දීම අරඹා ඇති බැවින් මහලේකම්වරයා මෙහිදී සිය සාමාජික රටවලින් ඉල්ලා සිටියේ, රුසියාවේ බල ශක්ති යටිතල ව්‍යුහය නැවත යථා තත්වයට පත්කර ගැනීමට යුක්රේනයට අවශ්‍ය ආධාර ලබා දෙන ලෙසයි.
රුසියාව විසින් යුක්රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන බලාගාර විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇත. එබැවින් මේ වන විට යුක්රේනුවන් මිලියන සංඛ්‍යාත පිරිසක් විදුලිය, ජලය නොමැතිව ශීත සෘතුවක් ගෙවමින් සිටියි. ඒ අනුව ස්ටෝල්ටන්බර්ග් කියෙව් සඳහා තවත් ආයුධ සහ බලය, තාපය යථා තත්වයට පත් කිරීමට උපකාරී වන උපකරණ ලබා දෙන බවට මෙහිදී පොරොන්දු වී ඇත.
ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට පහර දීම හෝ ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යුද අපරාධයක් ලෙස අර්ථ දැක්විය හැකි හෙයින් යුක්රේනය මාස ගණනාවක් තිස්සේ නේටෝවෙන් වඩාත් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති ඉල්ලා සිටීයි. නේටෝ විදේශ ඇමතිවරුන්ගේ දෙදින රැස්වීමට එක් වු යුක්රේනයේ විදේශ ඇමති ඩිමිට්‍රෝ කුලේබා දියුණු වේගවත් ගුවන් ආරක්ෂක පද්ධති වහාම සපයන ලෙස ඉල්ලා තිබේ.
කෙසේ නමුත් මෙම සියලුම චෝදනාවන් රුසියාව විසින් ප්‍රත්ක්ෂප කර තිබේ.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…