ලොව යන අත

වමත්කරුවන් අඩවිය තවමත් අඳුරේ ය!

වමත හුරුවූවන් ගැන සමාජය තුළ පවතින්නේ එතරම් පැහැදිලි ආකල්පයක් නොවේ. සමහරුන්ගේ මතයේ හැටියට වමත් හුරුව අවලස්සන පමණක් නොව අප්‍රසන්න වූ ද දෙයකි. තවත් අය වමත්කරුවන්ව දුටුවේ විකෘතිකයන් පිරිසක් එහෙමත් නැත්නම් කොහෝ හෝ සිදු වූ වරදකට මැදිවුණු පිරිසක් හැටියට ය. මෙවැනි මත නිසා වමත හුරුවූවන් වෙත සමාජයේ බහුතරයකගෙන් එල්ල වූයේ දැඩි විමසුමකි. ඒ විමසුම, යට කී අන්දමෙන් ඍණාත්මක ආරෝපණයක් ලබා තිබීම වමත්කරුවන්ට එක් අතකින් එල්ලවුණු සියුම් පීඩනයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන. කෙනෙකුට වමත් හුරුවත් තවත් කෙනෙකුට දකුණත් හුරුවත් ඇති වන්නේ කෙසේද යන්න ගැන විද්‍යාඥයන් තුළ පවා අවධිවීමක් ඇති වුණේ වමත්කරුවන් ගැන සාමන්‍ය සමාජයේ පැවැති අවිද්‍යාත්මක නන් වැදෑරුම් මත නිසයි.

එක් දහස් නවසිය අනූව දශකයේ මුල භාගයේදී කැනඩා විද්වත්හු පිරිසක් වම හුරුවූවන් ගැන පර්යේෂණයක් පැවැත්වූහ. එම පර්යේෂකයන් කියා සිටියේ වයස අවුරුදු 40හිදී ගැබිණි තත්ත්වයට පත් කාන්තාවන් ලබන දරුවන් වමත්කරුවන් වන්නට සාපේක්ෂව වැඩි සම්භාවිතාවයක් පවතින බවකි. එවැනි ගැබිණියන් වමත් හුරු දරුවන් ලබන්නට ඇති සම්භාවිතාව, තරුණ වියේ පසුවන ගැබිණියක් වමත් හුරු දරුවන් ලබන්නට ඇති සම්භාවිතාව මෙන් දෙගුණයක් බැව් ඒ විද්වත්හු පෙන්වා දුන්නහ. එවැනි තත්ත්වය ඇති වන්නේ වයස අවුරුදු හතළිස් ගණන්වල පසුවන ගැහැණුන් දරු ප්‍රසූතියේදී ලබන ආතතිය වැඩි නිසා යැයි කියා අනුමාන කෙරිණ. ඒ බව තහවුරු කළ හැකි නිදසුන් කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ මව්වරුන් ඇසුරෙන් සොයාගත හැකි බවත් එම පර්යේෂකයෝ කියා සිටියහ.

එක්දහස් නවසිය අසූ ගණන්වල සිට කෙරී ඇති අධ්‍යනවලින් කියැවෙන්නේ මතු කී පර්යේෂණයෙන් අනාවරණය කරගත් කාරණාවන්ට හාත්පසින්ම වෙනස් කාරණාවන් ය. දරුවකු උපත ලබන්නට පළමුව එම දරුවාගේ වමත් හුරුව හෝ දකුණත් හුරුව හෝ තීරණය වන බව එම අධ්‍යනවල නියැලුණු පර්යේෂකයෝ පෙන්වා දුන්හ. ඔවුන් මේ බව පැහැදිලි කළේ මව් කුස වැඩෙන දරුවන් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණවලට ලක් කර ලබා ගත් තොරතුරු ඇසුරෙනි. එම පරීක්ෂණයන්ට ලක් කර තිබුණේ පිළිසිඳ ගැනීමකින් සති අටක් පමණ ඉක්ම ගිය කළලයි. දරුවා, මව් කුස ගෙවන 13 වන සතියේදී ඔහු හෝ ඇය හෝ තම වමතෙහි හෝ දකුණතෙහි හෝ මහපට ඇඟිල්ල උරන්න පටන් ගන්නා බව පර්යේෂකයෝ පවසති. මව් කුස වැඩෙන දැරුවා වම් මහපට ඇඟිල්ල උරන්නට තෝරා ගෙන ඇත්නම් ඔහු හෝ ඇය හෝ වමත්කරුවකු වන බැව් එම පර්යේෂණවලින් නිගමනය කෙරිණ. මව් කුස වැඩෙන දැරුවා දකුණු මහපට ඇඟිල්ල උරන්නට තෝරාගෙන ඇත්නම් ඔහු හෝ ඇය හෝ අනාගතයේදී දකුණත්කරුවකු වන බවත් එම අධ්‍යනවලින් කියැවුණේ ය.

දරුවාගේ ජාන මඟින් ඔහුගේ වමත් හෝ දකුණත් හෝ හුරුව තීරණය කෙරෙන්නේ යැයි පසු කාලයකදී මේ පිළිබඳ සොයා බැලීම් කළ විද්වත්හු පිරිසක් පැවසූහ. ඒ අනුව එය සිදුවන්නේ ජානමය වෙනස්කම් අනුව මොළයෙහි දකුණු අර්ධයේ හෝ වම් අර්ධයේ හෝ සිදුවන ක්‍රියාකාරීත්වය මතය. පසුගිය වසරේදී ඊලයින් ජර්නලයෙහි පළ වූ වාර්තාවකින් කියැවුණු කරුණු හේතුවෙන් මේ මතය තවදුරටත් සත්‍ය නොවන බැව් තහවුරු විණ. ඊලයින් වාර්තාවෙහි සඳහන් වන අන්දමට භ්‍රෑණයක මොළය සහ සුෂුම්නාව අතර ඇතිවන සම්බන්ධතාවයක් හේතුවෙන් දකුණත්භාවය හෝ වමත්භාවය හෝ කෙනෙකු තුළ පසු කලෙක පිහිටයි. කිසියම් කෙනෙකුගේ බාහු චලනයන්, ආරම්භ වන්නේ මොළයෙහි චාලක බාහිකය (Motor Cortex) නමැති ප්‍රදේශයෙනි. මේ ප්‍රදේශයෙන් සුෂුම්නාවට සංඥා නිකුත් වේ. බාහු සහ ගාත්‍රා ආදියෙහි චලනයන් ඇතිවන්නේ එම සංඥාවල අඩංගු පණිවුඩය පෙරළා ගැනීමෙන් අනතුරුවයි. පර්යේෂකයන් දක්වන ආකාරයට මවගේ ගර්භාෂයෙහි වැඩෙමින් පවතින සති පහළොවක් පමණ වයසැති භ්‍රෑණයක චාලක බාහිකය සහ සුෂුම්නාව අතර සම්බන්ධතාවයක් දැකිය නොහැකි ය. එසේ වුවත් එම භ්‍රෑණයෙන් ඇතිවන දරුවා වමත හුරු දරුවකු ද එසේත් නැත්නම් දකුණත හුරු දරුවකුද යන්න ඒ වනවිටත් තීරණය වී අවසන්ව ඇත. එහි අදහස අනෙකක් නොව, මොළය, දේහයෙහි පාලනය ආරම්භ කරන්නටත් පළමුව භ්‍රෑණයේ චලන පටන්ගෙන ඇති බවකි; එමෙන්ම හුරුව දකුණත් ද නැත්නම් වමත් ද යන්නත් නිශ්චය වී ඇති බවකි. 8 වන සතියේ සිට 12 වන සතිය දක්වා වූ කාලයේදී භ්‍රෑණයේ සුෂුම්නාව ආශ්‍රිත කොටසට ජානවලින් ඇති කෙරෙන බලපෑම කවක්ද යන්න පර්යේෂකයන් විශ්ලේෂණය කර ඇත. එහිදී ඔවුන්ට තහවුරු වී තිබෙන්නේ ගාත්‍රා සහ බාහු චලන පාලනය කරන සුෂුම්නා ඛණ්ඩයේ වම් සහ දකුණු පැති අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි බවකි. එනම්, එම ඛණ්ඩයේ අසමමිතික බවක් පවතින්නේය යන්නයි. එම අසමමිතික බව අපිජනකමය එකක් බවත් පර්යේෂකයන් තහවුරු කරගෙන ඇත. එනම්, ජාන ප්‍රකාශනයෙහි ඇතිවන වෙනස්කම්, ජීවියාට බලපාන අන්දමයි. එවැනි වෙනස්කම් ඇති වන්නේ පාරිසරික බලපෑම් මත බවත් ඒවා කළලයක වර්ධනයට බලපාන බවත් සඳහන් වේ. මෙකී ජාන ප්‍රකාශනයෙහි ඇතිවන වෙනස්කම්, සුෂුම්නාවේ වම් සහ දකුණු ඛණ්ඩවලට ඇති කරන්නේ එකිනෙකට වෙනස් බලපෑම්ය. එහි ප්‍රතිඵලයක් හැටියට වමත්කරුවන් හෝ දකුණත්කරුවන් හෝ ඇතිවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

කිසියම් සමාජයක අපට වැඩිපුර දැකිය හැකි වන්නේ දකුණතින් වැඩ කරන්නට හුරුවූවන් මිස වමතින් වැඩ කරන්නට හුරුවූවන් නොවේ. මේ තත්ත්වය පැහැදලි කර ගැනීම සඳහාත් විද්‍යාඥයෝ බොහෝ වෙහෙස වෙති. ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත්-වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක් මේ සඳහා වරක් ගණිතමය ආකෘතියක් නිර්මාණය කළහ. මේ ආකෘතියෙන් උක්ත කාරණය පැහැදලි කෙරුණේ මානව පරිණාමය සමඟ බද්ධ වුණු කාරණයක් හැටියටය. සහයෝගිතාව සහ තරගය අතර සමතුලනයක් ඇතිවීම සඳහා එවැනි තත්ත්වයක් අවශ්‍ය බැව් එම ආකෘතිය වර්ධනය කළ විද්වත්හු කියා සිටියහ. වමත් හුරුව සහ දකුණත් හුරුව පසුපස ජානමය කාරණාවක් තිබිය හැකි වුවත් නියත වශයෙන්ම සමාජීයමය සාධකයක් නම් තිබෙන බව ඔවුන්ගේ මතය විණ. “සමාජමය සත්ත්වයකු වීම වැඩිවන විට සහයෝගිතාවට ඉතා ඉහළ අගයක් හිමි වේ; එවිට සාමාන්‍ය ජනගහනය එක් පසෙකට නැඹුරු වේ.” යනුවෙන් නෝර්ත්-වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය ඩැනියෙල් ඒබ්‍රම්ස් පවසයි.

“… ඵලදායි සමාජයක් සඳහා වැදගත්ම සාධකය වන්නේ ඉතා ඉහළ පරිමාණයේ සහයෝගිතාවක්. … එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මිනිසුන් තුළ දකුණත්කරුවන් බහුතරයක් හිඳීමයි. …”

සමහර මිනිසුන් දකුණත් හුරු අය වන්නටත් තවත් සමහර අය වමත් හුරු අය වන්නටත් හේතුව කුමක්ද යන්න විද්‍යාවෙන් විසඳා ගැනීම තවමත් අසීරු වී ඇත. එසේ වුවත් අපට අමතක කරන්නටම බැරි ප්‍රධාන කාරණයක් ඇත. එනම් ලෝක ජනගහනයේ 10%ක්ම වමත්කරුවන්ය යන්නය.

ඡායාරූප

http://www.iflscience.com/editors-blog/scientists-think-

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

15 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

17 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

17 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

18 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago