එසැණ පුවත්

ඔස්ට්‍රේලියා අගමැති අනූනවයෙන් බේරෙයි!

මෙය සිදුවුණේ කැන්බරා නුවරදී සිදුකළ හදිසි ඡන්ද විමසීමක් ලෙස ය.

අභියෝගය පැමිණියේ Malcolm Turnbullගේම ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් (Peter Dutton) වෙතිනි.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, පක්ෂ නායකයා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම සුදුසුදැයි ගතවූ දින කිහිපය තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබුණේ ඔහුගේ ජනප්‍රියත්වය ප්‍රශ්නගත වීමත් සමග ය. ප්‍රධාන පෙළේ දේශගුණික ප්‍රතිපත්ති වෙනසක් සම්බන්ධයෙන් කොන්සවේටිව් පක්ෂයෙන් ඔහුව දැඩි විවේචනයට ලක් වූ අතර, සඳුදා දිනයේ සැලසුම් කර තිබූ පරිදි ආණ්ඩුවේ කටයුතුවල නිරත වීමට ද ටර්න්බුල් අසමත් ව සිටියේය. ක්වීන්ස්ලන්තයේ අතුරු මැතිවරණ ගණනාවකින් ද ගතවූ ගත වූ කාලය තුළ ඔහුගේ ලිබරල් පක්ෂය එක දිගටම පරාජය ලබා තිබිණි. එසේම ලබන වසරේ මැයි මාසයට පෙර පැවැත්වීමට නියමිතව ඇති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ද, ටර්න්බුල්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි පරාජයක් අත් වනු ඇතැයි පක්ෂය තුළින්ම ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ නමුත් කැන්බරා නුවර අද දිනයේ පැවති පක්ෂ රැස්වීමේදී මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජනා වූයේ රැස්ව සිටි අයට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ය.

පක්ෂයේ මීළඟ නායකත්වය හෝ ටර්න්බුල්ගේ අභියෝගය ලෙසින් හඳුනාගෙන තිබුණේ අභ්‍යන්තර කටයුතු ඇමති ඩුටන් ය.

අවසානයේ ලිබරල් පක්ෂ නායකයා 48-35 ක් වශයෙන් හදිසි ඡන්දය ජය ගත්තේය.

කෙසේ නමුත් අද දිනයේ ජනප්‍රිය ඡන්දය අහිමි වීමෙන් පසු, තවදුරටත් සිය ධුරයේ කටයුතු කරන ලෙසට ටර්න්බුල් ඔහුට ඇරයුම් කළේය.

නමුත් ඩුටන් වහාම සිය කැබිනට් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පසු පෙළ අසුන් ගත්තේය.

Peter Dutton (R) has stepped down as Home Affairs Minister | BBC

කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි පක්ෂ නායකත්ව අර්බුදය තවම අවසන් නැත. ටර්න්බුල් හට ලැබී ඇත්තේ වැඩි ඡන්ද 13 ක් පමණි. හිටපු ඇමති ඩුටන් විසින් නැවත වරක් ටර්න්බුල් හට අභියෝග කිරීමට ඉඩ ඇති බව ද පැවසේ. කැබිනට් වගකීම්වලින් තොර හෙයින් දැන් ඔහුට වඩාත් නිදහසේ පක්ෂය තුළ කටයුතු කිරීමට ද ඉඩ ලැබේ.

‘‘මගේ රාජකාරිය වන්නේ අපි හැම කෙනෙක්ම සමගි වී එකට වැඩ කිරීම සඳහා කළ හැකි හැම දෙයක්ම කිරීමයි“ යැයි අගමැති මැල්කම් ටර්න්බුල් මේ සිදුවීමෙන් පසුව පැවසීය.

ගතවූ දශකය තුළ ඔස්ට්‍රේලියානු දේශපාලනය නායකත්වය පිළිබඳ කුමන්ත්‍රණ රැසකින් දෙදරුම් කෑවේය. පක්ෂයේම සාමාජිකයන් විසින් මෙම කාලය තුළ ධුරයේ රැඳී සිටි අගමැතිවරුන් තිදෙනෙකුට ධුරයන් අහිමි කර තිබේ. හිටපු අගමැති ටෝනි ඇබොට් ද මෙයට අයත් ය. එසේම ලේබර් අගමැතිවරුන් වූ කෙවින් රඩ් සහ ජුලියා ගිලාඩ් ට ද මෙම අභියෝගය නිසා නියමිත කාලය සම්පූර්ණ කිරීමට පෙර ගෙදර යාමට සිදුවිය.

මේ නිසා ඇතැම් විචාරකයෙකුට අනුව ඔස්ට්‍රේලියාව හැඳින්වෙන්නේ ‘ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ කුමන්ත්‍රණ අගනගරය‘ (Coup capital of the democratic world) වශයෙනි.

එසේම මෑත කාලයේ කිසිදු ඔස්ට්‍රේලියානු අගමැතිවරයෙක්, සිය සම්පූර්ණ ධුර කාලය වන වසර 3 සම්පූර්ණ කිරීමට ද සමත් වූයේ නැත.

එක්සත් රාජධානිය තුළ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ද අගමැතිවරයා ජනතා ඡන්දයෙන් තේරී පත් නොවේ. ඒ වෙනුවට පක්ෂයක හෝ සන්ධානයක නායකයා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට සමත් වන විට ඔහු අගමැතිවරයා වශයෙන් පත් කර ගනියි.

මැල්කම් ටර්න්බුල් ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා බවට පත්වූයේ 2015 වසරේදී ටෝනි ඇබොට් මෙම නායකත්ව අභියෝගයෙන් පරාජය වීමත් සමග ය.

ඔස්ට්‍රේලියාව පිළිබඳ තවත් පුවත් මෙතැනින්

 

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 hour ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

10 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

10 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago