ලොව යන අත

ලෝකයෙන් 1/4කට ව්‍යායාම මදි!

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් එනම් බිලියන 1.4 ක ලෝක ජනගහනයක් කිසිදු ව්‍යායාමයක් නොමැතිව සිය ජීවිත ගත කරති.

ව්‍යයාම අවම ජීවිත ගත කිරීම හේතුවෙන් ලෝකයේ වැඩි පිරිසක් මේ වන විට හදවත් රෝග , ටයිප් 2 (දෙවන ගණයේ) දියවැඩියාව, පිළිකා යනාදී රෝග තත්වවලට ක්‍රම ක්‍රමයෙන් මුහුණ දෙමින් සිටිති.

මේ අතරින් ව්‍යයාම අඩු ජනතාවක් ජීවත් වන රටවල් අතරින් වැඩිම ප්‍රමාණයක් සංවර්ධිත රටවල් ය.

ආසියාතික රටවල කාන්තවන්ගේ ව්‍යායාම අඩුකම කෙරෙහි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ. එහිදී අනාවරණය වන්නේ දවසෙන් වැඩි කාලයක් වාඩි වී සිටීම හෙවත් අසුන්ගත වී සිටීම මෙයට හේතුව වන බවයි.

ලෝකයේ රටවල් 168ක මිලියන 1.9ක ජනාතාවකගෙන් ලබා ගත් තොරතුරු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
https://www.thelancet.com/journals/langlo/article/PIIS2214-109X(18)30357-7/fulltext

මෙම සමීක්ෂණ වාර්තාවට අනුව එංගලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය වැනි ඉහළ ආර්ථිකයක් ඇති රටවල්වල ක්‍රියාශීලී නොවන පුද්ගලයන්ගේ වැඩිවීම 2001 වසරේ සිට මේ දක්වා සියයට 32 සිට 37% දක්වා ඉහළ ගොස් ඇත. නමුත් පහළ ආර්ථිකයක් ඇති රටවල්වල එම තත්ත්වය 16%ක් ලෙස ස්ථාවර මට්ටමක පවතී.

මේ අතර දකුණු ආසියාව සහ මධ්‍යම ආසියාතික රටවල් හි මෙන්ම මැදරෙදිග රටවග් සහ ඉහළ ආර්ථිකයක් ඇති බොහෝ රටවල් කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි ක්‍රියාශීලීත්වයක් පෙන්වයි.
සමීක්ෂකයින් පෙන්වා දෙන පරිදි මෙම තත්වයන්ට හේතු වී ඇත්තේ එම රටවල්වල කාන්තාවන් වෙත දරුවන් පිළිබඳ අමතර කාර්යභාරයක් පැවරී තිබීමයි. කෙසේ නමුත් ඇතැම් සංස්කෘතික රටාවන් විසින් කාන්තාවන්ගේ ව්‍යායාමවලින් පිරිපුන් ජීවන රටාව අධෛර්යමත් කරන බව ද මේ සමගම පෙන්වා දී තිබේ.

ඊට අමතරව පොහොසත් රටවල පෞද්ගලික ප්‍රවාහනයන් පැවතියද හිඳගෙන සිට රැකියාව කිරීමේ අවස්ථා වැඩි වීමද නිසා මෙලෙස ක්‍රියාශීලී බව අඩුවී ඇත.

මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවල දැකගත හැකිවන්නේ සාපේක්ෂව අඩුවෙනි. එනම්, කාන්තාවන් පොදු ප්‍රවාහන සේවය හෝ පයින් ඇවිද ගෙන යාම සිදු කිරීම නිසා ඔවුන්ගේ ක්‍රියාශීලීත්ව ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වයන් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැළසුම් කළ අයුරින් වසර 2025 වන විට අක්‍රියාශීලීභාවය සියයට 10කින් අඩුකිරීමේ ඉලක්කය වෙත යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

12 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

14 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

14 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

14 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

16 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

20 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago