නයිජීරියාවේ සෞඛ්‍ය නිලධාරීන් ක්ලෝරෝක්වීන් පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇත්තේ එරට පුද්ගලයින් තිදෙනෙකු මෙම ඖෂධය අධි මාත්‍රාවෙන් භාවිතා කර අසනීප තත්වයට පත් වීම හේතුවෙනි.
ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙක් පැවසුවේ ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිතා කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නිලධාරීන් ප්‍රකාශයක් නිකුත් කළේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා බලවත් ඖෂධයක් වන ක්ලෝරෝක්වීන් ආහාර හා ඖෂධ පරිපාලන අමාත්‍යංශය විසින් අනුමත කර ඇති බවයි.
ට්‍රම්ප් විසින් මෙම ඖෂධය අනුමත කිරීම සමග නයිජීරියානුවන් අතර උනන්දුව වැඩි වූ අතර එම ඖෂධය තොග පිටින් ගබඩා කිරීමට උනන්දුවක් දැක්වූවීම හේතුවෙන් එහි විකිණුම් මිලද සීඝ්‍රයෙන් ඉහළ යන්නට විය.
එක් මිනිසෙක් පැවසුවේ ලාගෝස් ප්‍රධාන භූමියේ පිහිටි ඔහුගේ නිවස අසල පිහිටි ෆාමසියක ක්ලෝරොක්වීන් මිල මිනිත්තු කිහිපයකින් 400% කට වඩා වැඩි වූ බවයි. “මුල් මිල නයිරා 200 ක් , පසුව එය නයිරා 500 ක් (ඩොලර් 1.38 ක්) සහ පසුව මම එහි සිටියදී ම නයිරා 1,000 ක් (ඩොලර් 2.77 ක්) බවට පත්වුණා,” ඔහු පැවසීය.
ලාගෝස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යංශය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “කොරෝනා ආසාදනය වැළැක්වීමට හෝ කළමනාකරණය කිරීමට ක්ලෝරෝක්වින් ඵලදායී බවට කිසිදු සාක්‍ෂියක් නොමැති” බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…